ෆයර්ෆොක්ස් 3 බීටා 4 දැනට ඇවිල්ලා තියෙන හින්දා ආයෙමත් බල බල ඉන්නෙ නැතුව මමත් ඉන්ස්ටෝල් කරගත්තා. මේ දවස් වල නම් පාවිච්චි කරන්නෙ ඒකම තමයි. බීටා නිසා ලෙඩ දෙක තුනක් නැතුව නෙවෙයි. ඒත් ෆයර්ෆොක්ස් වෙත ලබා දීලා තියෙන අලුත් පෙනුමට මම ගොඩක් කැමතියි.
ෆයර්ෆොක්ස් 3 අවසන් අනුවාදය ළඟදීම නිකුත් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි දැන් ඉන්නෙ.
කොහොම හරි, පාවිච්චි කරලා බලන්න තියෙන ආසාව නිසා ෆයර්ෆොක්ස් 3 ඉන්ස්ටෝල් කරගත්තා. ෆයර්ෆොක්ස් 2 Profile එකට හානියක් නොවී ෆයර්ෆොක්ස් 3 ධාවනය කරන ක්‍රමයකුත් ලැබුණු නිසා දැනට ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන මම කලින් ලියලා ඇති. මෙතැනින් ඒ ලිපිය ලබාගන්න පුළුවනි. මේ ක්‍රමය නිසා එකවරම ෆයර්ෆොක්ස් 2 හා 3 ධාවනය කරන්න පුළුවන්.
ඊළඟට ආපු ලොකුම ප්‍රශ්නෙ Addons. මම කැමති ඒවා තොගයක්ම තිබුණත් සමහරක් ෆයර්ෆොක්ස් 3 බීටා 4 සඳහා සහය දක්වන්නෙ නැහැ. මේ ප්‍රශ්නයටත් විසඳුමක් හොයාගත්තා.
ඒකට කරන්න තියෙන්නෙ Extension ගැලපුම් පරික්ෂාව අක්‍රිය කරන එකයි. කරන්නෙ මෙහෙමයි:
- මුලින්ම අලුත් ටැබ් එකක් විවෘත කරලා about:config යන්න ටයිප් කර එන්ටර් කරන්න.
- I’ll be careful, I promise! මත ක්ලික් කරන්න
- දැන් පරණ about:config එකටම ඒවි. මෙතැන රයිට් ක්ලික් කර New -> Boolean මත ක්ලික් කරන්න.
- දැන් මතුවන කවුළුවේ extensions.checkCompatibility යන්න ටයිප් කර OK මත ක්ලික් කරන්න.
- ඉන්පසුව මතුවන කවුළුවේ false ක්ලික් කර OK මත ක්ලික් කරන්න.
- කලින් කළ විදියටම extensions.checkUpdateSecurity නමින් තවත් එකක් සාදා එයත් false ලෙස සකසන්න.
දැන් ෆයර්ෆොක්ස් 3 නැවත ආරම්භ කළාට පස්සේ පැරණි addons සාමාන්‍ය විදියටම ස්ථාපනය කරගන්නට පුළුවන් වේවි. හැබැයි පරිස්සමින්. මොකද මේ වැඩේ හින්දා ෆයර්ෆොක්ස් ක්‍රෑෂ් වෙන්නත් පුළුවන්. මට නම් checkUpdateSecurity එක නැවත true වෙත සකසන්න වුණා ක්‍රෑෂ් වුණ නිසා.
බැරිවෙලාවත් මේ වැඩෙන් පස්සේ ෆයර්ෆොක්ස් ලෙඩ දෙන්න ගත්තොත්, ඒක සකසගන්න ඔබේ ෆයර්ෆොක්ස් profile ෆෝල්ඩරයට ගිහින් (ඒක සාමාන්‍යයෙන් වින්ඩෝස් වල නම් තියෙන්නෙ C:\Documents and Settings\Your Name\Application Data\Mozilla\Firefox\Profiles කියන ෆෝල්ඩරයේ) එතැන ෆයර්ෆොක්ස් 3 සඳහා යොදාගන්න Profile ෆෝල්ඩරය විවෘත කරන්න. එතැන තියෙන prefs.js කියන ගොනුව නෝට්පෑඩ් මගින් විවෘත කරන්න.
එතැනින් මෙන්න මේ සැකසුම් දෙක සොයාගන්න.
user_pref(”extensions.checkCompatibility”, true);
user_pref(”extensions.checkUpdateSecurity”, true);
හොයාගෙන true කියන අගය false ලෙස සකසා save කර වසා දමන්න. ඉන්පස්සේ ෆයර්ෆොක්ස් 3 ආරම්භ කරන්න. දැන් නම් ප්‍රශ්නයක් නැති වේවි.
ඒත් ලෙඩ දෙන්න ගත්තොත් (හපොයි
) තව වැඩක් කරන්න පුළුවන්. ෆයර්ෆොක්ස් 3 ආරක්ෂක ප්‍රකාරයෙන් ආරම්භ කරලා සියලුම addons ක්‍රියාවිරහිත කරන එක. මේකට දැන් ඔබ පාවිච්චි කරන්නෙ ෆයර්ෆොක්ස් 2 හා 3 දෙකම ධාවනය කරන ක්‍රමය නම්, ඒ අලුත් Shortcut එකේ පිටපතක් අරන් - එහි Properties වෙත ගිහින් Target වෙත -safe-mode යන අලුත් වදන ඇතුල් කරන්න. දැන් ඉතින් OK මත ක්ලික් කරලා ඒ shortcut එකෙන් ෆයර්ෆොක්ස් විවෘත කරන්න.
හපොයි, මේක හිතුවාටත් වැඩිය දිග වැඩිවුණා. මෙච්චර ලෙඩ ගොඩකට අත දාන්නෙ නැතුව නිකං හිටියා නම් හොඳයි කියලා සමහරවිට හිතෙනවත් ඇති. ඒත් ඉතින් එහෙම කියලා හරියන්නෙ නෑනෙ? මමත් දැන් ඔය හොඳට පාවිච්චි කරන්නෙ? ඔන්න ඔහෙ ට්‍රයි එකක් දීලා බලන්න. කෝකටත් ඔය Profile ෆෝල්ඩරයේ පිටපතක් තියාගන්න.
All Hail Firefox!
Update: Moved back to VHOST1ST - now back in business!
Due to some problems with the current host of Malinthe’s Note you might experience some slowdowns and problems. Sorry for the inconvenience. I’m strongly thinking about changing the current host due to the unacceptable quality of service.
I’m not writing much these days, ‘coz I must save the effort for the marathon. After all, 96 blog posts to be written!
It’s gonna be awesome!
මැකාෆි වෙතින් ලබාදෙන වයිරස්ස්කෑන් ප්ලස් නොමිලේ ලබාගන්නට ක්‍රමයක් තමයි මේ! හොර වැඩක් නම් නෙමෙයි. ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ. දැනට සාමාන්‍ය මිල ඩොලර් 39.95ක් පමණ වෙනවා. මේ ක්‍රමයට ලබාගන්න පිටපත අවුරුද්දකට පාවිච්චි කරන්න පුළුවන්.
කොහොමද වැඩේ කරන්නෙ?
- ඉස්සෙල්ලම මෙන්න මේ ලින්ක් එකට යන්න. එතැන තියෙන Free PC Security Protect your PC for 12 months with McAfee VirusScan Plus බැනරය මත ක්ලික් කරන්න.
- Register Now බොත්තම ක්ලික් කරන්න.
- නම, ඊමේල් ලිපිනය, මුරපදය ආදී අවශ්‍ය දේ සම්පූර්ණ කර I Agree මත ක්ලික් කරන්න.
- දැන් My Account වෙත යන්න. එතැන මැකාෆි වයිරස් ස්කෑන් ප්ලස් ලැයිස්තුගත කර ඇති. Download/Install අයිකනය මත ක්ලික් කරන්න!
ලේසි වැඩක් නේද? මම නම් මැකාෆි පාවිච්චි කරන්න වැඩි කැමැත්තක් නෑ. දැනට පාවිච්චි කරන්නෙ NOD32 - ඒක හොඳටම ඇති
Tech-Buzz මගිනි.
අද ස්පීඩ් ටෙස්ට් කරලා බැලුවා speedtest.net මගින්. උදෑසන 7.45 ට පමණ. මම ගත්තේ Zoom 1024 පැකේජය. ඒ කියන්නෙ 1Mbps
මෙන්න ප්‍රතිඵල:

Perfect!
Special Thanks to Buddhika Jayasinghe!

ඇති යාන්තම් බුද්ධික අයියට පින්සිද්ධ වෙන්න මොබිටෙල් වෙතින් ගත්තා 3.5G සම්බන්ධතාවයක්. දැනට නම් කිසිම ගැටළුවක් නැතුව වැඩ. වේගයත් වරදක් නැහැ. ඉදිරියේදී ස්පීඩ් ටෙස්ට් එහෙම කරලා තවත් විස්තර කියන්නම්. කවුද හිතුවේ ලංකාවේ දවසෙන් Broadband සම්බන්ධතාවයක් ගන්න පුළුවන් වෙන කාලයක් එයි කියලා?
ආයේ නම් ඉතින් ‘එනවා යනවා’ සංසිද්ධිය ඇති නොවේවි කියලා තමයි බලාපොරොත්තුව.
බ්ලොග් මැරතන් එකටත් තව වැඩි දවසක් නැහැ. සූදානමින් ඉන්න.
Okay guys, I’m sure that you’ve heard about the Sinhala Blog Marathon. It’s gonna be a really cool event, which of course happening in Sri Lanka for the first time. (Actually, in the world - ‘coz it’s Sinhala)
Remember the Date, April 18 - Remember the Time, 8.00PM - we’re gonna blog for 24 hours!
Come to sinhalabloggers.com now and register your blog. If you need support on Sinhala Unicode Installations, please visit this page.
But remember, This is not a competition
We’re doing it basically to get to know each other, spread the usage of sinhala in the internet, popularize sinhala unicode and of course to have fun!
So why wait? Join now!
And yeah, get a Badge! Spread the Word!
Posted on 14 March '08 by Malinthe Samarakoon, under events. No Comments.

ඔබේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකටත් හොඳවයින් ඔරලෝසුවක් දාගන්න වෙලාව හරි
මේක ටික කලකට කලින් හොයාගන්න ලැබිච්ච නියම මෘදුකාංගයක්. නම ClockX. විශේෂාංග ගොඩයි. දැන් කියන්න යන්නේ ඒ ගැන.
මේක සාමාන්‍ය ඔරලෝසුවක්. ඩෙස්ක්ටොප් එකේ ක්‍රියාත්මක වෙන ඇනලොග් ඔරලෝසුවක්. ඔරලෝසු වලට කැමති පින්තූර යොදාගන්න පුළුවන්. png, bmp වර්ග වල. සාමාන්‍ය භාවිතයේදී වැයවෙන්නේ මෙගාබයිට් 4ක් විතරයි. මම නම් මේකට ගොඩක්ම කැමති ඒකේ තියෙන උසස් තත්ත්වයේ අන්තර්ක්‍රියා නැත්නම් advanced window options නිසා.
මේ ඔරලෝසුව ක්‍රියාත්මක කරනකොට අපට අවශ්‍ය විදියට ඒ කවුළුව සකසගන්න පුළුවන්. උදාහරණයක් විදියට මේක ඩෙස්ක්ටොප් එක මත තියනවනම්, ඩෙස්ක්ටොප් එකට පින් කරන්නත්, සැමවිටම ඉහළින් තියන්නත්, ඒ මත ක්ලික් කරනකොට ඔරලෝසුව ක්ලික් නොවී ඊට යටින් තියන අයිතමය ක්ලික් වෙන්නත්, වැරදීමකින් හෝ ඔරලෝසුව එහාමෙහා වීම නවත්තන්නත් විශේෂාංග රැසක්ම මෙහි තියෙනවා. විනිවිද පෙනන භාවය, මවුසය ඒ මතින් යනවිට විනිවිද පෙනන භාවය වෙනස් කරන්නත් පුළුවනි.
ඊට අමතරව කැලැන්ඩරයකුත්, එලාම් ක්‍රමයකුත් මෙහි තියෙනවා. සාමාන්‍ය ඔරලෝසුවක් වගේම තමයි. එලාම් එක නියමිත වෙලාවට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් ධාවනය කරන්නත්, පරිගණකය වසාදමන්නත්, ඕනෑම සංගීත ගොනුවක් හෝ වීඩියෝ ගොනුවක් ධාවනය කරවන්න පුළුවනි.
සාමාන්‍යයෙන් ඔරලෝසු සඳහා පින්තූර 30ක් විතර ලැබෙනවා. තවත් පැකේජයක් තියෙනවා තවත් පින්තූර අවශ්‍යනම්. එතැනින් තවත් පින්තූර 170ක් පමණ ලබාගන්නට පුළුවනි.
[ClockX]
ඔරලෝසුව දාගන්න කලින්: ඔබේ පරිගණකයට ලොව නිවැරදිම වෙලාව ලබාගන්න හැටි

විශ්වාස කරන්න බැරි තරම් පුංචියි. යූඑස්බී 2.0 බ්ලූටූත් ඩොන්ගල් එකක්! ඩොලර් 15ක් විතර තමයි මිළ. හොයාගත්තෙ geekalerts මගින්. Thanks Prasad!
[World’s Smallest USB Bluetooth Dongle?]
Posted on 13 March '08 by Malinthe Samarakoon, under gadgets. 1 Comment.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පළමු වරට සංවිධානය කරනු ලබන බ්ලොග් මැරතන් එක අප්‍රේල් 18 දා රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි!
මමත් දුවන්න (aka ලියන්න) තමයි හිතාගෙන ඉන්නේ. ඒකයි මේ දවස්වල විශේෂ දෙයක් නොලියා හිටියේ. පැය 24ක් පුරා මිනිත්තු 15න් 15ට අලුත් බ්ලොග් සටහනක් ලියන්නයි තියෙන්නෙ.
දැනට බ්ලොග් එකක් ලියන අයටත්, බ්ලොග් එකක් ලියන්න කැමති අයටත් විවෘතයි. මැරතන් එක දුවන්න (ලියන්න) කැමති නම්: මැරතන් දුවන්න එකතුවෙන්න!
වැඩි විස්තර සඳහා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එන්න.
Spread the Word! Get a Badge Now!
Update: Got a Mobitel M3 HSPA Connection and it just rocks! Special thanks to Buddhika Jayasinghe!
අපේ ගෙවල් පැත්තට ADSL නැති නිසා සහ Dialog WiMax Coverage නැති නිසා මම තාමත් පාවිච්චි කරන්නෙ CDMA වලින් ලැබෙන Dialup තමයි. සාමාන්‍යයෙන් පාන්දරට හොඳ වේගයක් ලැබුණත් සමහර දවස් වල දවල්ට නම් කිසිම වැඩක් කරන්න බැහැ. අදත් ඒ වගේ අවාසනාවන්ත දවසක් තමයි. 
අද නැගිටිනකොට ටිකක් දවල් වුණා.
8ට විතර ඊමේල් පරික්ෂා කරන්න කියලා connect වුණා. වැඩක් නැහැ. ගාටනවා. ගාටනවා. තුන්පාරක් විතර disconnect වෙවී ආයෙ reconnect කරලා බැලුවත් කිසිම වැඩක් වුණේ නැහැ. දවසම එහෙම තමයි. මේ වෙලාවට තමයි අසූහාරදාහට තද වෙන්නෙ. මොන කෙහෙල්මලක්ද?
Google Talk වලින් කාට හරි කතාකරන්න හදනකොටම disconnect වෙනවා. සුදාරක මලයා කියනවා ‘මලින්ත එනවා යනවා’ කියලා. ඇයි මේ කෙහෙල්මල disconnect වෙවී ආයෙ connect වෙන නිසා. හවස බ්ලොග් එකට අලුත් සටහනක් ලියලා පෝස්ට් කරන අතරමගදී disconnect වුණා. අන්තිමට ලියපු පෝස්ට් එකත් නෑ. දැනුත් සයිට් දෙක තුනක් ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ. එකක්වත් ලෝඩ් වෙන්නෙ නෑ. මේක නම් මහා එපාකරපු වැඩක්.
දැන් ඉතින් තියෙන එකම විසඳුම මොබිටෙල් එකෙන් 3.5G සම්බන්ධයක්වත් ගන්න එක විතරයි. ඒත් ඒ මොඩම් එක දැනට 20,000ක් විතර වෙනවලු. ඒකත් ඉතින් ෂුවර් නැහැ.
දැන් තියෙන එකවත් නියම වේගයෙන් වැඩ කරනවා නම් ඒ හොඳටම ඇති. ඒත් ඉතින් අපට ඕන දේ ඒ විදියටම වෙන්නෙ නෑනේ නේද?
බලමුකෝ මේකවත් හරියට පෝස්ට් කරගන්න ලැබේවිද කියලා…