Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

ෆොටෝෂොප් එක්ස්ප්‍රස් | Photoshop Express!

මදෑ ඉතින් අලුත් තැනකට දාන්න ගිහින් වෙච්ච හරියක් ;) දැන් නැවතත් සුපුරුදු කාර්යයන්ට.

ෆොටෝෂොප් (ආයෙ ඉතින් කියන්න ඕන නැහැනෙ?) හි ඔන්ලයින් අනුවාදයක් නිකුත් කරලයි තියෙන්නෙ. ඊයේ මේ ගැන ලියන්න හිටියත් මේ ලෙඩ නිසා ලියාගන්න ලැබුණේ නැහැ. ෆොටෝෂොප් එක්ස්ප්‍රස් නමින් හැඳින්වෙන මේ ඔන්ලයින් අනුවාදය මගින් පොඩි පොඩි වැඩ රැසක් පහසුවෙන්ම කරගන්න පුළුවනි. ෆ්ලෑෂ් 9 මගින් බලගන්වා ඇති මේ සේවාව මගින් ෆොටෝෂොප් හි තියෙන ප්‍රවීණ පහසුකම් සියල්ල ලබාගන්නට බැරිවුණත්, අපේ පින්තූර ගබඩා කර තියන්න, හදිසියකට පින්තූරයක ප්‍රමාණය වෙනස් කරන්න, පොඩි පොඩි Touch-ups කරන්න කිසිම ගැටළුවක් නැහැ.

Photoshop Express

පාවිච්චි කරන්න නම් අලුත් ගිණුමක් හදාගන්න අවශ්‍යයි. අවශ්‍ය නම් Test Run එකක් කරලා බලන්න පුළුවනි පාවිච්චි කරන්න කලින් ඒකෙ විශේෂාංග ගැන දැනගන්න. පරිශීලකයෙකුට ගිගාබයිට් 2ක ධාරිතාවයක් ලැබෙනවා තනි ගිණුමක් සමග. වෙනත් ගිණුම වලින් (ෆේස්බුක්, පිකාසා, ෆොටෝබකට් වැනි) පින්තූර ආනයනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.

දැනට එතරම් පහසුකම් තොගයක් නැතිවුණත්, මේ තියෙන ආකාරයේ උපාංග 17ක් පාවිච්චි කරන්න පුළුවනි.

Photoshop Express

[Photoshop Express]

Posted on 27 March '08 by Malinthe Samarakoon, under online services.


7 Comments to “ෆොටෝෂොප් එක්ස්ප්‍රස් | Photoshop Express!”

#1 Posted by Yasaswan (29.03.08 at 08:02 )

මෙ සිංහලෙන් comment එකක් ගැහුවමයි:: මේ කෙල්ල ඹයාගෙද????

#2 Posted by Malinthe Samarakoon (29.03.08 at 08:04 )

පිස්සුද! මේ ෆොටෝෂොප් එක්ස්ප්‍රස් ටෙස්ට්-රන් එකට එන සාම්පල් පින්තූරයක් ;)

#3 Posted by වරුණ (31.03.08 at 04:07 )

අනේ මන්දා, දන්නෝ දනිත් :P

#4 Posted by Anandawardhana (31.03.08 at 14:13 )

සතියේ දෙබස-
“asaswan March 29th, 2008 at 8:02 am 1
මෙ සිංහලෙන් comment එකක් ගැහුවමයි:: මේ කෙල්ල ඹයාගෙද????

“Malinthe Samarakoon March 29th, 2008 at 8:04 am 2
පිස්සුද! මේ ෆොටෝෂොප් එක්ස්ප්‍රස් ටෙස්ට්-රන් එකට එන සාම්පල් පින්තූරයක් ;)”

#5 Posted by සුපුන් සුදාරක (01.04.08 at 07:53 )

මොනවා වුනත් කෙල්ල ලස්සනයි :D

#6 Posted by Chamara Peiris (05.04.08 at 15:19 )

කොල්ලට ලැජ්ජ හිතිල :D

#7 Posted by sada (21.04.08 at 15:06 )

:oops: ෙමානවද ෙම් පිස්සු