ෆයර්ෆොක්ස් මගින් කාලගුණ අනාවැකි

by Malinthe Samarakoon on April 18, 2008

ෆයර්ෆොක්ස් හි තියෙන ලොකුම විශේෂත්වය තමයි ගණන් කරන්න බැරි තරම් අමතර Addons තොගයක් ස්ථාපනය කරන්න පුළුවන් වීම. ඒ හේතුව හින්දම ගොඩක් වෙලාවට වෙනත් බ්‍රවුසර වලට යන්න හිතෙන්නෙ නැත්තෙ. ඉතින් මේ කියන්න යන්නෙ කාලගුණ අනාවැකි කියන ෆයර්ෆොක්ස් එක්කිරීමක් ගැන. මම දෙක තුනක් පාවිච්චි කළා. මම වැඩිපුරම කැමති Forecastfox එකට තමයි. Forecastfox ඒකට අවශ්‍ය කාලගුණ තොරතුරු ලබාගන්නෙ AccuWeather.com මගින්.

අපට ඕනෑ හැටියට අලුත් කාලගුණ වාර්තා, දැනට පවතින කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකි සියල්ලම ලස්සනට ලබාදෙන්නෙ මේ පුංචි වැඩකාරයාට පුළුවන්. මං මේක පාවිච්චි කරන්න තවත් හේතුවක් තමයි අපේ මහනුවර පළාතත් හොයාගන්න පුළුවන් වුණු එක නිසා. කොහොම වුණත් ලංකාවේ කාලගුණ වාර්තා වලට වඩා මේකෙන් ගොඩක් හොඳ වාර්තා ලබාදෙනවා කියලා මට හිතෙනවා ;)

සාමාන්‍යයෙන් ලැබෙන අයිකන තේමාව ගොඩක් ලස්සනයි. ඒත් ඒකට කැමති නැතිනම් වෙනත් එකක් දාගෙන බලන්නත් පුළුවන්. තෝරගන්නා ගොඩක් තේමා තියෙනවා. මේකෙන් අපට රේඩාර් මගින් ලැබෙන පින්තූරත් නරඹන්නට පුළුවන්.
ස්ථාපනය කරගෙන බලන්න. ෆයර්ෆොක්ස් වැඩ කරන ඕනෑම තැනක වැඩ.

Forecastfox

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.