Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ලිනක්ස්, වින්ඩෝස් සහ මගේ භාවිතය | Linux, Windows and my usage

ඉතින්, ගොඩ දවසකින් මේ ලියන්න පටන් ගත්තේ. මේ දවස් වල නම් උබුන්ටු වලම තමයි වැඩ කරන්නේ. හිතාගන්නවත් බෑ වින්ඩෝස් පාවිච්චි කරන්න නොහිතෙන බව. මේ දවස් ටිකට බොහොම සුළු වැඩ කීපයකට විතරයි වින්ඩෝස් බූට් කළේ. ඇත්තටම මම කවදාවත් හිතුවේ නැහැ ලිනක්ස් වලට මට මෙච්චර ආසා හිතෙයි කියලා :-) ඒ වුණත් මට Gnome නම් වැඩිය ඇල්ලුවේ නැහැ. හේතුව කියන්න දන්නේ නැහැ ඒක ගොඩක් හෙමින් තමයි වැඩ කරන්නේ. මම KDE උත්සාහ කර බැලුවා. ඒක නම් ගොඩක් හොඳයි වගේ දැනුනේ. Kubuntu සීඩී තැටියකුත් ඉල්ලලයි තියෙන්නේ.

උබුන්ටු පාවිච්චි කළාට තවම ස්කෑනර් එක හදාගන්න බැරිවුණා. දන්න කියන හැමෝගෙන්ම අහලා, ෆෝරම් වලින් අහලා, උබුන්ටු IRC චැනලයේ අයගෙනුත් ඇහුවා. කිසිම විසඳුමක් නැහැ. කරන්න දෙයක් නෑ ඊළඟ update එක එනතෙක් බලාගෙන ඉන්න වෙයි වගේ. අනිත් ඒවා නම් හොඳට වැඩ කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.

අනිත් ප්‍රශ්නේ සමහර මෘදුකාංග. ෆොටෝෂොප් සහ කොරල්ඩ්‍රෝ තමයි ලොකුම ප්‍රශ්නේ. Wine වලින් ට්‍රයි කරලා බැලුවා - අසාර්ථකයි. Virtualbox දාලා ට්‍රයි කළා. ඒක නම් එච්චරටම වරදක් නෑ. ඒත් ඉතින් හාඩ් ඩිස්ක් එකේ ඉඩ මදි හින්දා ආයෙමත් අයින් කළා. (මා ගාව 40යි තියෙන්නේ)

පොඩි කැමරාවකුත් හම්බවුණා. Olympus FE-100 එකක්. පරණයි. වැඩිය වැඩ කෑලි නැහැ. ඒත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ. දැන් ඉතින් බ්ලොග් එක ලියනකොට පින්තූරයක් දෙකක් දාගන්නත් බැරියැ? :-) ඒකෙන් ගත්තු පින්තූර කීපයක් මගේ deviantART පිටුවට දාලා තියෙනවා.

Posted on 14 January '08 by Malinthe Samarakoon, under Uncategorized.


3 Comments to “ලිනක්ස්, වින්ඩෝස් සහ මගේ භාවිතය | Linux, Windows and my usage”

#1 Posted by රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) (14.01.08 at 13:39 )

Gnome, KDE වලට වැඩිය හොඳයි කියල තමයි මගේ අදහස, ග්නෝම් අනිවාර්‍යයෙන්ම කේ.ඩී.ඊ. වලට වඩා වේගවත් බව තමයි, මගේ විශ්වාසය.

ෆොටෝෂොප් වෙනුවට GIMP පාවිච්චි කළේ නැද්ද? coral draw වෙනුවට inkscape පාවිච්චි කරන්න පුළුවන්. wine නම් හැම එකකටම වැඩ කරන්නෙ නෑ තමයි - ඒ වුණාට වින්ඩෝස් වලින් ලිනක්ස් වලට ආව වගේම - අනිත් මෘදුකාංග වලටත් ඕපන් සෝස් පාවිච්චි කරන එක අමාරු නෑ.

#2 Posted by මලින්ත සමරකෝන් | Malinthe Samarakoon (14.01.08 at 20:46 )

ගිම්ප් නම් පාවිච්චි කළා. ඇත්තටම වරදක් නෑ. ඉන්ක්ස්කේප් වල ප්‍රශ්නේ පරණ කොරල්ඩ්‍රෝ ගොනු විවෘත කරන්න බැරි එකයි. ඇත්තටම මමත් හිතුවේ (ග්)නෝම්, කේඩීඊ වලට වඩා හොඳයි කියලා. ඒ වුණත් මම කේඩීඊ පාවිච්චි කරලා බැලුවම ඒක (ග්)නෝම් වලට වඩා Resposive බව දැනුණා.

#3 Posted by චානක එස්. කීර්ති (03.10.08 at 20:05 )

මම KDE පාවිච්චි කරල නෑ. පාවිච්චි කරන්නේ උබුන්ටු. නරකම නෑ. එකම ප්‍රශ්නයයි තියෙන්නේ පරණ කොරල් ඩ්‍රෝ ගොනු විවෘත කරන්න බෑ Inkspace එකෙන්. අනික Open Office වල සිංහල ටයිප් කරන්න බෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නං කියල දෙන්න.