Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

දෝෂ පණිවිඩ පිටපත් කිරීම


පරිගණකයේ වැඩක් කරමින් සිටින විට මතුවන දෝෂ පණිවිඩ ඉතාමත්ම ලොකු කරදරයක්. මෙවන් අවස්ථාවක ඔබ එතරම්ම තාක්ෂණික පුද්ගලයෙකු නොවෙයි නම් ඒ දෝෂ පණිවිඩය කොපි කර තබාගැනීම අවශ්‍ය වන්නට පුළුවන්. නමුත් ඉතාමත්ම දිග වූ අකුරු අංක පිරුණු දෝෂ පණිවිඩයක් පිටපත් කරගැනීම ලේසි වැඩක් නොවෙයි නේද? නමුත් ඒ සඳහා පහසු ක්‍රියාමාර්ගයක් තිබෙනවා. එම දෝෂ කවුළුවක් මතු වූ විට සාමාන්‍ය පිටපත් කිරීම සඳහා යොදාගන්නා Ctrl+C ඇතුල් කරන්න. එම දෝෂ පණිවිඩයේ සියළු තොරතුරු ක්ලිප්බෝඩ් එකට පිටපත් වී හමාරයි. (මෙය වින්ඩෝස් 2000 වල පටන්ම තිබුණු විශේෂාංගයක්ලු. කවුද දන්නේ?)

(ලයිෆ්හැකර් හරහා)

Posted on 14 June '07 by Malinthe Samarakoon, under Uncategorized.