උදෑසන ආහාරය
by Malinthe Samarakoon on April 19, 2008
ඔන්න දැන් තමයි මොනවාහරි කන්න හදන්නෙ. අම්මා හදනවා කිව්වා හොඳවැයින් ආප්ප ටිකක් – හෝම් මේඩ් ආප්ප! ඉඳි ආප්ප, බිත්තර ආප්ප, හකුරු ආප්ප වගේ ආප්ප වර්ග ගොඩක් තියෙනවා.
ආප්ප කියන්නෙ නියම කෑමක් මොනවා වුණත්. අපි මුල්ගම්පල හිටපු කාලේ හැමදාම වගේ එතැන බෝසෙවණින් ගේනවා ආප්ප තොගයකුයි, කෙසෙල් ගෙඩියි! මල් හතයි!
මෙන්න දැන් හදපු ආප්ප වල පින්තූරයක් – හැබැයි හරියටම හැදිලා නැති පාටක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ කන්න පුළුවන්.

ආප්ප වලට ඉංගිරිසියෙන් කියන්නෙ Hoppers කියලනෙ. මෙන්න බොලේ විකිපීඩියාවෙත් තියෙනවා ආප්ප ගැන
http://en.wikipedia.org/wiki/Hopper_(food)
පැණි ආප්ප හෙවත් හකුරු ආප්ප දැන් එච්චර හොයාගන්න නෑ. ගොඩ කාලෙකින් ඒකක් කන්න බැරිවුණා. බිත්තර ආප්ප නම් නියමයි
Leave your comment