නව සිංහල බ්ලොග් අඩවියක් | New Sinhala Blog
මගේ මව 1997 පමණ අරලිය පුවත්පතට ලියූ ‘සංදීපනී’ නම් කෙටි නවකතාව දැන් බ්ලොග් අඩවියෙන් කියවන්නට පුළුවන්. http://www.malinthe.com/sandeepani වෙත යන්න.
Tips, Tricks, Tech News and Random Thoughts by Malinthe
Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.
මගේ මව 1997 පමණ අරලිය පුවත්පතට ලියූ ‘සංදීපනී’ නම් කෙටි නවකතාව දැන් බ්ලොග් අඩවියෙන් කියවන්නට පුළුවන්. http://www.malinthe.com/sandeepani වෙත යන්න.
Posted on 21 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 3 Comments.
දැන් මලින්තගේ සටහන බ්ලොගර් වෙතින් ඉවත්වී වර්ඩ්ප්‍රෙස් මගිනුයි ධාවනය කෙරෙන්නේ. ඇත්තටම ඉතින් නිකං ඉන්න බැරුවට තමයි මේ වෙනස කරන්න තීරණය කළේ. බ්ලොගර් එකට වැඩිය ගොඩක් පහසුකම් වර්ඩ්ප්‍රෙස් එකේ තියෙන නිසාත්, බ්ලොගර් Themes දැකලා දැකලා අප්පිරිය වෙච්ච නිසාත් මේ වර්ඩ්ප්‍රෙස් ප්ලැට්ෆෝම් එකට ආවා. මට මුලින්ම හිතුණේ නියමයි කියලා. පහසුකම් ගොඩක් තියෙනවා. හොඳ Themes තියෙනවා. පුදුම සන්තෝසයක්!
එකතු වෙලා ඉන්න ඉදිරියටත් මලින්තගේ සටහන සමග! ![]()
Posted on 20 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 2 Comments.

මීට පෙර ඩොලර් 79 ක මිලක් පැවති iPod Shuffle හි මිල ඩොලර් 49ක් දක්වා අඩුකිරීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. දැනට Shuffle ලබාගත හැක්කේ ගිගාබයිට් 1 ධාරිතාවයකින්. ඉදිරියේදී ගිගාබයිට් 2 ධාරිතාවයකින් තවත් මාදිලියක් නිකුත
් කිරීමටයි ඇපල් සූදානම් වන්නේ.
Posted on 19 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 1 Comment.
2. තැටි පිරිසිදුකරණය | Disk Cleaning
JDiskReport පාවිච්චි කරලා බැලුවද? දසුන් කියා තිබුණා තවත් ඒ වගේ මෘදුකාංගයක් වන SpaceMonger ගැන. ඒකත් ගොඩක් හොඳයි.දැන් පරිගණකය පිරිසිදු කිරීමේ මෘදුකාංග ටිකක් හොයලා බැලුවොත් හොඳයි. වින්ඩෝස් පාවිච්චි කරනකොට එකතුවෙන කුණු ගොඩවල් නිසා පරිගණකයේ වේගය සැලකිය යුතු විදියට අඩුවෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට වින්ඩෝස් සමග Disk Cleanup ලැබුණත් මෙමගින් කෙරෙන්නේ බොහොම සරල පිරිසිදු කිරීමක් විතරයි. මේ කටයුත්තට එන වෙනත් මෘදුකාංග වලින් සමහර වෙලාවට ඕන නැති කුණු ගොඩවල් ස්ථාපනය කරන නිසාත්, ඒ මෘදුකාංග ඉතා විශාල වීම නිසාත් අපට අවශ්‍ය කටයුත්ත හරියට ඉටු නොවෙන්න තිබෙන අවස්ථා වැඩියි.
මම දැන් ටික කලක ඉඳන් මේ වැඩේට පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි CCleaner. මේ නමේ තේරුම Crap Cleaner කියන එකයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම CCleaner කසළ සුද්ද කිරීම බොහොම ඉහළින් කරනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ෆයර්ෆොක්ස්, ඔපෙරා, වින්ඩෝස් හි විවිධ අපද්‍රව්‍ය හා තවත් මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පිරිසිදු කිරීමත්, වින්ඩෝස් රෙජිස්ට්‍රිය පිරිසිදු කිරීමත් මෙමගින් පහසුවෙන්ම කරන්නට පුළුවන්. ඉතා විශිෂ්ට මෘදුකාංගයක් විදියට සම්මාන රැසක් ලබාගෙන ඇති මේ මෘදුකාංගය මෙගාබයිට් 2.6 ක පමණ ඉතා කුඩා ඩවුන්ලෝඩ් කිරීමක්.
[CCleaner]
Posted on 19 February '08 by Malinthe Samarakoon, under cleaning, software, utilities, windows. 1 Comment.
මා ගාව තියෙන්නෙ ටිකක් පරණ ගිගාබයිට් 40 විතර දෘඪ තැටියක් හින්දා මේ දවස්වල වැඩ කරගන්න එක බොහොම අමාරුයි. සිංදු තොගයකුත් දාලා තියෙන නිසා ඉඩ ගොඩක් මදියි. දැන් නම් සද්ද බද්දත් වැඩිවෙලා තියෙන්නෙ. කොහොම වුණත්, තියෙන එක පොඩ්ඩක් සුද්දකරගත්තොත් හොඳයි කියලා හිතුණා. මේ වැඩ වලට හොද මෘදුකාංග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
පළවෙනියටම මම තෝරගත්තේ JDiskReport කියන මෘදුකාංගය. ජාවා මගින් ධාවනය මේ මෘදුකාංගය මගින් අපේ දෘඪ තැටියේ ගොනු වලට වැයවෙන ඉඩ ප්‍රමාණය වගුවක් ආශ්‍රයෙන් පෙන්වනවා. මේක ගොඩක්ම වටින්නේ දෘඪ තැටියේ විශාලම ගොනු මොනවද, විශාලම ෆෝල්ඩර මොනවද කියලා පහසුවෙන්ම හොයාගන්න තමයි. මේ කටයුත්ත කරන්න පුළුවන් මෘදුකාංග කිහිපයක්ම පාවිච්චි කර බැලුවත් මං ගොඩක්ම කැමති වුණේ JDiskReport වලට තමයි. ජාවා නිසා ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වෙනවා. (තිර පිටපතේ තියෙන්නේ මගේ D: පාටිෂන් එකේ දෘෂ්‍යකරණයක්.)
Posted on 18 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 1 Comment.

තවත් ඡායාරූප මගේ deviantART පිටුවේ තියෙනවා. අදහස් දක්වන්න.
More available at my deviantART Page. Pls Comment! ![]()
Posted on 15 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 1 Comment.

අන්තර්ජාලය භාවිතයේදී දකින විවිධ ඉංග්‍රීසි වචන වල තේරුම හොයාගන්න ශබ්දකෝෂ පෙරලන්න දැන් ඕන වෙන්නේ නැහැ! කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනායතනය නිපදවූ EnSiTip නම් ෆයර්ෆොක්ස් එක්කිරීම මේ කටයුත්ත පහසුවෙන් ඉටු කර දෙන්නට සමත් බොහොම හුරුබුහුටි එක්කිරීමක්. තේරූ වචන පරිවර්තනය වගේම Hover කිරීමේදී වචන පරිවර්තනයත්, වචන උච්ඡාරණ පහසුකමකුත් මෙහි තිබෙනවා. භාවිතා කර බැලුවා. ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.
[EnSiTip]
සිංහලෙන් FOSS මගිනි.
Posted on 15 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 3 Comments.
අහම්බෙන් හොයාගත්තේ. ෆයර්ෆොක්ස් අලුත් ටැබ් එකක් ඉක්මණින්ම හදාගන්න ටැබ් බාර් එක මත දෙවරක් ක්ලික් කරන්න. Found this by accident. To Create a new tab quickly on Firefox, just double click on the Tab Bar ![]()
Posted on 14 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 1 Comment.
ෆයර්ෆොක්ස් 3 බීටා 3 නිකුත් වුණ නිසා ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්නද ලෑස්ති වෙන්නේ? එහෙනම් පොඩ්ඩක් ඉන්න. ෆයර්ෆොක්ස් 3 ස්ථාපනය කළාට පස්සේ ඒකෙන් පාවිච්චි කරන්නෙත් දැනට ඔබේ තියෙන ෆයර්ෆොක්ස් 3 profile එක නිසා එකවර ඒ දෙකම පාවිච්චි කරන්න බැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් CodeFront හි තිබී සොයාගත්තා. මෙහි තියෙන උපදෙස් අනුව වැඩ ටික කරගත්තොත් ෆයර්ෆොක්ස් අනුවාදන දෙකම කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කෙරෙන්නේ තවත් profile එකක් සාදා ඒ profile එක ෆයර්ෆොක්ස් 3 සමග පාවිච්චි කරන්නට සකසා ගැනීමයි. සම්පූර්ණ ක්‍රියාපටිපාටිය සඳහා පහළින් ඇති සබැඳුම ක්ලික් කරන්න.
[How to have Firefox 3 and Firefox 2 running at the same time] - Happy Testing! ![]()
Posted on 13 February '08 by Malinthe Samarakoon, under Uncategorized. 1 Comment.
ෆයර්ෆොක්ස් 3 හි තෙවැනි බීටා සංස්කරණය නිකුත් වුණා. නව සංස්කරණයේ නව අයිකන ක්‍රමයක් දැකගන්නටත් පුළුවන්. මේ අයිකන ලිනක්ස් හා මැක් සංස්කරණ වලදී එම platform එකට අනුව වෙනස් වන බවත් ආරංචියි.
Add-ons ලබාගැනීමේ ක්‍රමයත් දැන් වැඩිදියුණු කර තිබෙනවා. දැන් Add-ons ලබාගන්නට තවත් වෙබ් පිටුවකට යන්නට අවශ්‍ය නැහැ. එම කවුළුවෙන්ම අවශ්‍ය ඒවා සොයාගෙන එවෙලේම ස්ථාපනය කරගන්නට පුළුවන්.
ඩවුන්ලෝඩ් කිරීම් වලදී ඉතිරිවී තිබෙන කාලය හා වේගය ආදිය Status Bar එකෙහි දැකගන්නටත් පුළුවන්. කලින් තිබුණු මතක ගැටළුත් දැන් බොහෝ දුරට අඩු බවක් පෙනෙනවා.
ඔබත් සාමාන්‍යයෙන් බීටා සංස්කරණ අත්හදා බලන්න කැමතිනම් ෆයර්ෆොක්ස් 3 බීටා 3 ලබාගෙන උත්සාහ කර බලන්න. බීටා 3 මෙතැනින් ලබාගන්න
දැනට තියෙන Add-ons නම් බීටා සංස්කරණයේ වැඩකරන්නේ නැහැ.
[Firefox 3 Beta 3: Integrated Add-ons Downloader, Theme Preview, and More]
Posted on 12 February '08 by Malinthe Samarakoon, under Uncategorized. No Comments.
Copyright 2008 by Malinthe Samarakoon.
Design by Igor Penjivrag. Background by Squid Fingers.