Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

අවුල් නැති පරිගණකයකට SpaceStation | SpaceStation for a Clean Desktop

SpaceStation

පරිගණකයේ වයර් ගොඩවල් දැක්කම පිස්සු හැදෙන්න වගේ එනවද? මේ ප්‍රශ්නේ පරිගණකය පාවිච්චි කරන හැමෝටම වගේ තියෙන ලොකු ප්‍රශ්නයක්. රට වටේට වයර් ගිහින් පැටලිලා, ඇඹරිලා… පිස්සීගේ පළා මල්ල වගේ! :roll:

SpaceStation

SpaceStation: පරිගණකයේ වයර් සියල්ලම සංවිධානය කරගන්න කියාපු උපාගංයක්. රබර් වලින් සෑදූ මේ දිග උපාංගය යට අපට අවශ්‍ය විදියට වයර් සියල්ලම ලස්සනට සකසා ගන්නට පුළුවන්. එතකොට වයර් අවුල් නැති බොහොම පිරිසිදු වටපිටාවක් සකසාගන්න එක බොහොම පහසු කටයුත්තක්. මිල ඩොලර් 79ක් පමණ වෙනවා. ලංකාවේ නම් බොහෝ විට නැතුව ඇති. ඒත් හදාගන්න පුළුවන් නම් නියම උපාංගයක්. කවුරුවත් දන්නවද ලංකාවේ ගන්න තියෙන මේ වගේ උපාංග ගැන? ලියන්න Comments තීරුවේ.

Gizmodo මගිනි.

Posted on 21 February '08 by Malinthe Samarakoon, under gadgets.