Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

වින්ඩෝස් බිත්තර | Win Eggs

WinEggs

වින්ඩෝස් වලින් බිත්තර බදින්නද මේ ලෑස්ති වෙන්නෙ? අපොයි නෑ :D මේ කියන්න යන්නෙ අපේ දසුන් සමීර අයියා නිපදවපු WinEggs නම් මෘදුකාංගය ගැනයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණු විවිධ විවිධ සැකසුම් සකසන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ WinEggs කියන්නෙ. TweakUI පාවිච්චි කරලා ඇති නේද? මේකත් බොහෝ දුරට ඊට සමාන මෘදුකාංගයක්. නමුත් ඊට වඩා වැඩි පහසුකම් තොගයක්ම තියෙනවා. ලැයිස්තුව ගොඩක් දිගයි. ඒ හින්දා WinEggs වෙබ් අඩවියෙන්ම කියවලා බලන්න. දෙක තුනක් කිව්වොතින්, සාමාන්‍ය වින්ඩෝස් අයිකන් වල නම් වෙනස් කරන්න (Recycle Bin වගේ), විවිධ කෙටි මං අවහිර කරන්න, අක්‍රිය කරන්න, සඟවන්න සැකසුම් තොගයක් මෙමගින් ලබාගන්න පුළුවන්. අවශ්‍ය නම් තනි පරිශීලකයෙකුට වගේම පරිගණකයේ සියලු පරිශීලකයන්ට මෙම සැකසුම් බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. WinEggs නොමිලේ බෙදාහැරෙන මෘදුකාංගයක්.

[WinEggs]

Posted on 31 March '08 by Malinthe Samarakoon, under software, tips, utilities, windows.