මගේ මව 1997 පමණ අරලිය පුවත්පතට ලියූ ‘සංදීපනී’ නම් කෙටි නවකතාව දැන් බ්ලොග් අඩවියෙන් කියවන්නට පුළුවන්. http://www.malinthe.com/sandeepani වෙත යන්න.
වර්ඩ්ප්‍රෙස් හි සිට ලියමි | Writing from WordPress
දැන් මලින්තගේ සටහන බ්ලොගර් වෙතින් ඉවත්වී වර්ඩ්ප්‍රෙස් මගිනුයි ධාවනය කෙරෙන්නේ. ඇත්තටම ඉතින් නිකං ඉන්න බැරුවට තමයි මේ වෙනස කරන්න තීරණය කළේ. බ්ලොගර් එකට වැඩිය ගොඩක් පහසුකම් වර්ඩ්ප්‍රෙස් එකේ තියෙන නිසාත්, බ්ලොගර් Themes දැකලා දැකලා අප්පිරිය වෙච්ච නිසාත් මේ වර්ඩ්ප්‍රෙස් ප්ලැට්ෆෝම් එකට ආවා. මට මුලින්ම හිතුණේ නියමයි කියලා. පහසුකම් ගොඩක් තියෙනවා. හොඳ Themes තියෙනවා. පුදුම සන්තෝසයක්! 🙂
එකතු වෙලා ඉන්න ඉදිරියටත් මලින්තගේ සටහන සමග! 😉
iPod Shuffle මිල අඩුවෙයි

මීට පෙර ඩොලර් 79 ක මිලක් පැවති iPod Shuffle හි මිල ඩොලර් 49ක් දක්වා අඩුකිරීමට ඇපල් සමාගම තීරණය කර තිබෙනවා. දැනට Shuffle ලබාගත හැක්කේ ගිගාබයිට් 1 ධාරිතාවයකින්. ඉදිරියේදී ගිගාබයිට් 2 ධාරිතාවයකින් තවත් මාදිලියක් නිකුත
් කිරීමටයි ඇපල් සූදානම් වන්නේ.
පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 2 කොටස | Cool Utilities to Clean your PC: Part 2
2. තැටි පිරිසිදුකරණය | Disk Cleaning
JDiskReport පාවිච්චි කරලා බැලුවද? දසුන් කියා තිබුණා තවත් ඒ වගේ මෘදුකාංගයක් වන SpaceMonger ගැන. ඒකත් ගොඩක් හොඳයි.දැන් පරිගණකය පිරිසිදු කිරීමේ මෘදුකාංග ටිකක් හොයලා බැලුවොත් හොඳයි. වින්ඩෝස් පාවිච්චි කරනකොට එකතුවෙන කුණු ගොඩවල් නිසා පරිගණකයේ වේගය සැලකිය යුතු විදියට අඩුවෙන්න පුළුවන්. මේකට විසඳුමක් විදියට වින්ඩෝස් සමග Disk Cleanup ලැබුණත් මෙමගින් කෙරෙන්නේ බොහොම සරල පිරිසිදු කිරීමක් විතරයි. මේ කටයුත්තට එන වෙනත් මෘදුකාංග වලින් සමහර වෙලාවට ඕන නැති කුණු ගොඩවල් ස්ථාපනය කරන නිසාත්, ඒ මෘදුකාංග ඉතා විශාල වීම නිසාත් අපට අවශ්‍ය කටයුත්ත හරියට ඉටු නොවෙන්න තිබෙන අවස්ථා වැඩියි.
මම දැන් ටික කලක ඉඳන් මේ වැඩේට පාවිච්චි කරන මෘදුකාංගයක් තමයි CCleaner. මේ නමේ තේරුම Crap Cleaner කියන එකයි. 😀 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම CCleaner කසළ සුද්ද කිරීම බොහොම ඉහළින් කරනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ෆයර්ෆොක්ස්, ඔපෙරා, වින්ඩෝස් හි විවිධ අපද්‍රව්‍ය හා තවත් මෘදුකාංග විශාල සංඛ්‍යාවක් පිරිසිදු කිරීමත්, වින්ඩෝස් රෙජිස්ට්‍රිය පිරිසිදු කිරීමත් මෙමගින් පහසුවෙන්ම කරන්නට පුළුවන්. ඉතා විශිෂ්ට මෘදුකාංගයක් විදියට සම්මාන රැසක් ලබාගෙන ඇති මේ මෘදුකාංගය මෙගාබයිට් 2.6 ක පමණ ඉතා කුඩා ඩවුන්ලෝඩ් කිරීමක්.
[CCleaner]
පරිගණකය පිරිසිදු කරන්න නියම මෘදුකාංග ටිකක්: 1 කොටස | Cool Utilities to Clean your PC: Part 1
මා ගාව තියෙන්නෙ ටිකක් පරණ ගිගාබයිට් 40 විතර දෘඪ තැටියක් හින්දා මේ දවස්වල වැඩ කරගන්න එක බොහොම අමාරුයි. සිංදු තොගයකුත් දාලා තියෙන නිසා ඉඩ ගොඩක් මදියි. දැන් නම් සද්ද බද්දත් වැඩිවෙලා තියෙන්නෙ. කොහොම වුණත්, තියෙන එක පොඩ්ඩක් සුද්දකරගත්තොත් හොඳයි කියලා හිතුණා. මේ වැඩ වලට හොද මෘදුකාංග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ.
පළවෙනියටම මම තෝරගත්තේ JDiskReport කියන මෘදුකාංගය. ජාවා මගින් ධාවනය මේ මෘදුකාංගය මගින් අපේ දෘඪ තැටියේ ගොනු වලට වැයවෙන ඉඩ ප්‍රමාණය වගුවක් ආශ්‍රයෙන් පෙන්වනවා. මේක ගොඩක්ම වටින්නේ දෘඪ තැටියේ විශාලම ගොනු මොනවද, විශාලම ෆෝල්ඩර මොනවද කියලා පහසුවෙන්ම හොයාගන්න තමයි. මේ කටයුත්ත කරන්න පුළුවන් මෘදුකාංග කිහිපයක්ම පාවිච්චි කර බැලුවත් මං ගොඩක්ම කැමති වුණේ JDiskReport වලට තමයි. ජාවා නිසා ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියාත්මක වෙනවා. (තිර පිටපතේ තියෙන්නේ මගේ D: පාටිෂන් එකේ දෘෂ්‍යකරණයක්.)

