Hello and welcome to මලින්තගේ සටහන | Malinthe’s Note.

මගේ ජංගම දුරකථනය LG KP105

මා ගාව දැනට තියෙන්නෙ සාමාන්‍ය පොඩි ෆෝන් එකක්. මහා ලොකු ඒවා ගන්න තරම් මට වත්කමක් නැහැනෙ ;)

දැන් මේ ෆෝන් එක ගැන කතාකළොත් - මේකෙ කිසිම විශේෂත්වයක් නැහැ. නිකං ෆෝන් එකක් විතරයි. කෝල් ගන්න පුළුවන්. එස්එම්එස් යවන්න පුළුවන්. හපොයි මට පිස්සු හැදීගෙන එනවා වගෙයි.

නෑ නෑ. මං නිකං විස්තර ටිකක් ලියන්නම් නිදිමත යන්නත් එක්ක. මේක ගත්තෙ රුපියල් 6500ක් වගේ සුළු මුදලකට. ඒ නිසා මහා ලොකු විශේෂාංග මුකුත් නැහැ. ඒත් මං ඒකට කැමතියි. පුදුමෙ කියන්නෙ අන්තර්ජාලයෙන් මේක ගැන විස්තර හොයාගන්න බැරිවුණු එක තමයි.

මේකෙ ප්‍රමාණය බැලුවොත් දළ වශයෙන් සෙන්ටිමීටර 10 x 4 වගේ ප්‍රමාණයක්. මහත ගත්තොත් මිලිමීටර 13ක් වගේ තියෙනවා. හුරුබුහුටියි. තිරය CSTN එකක්. වර්ණ 65,000 - customize කරන්න බෑ. ටෝන්, වෝල්පේපර් කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරන්නත් බෑ. අඩුම තරමින් GPRS වත් නෑ. රේඩියෝ එකක් නම් තියෙනවා. (පුදුමයි ඒකවත් තිබුණු එක) ෆෝන්බුක් එකේ 300ක් දාගන්න පුළුවන්. vibrate එක හොඳයි. ටෝන්ස් වල සද්දය බොහොම හොඳයි. Keys එබීමේ පොඩි අපහසුතාවයක් තිබුණා මුල් දවස්වල දැන් ප්‍රශ්නයක් නෑ. අනිත් ෆෝන් වල තියෙන අනිත් මූලික යටිතල පහසුකම් තියෙනවා.

අනිත් විශේෂාංගය තමයි LMT - Lost Mobile Track - මේකෙන් කවුරුහරි මේක හොරකම් කළොත් (කවුද මේවා හොරකම් කරන්නෙ? පිස්සෙක් තමයි!) හෝ නැතිවුණොත් ක්‍රියාත්මක වෙන එකක්. ඒ කියන්නෙ ෆෝන් එක ලැබෙන කෙනා වෙනත් සිම් එකක් දැම්මම ෆෝන් එකේ කලින් දාලා තියෙන නම්බර් දෙකකට කෙටි පණිවිඩ ලැබෙනවා ඒ සිම් එකෙන්. ෆෝන් එක හොයාගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් මේකෙන්.

කොහොම වුණත් මේ වැඩේ හරියන්නෙ නෑ. වෙන එකකට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මහ boring ෆෝන් එකක් මේක. :lol:

Posted on 18 April '08 by Malinthe Samarakoon, under Uncategorized.


2 Comments to “මගේ ජංගම දුරකථනය LG KP105”

#1 Posted by Vishva Kumara (12.07.08 at 21:14 )

මමනම් තාම පාවිච්චි කරන්නේ Nokia 3315 එකක්. It is just a phone! දැන් කොහේවත් හොයාගන්න නැතිව ඇති. ඒත් හොඳට වැඩ. තව ටිකක් කල් ගියහම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියේවි :D LOL!

#2 Posted by කිංස්ලි (24.07.08 at 10:58 )

මගේ ෆෝන් එකේ 3G තියෙනවා. නමුත් ගන්න ප්‍රයෝජනයක් නම් නැහැ. මේවා නිකං ෆෝන් sales බහින්නේ නැතිව තියාගෙන යන්න කරන සූත්තර. ඒත් දුරකථනයේ කැමරාවක් (නමුත් අඩුම ගණනේ මෙගාපික්සල් 2 ක එකක් - නැත්නම් රූපය අපැහැදිලියි) තියෙන එක නම් ප්‍රයෝජනවත්. ඒ වගේම සංගීතය අහන කෙනෙකුට music player එකක් හොඳ අංගෝපාංගයක්. :grin: