Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

විශිෂ්ට වෝල්පේපර සඳහා Interfacelift

අනේ වෙලාවකට ටවුමෙ ඇවිදිද්දි සමහරුන්ගෙ කම්පියුටර් දකිනකොට දුක හිතෙනවා. ඇයි හැම තැනම දකින්න තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සමග එන සාමාන්‍ය කසිකබල් Bliss වෝල්පේපරය විතරයි. ගොඩක් අය වෙන එකක් දාගන්න වැඩි කැමැත්තක් නැති පාටයි. ඔව් ඉතින් හොඳ වෝල්පේපර හොයාගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. අන්තර්ජාලයේ ඕනෑතරම් වෝල්පේපර තිබ්බට ගොඩක් ඒවා කසිකබල්. දැක්කම එපාවෙනවා. ගොඩක් ඒවා දැක්කම අර තියෙන එක හොඳයි කියලා හිතෙන්නෙ.

දැන් ඉතින් මදෑ මේ කියෙව්වා. මෙන්න නියම වෝල්පේපර අඩවියක්. ඇත්තටම ගොඩක් හොඳ වෝල්පේපර තොගයක් මෙතැනින් ලබාගන්න පුළුවන්. මේක නිකං කිව්වට හරියන්නෙ නෑ. ගිහිල්ලම බලන්න ඕන. :D

වෝල්පේපර විතරක් නෙවෙයි. මෙතැනින් අයිකන්, තීම්ස් හෙවත් තේමා තොගයක්ම ලබාගන්න පුළුවන්.

ඔන්න ඒකෙ වෝල්පේපරයක එක thumbnail එකක් දැම්මා. ගිහිල්ලා බලන්න තව කොච්චර ඒවා හොයාගන්න පුළුවන්ද බලන්න ;)

Interfacelift

චැහ් දැන් නම් ඇස් දෙක රිදෙනවා. LCD මොනිටරයක් ගත්තනම් හොඳයි කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.