පූසෝ තවම නිදි
by Malinthe Samarakoon on April 19, 2008
කෝඩියි යූලයි තවම නිදි. අනේ මන්දා… පූසන්ට ඉතිං වෙන වැඩක් තියෙනවයැ? කනවා බොනවා නිදාගන්නවා. හිතුණොත් තව පූසෙක් එක්ක වලියක් දාගන්නවා. සමහර පූසොන්ට කන බණේම තමයි. සමහර පූසෝ ඤාව් ගාන්නෙත් නෑ. සමහර පූසෝ උපාසකයො වගෙයි. පූසොත් විවිධයි විසමයි. හැබැයි බල්ලො වගේ නෙමෙයි, පූසො හුරුබුහුටියි – පොඩියි – පයින් පාරක් දෙන්න පුළුවන් විසිවෙලා යන්න!
මම නම් සාමාන්‍යයෙන් පූසොන්ට පයින් ගහන්නෙ නෑ.
ඒ වුණාට පූසො නම් අපට ඉන්න දෙන්නෙ නෑ. මං කලින් කිව්ව ටිටීට තියෙනවා අමුතු පුරුද්දක්. ඌ බොහොම කැමතියි කාගේ හරි කකුලේ වෙලෙමින් පිස්සු කෙලින්න. ඌට නම් මාර පිස්සු තොගයක් තියෙන්නෙ. ෂැක් තවම පින්තූරයක් හොයාගන්න බැරිවුණානේ. අද උදේ කුකුෂ්කින් ඇවිල්ලා අපේ කකුල් හපමින් මාර ජංජාලයක් කළේ. දැන් නම් පේන්නවත් නෑ.
ආ මෙන්න බකී දොර ළඟට වෙලා නිදියගෙන ඉන්නවා. බකී කියන්නේ අපි සුනඛ මහත්තයා. එයාගෙ පින්තූරයක් ගන්න බෑ එළිය වැටෙන හින්දා හරියට පේන්නෙ නෑ.

ඔන්න කෝඩිගෙයි යූලාගෙයි පින්තූරයක් ගත්තා – තාම දොයි දෙන්නම!
ඔය ලොකු පූසා තමයි කෝඩි. අනිත් එක්කෙනා තමයි යූලා.
බකියා ගැන තවත් කතාවක් පසුව.
Related posts - ආශ්‍රිත ලිපි:
3 comments
So Sweet,
by Vishva Kumara on 2008 April 19 at am 9:12. #
[...] සීතල වතුර, පොල් කිරි, උනු තේ… මලින්ත රෑ නිදාගෙන තියෙන්නෙ පූසොත් එක
by බක්මහ අකුණු සහ සිංහල බ්ලොග් මැරතන් at Apramana | Beyond Dimensions on 2008 April 19 at am 9:31. #
මාරු නම් ටික
by ඩනිෂ්ක on 2008 April 20 at pm 5:12. #