ජංගම දුරකථන: ගන්නට පෙර ට්‍රයි කරන්න TryPhone | Mobile Phones: Try before Buy
අලුතෙන් මොබයිල් එකක් ගන්නද සූදානම? ගන්න කලින් ට්‍රයි කරන බැලුවොත් හොඳ නැද්ද? ගත්තට පස්සේ පසුතැවෙන්නෙ නැතුව ඉන්න නම් ෆෝන් එක ට්‍රයි කරන එක ගොඩක් හොඳයි. ෆෝන් ෂොප් එකට නොයා ෆෝන් එකක් ට්‍රයි කරන්න හොඳම තැනක් ගැනයි මේ කියන්නට සූදානම. TryPhone: අන්තර්ජාලය මගින් ජංගම දුරකථන භාවිතා කරන්නට සැදුණු නවතම අඩවියයි. සම්පූර්ණයෙන්ම අන්තර්ක්‍රියාකාරී ජංගම දුරකථන රැසක් පාවිච්චි කර බලන්නට මෙමගින් හැකියාව ලැබෙනවා. දැනට නම් ඇත්තේ දුරකථන කිහිපයක් පමණයි. Apple iPhone, LG Muziq, Samsung Juke හා BlackBerry Pearl වර්ග පමණයි. ඒත් සතිපතා නව දුරකථනයක් බැගින් එක්කරන බවටයි ආරංචිය. මෙය තවමත් බීටා සංස්කරණයක්. උත්සාහ කර බලන්න. [TryPhone]
ලයිෆ්හැකර් මගිනි.
Leave a Comment