Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

විවෘත කිරිමේ කවුළු‍ව මගින් ගොනු වර්ග තේරීම

විවිධ ගොනු වර්ග විශාල සංඛ්‍යාවක් පිරුණු බහාලුමකින් එක් වර්ගයක ගොනු තේරීම ලේසි පහසු කටයුත්තක් නොවන්නටත් ඉඩ තිබෙනවා. අවශ්‍යනම් ගොනු වර්ග තේරීමේ Dropdown ලැයිස්තුව මගින් තේරීම කළ හැකි වුවත්, ඊටත් වඩා පහසු ක්‍රමයක් තිබෙනවා. කළ යුතු වන්නේ asterisk සලකුණක් (වින්ඩෝස් වලදී වයිල්ඩ්කාඩ් ලෙස යොදාගැනෙන *) ටයිප් කර අවශ්‍ය ගොනු වර්ගයේ extension එක ටයිප් කර එන්ටර් කිරීම පමණයි. උදාහරණයක් ලෙස ඔබ *.png ටයිප් කර එන්ටර් කළහොත් ඔබට යම් බහාලුමක තිබෙන පින්ගා ගොනු වෙන්කරගත හැකියි.
තවත් දුර මෙය ගෙනයනවානම් යම් ‍ගොනුවක තිබෙන නමෙන් කොටසක් පවා asterisk එකක් යොදා ගනිමින් වෙන්කරගත හැකියි. උදාහරණයක් ලෙස *trip* යන්න සටහන් කළහොත් Trip යන වදන තිබෙන සියළුම ගොනු වෙන්කරගත හැකියි. මෙය වින්ඩෝස් වල පැවති පහසුකමක් වුවත්, දැනගන්නට ලැබුණේ ලයිෆ්හැකර් මගිනුයි :D

(ලයිෆ්හැකර් හරහා)

Posted on 20 June '07 by Malinthe Samarakoon, under Uncategorized.


One Comment to “විවෘත කිරිමේ කවුළු‍ව මගින් ගොනු වර්ග තේරීම”

#1 Posted by Anandawardhana (21.06.07 at 04:04 )

ඔබ පසුගිය සටහන් කීපය ඔස්සේ ම ගෙන ආ මේ ආකාරයේ තොරතුරු සියල්ල මට හරිම ප්‍රයෝජනවත් වුණා. තවත් බොහෝ අයට එසේ වෙන්න ඇති :-) මේවා තියෙන බව කවුද දන්නෙ? ඒ නිසා ස්තුතියි!