ගූගල් ටෝක් ලැබ් අනුවාදය

by Malinthe Samarakoon on April 18, 2008

ගූගල් ටෝක් තමයි මගේ ප්‍රියතම චැට් වැඩසටහන. වීඩියෝ නැතත් ඕඩියෝ පහසුකම් තියෙනවා. ඒ වගේම සරල නිමැවුමක්. සරලයි පුදුමයි. :D යාහූ මැසෙන්ජර් එකේ එහෙම ඕනෑවටත් වැඩිය විශේෂාංග තිබුණත් ගූගල් තරම් සරල සුගම එකක් මං භාවිතා කරලා නැහැ. පහුගිය කාලෙම ගූගල් මහත්වරු මේකේ ඔන්ලයින් අනුවාදයට ඕනෑ තරම් විශේෂාංග දුන්නා. ඒත් ඩෙස්ක්ටොප් අනුවාදයට අලුතෙන් මුකුත් ලැබුණේ නෑ කාලෙකින්.

මෙන්න දැන් ටික දවසකට කලින් ආරංචි වුණා අලුත් අනුවාදයක් තියෙනවා කියලා. ඒ තමයි පර්යේෂණාගාර අනුවාදය. Labs Edition. හොඳය කියලා හිතුණට මට මුලින්ම පෙනුණෙ ෆ්ලෑෂ් අනුවාදය කෙලින්ම ඩෙස්ක්ටොප් එකට යාකරල වගෙයි. ඒත් ඒකට ෆ්ලෑෂ් ඕන නැහැ කියලා කොහේ හරි තිබ්බා වගේ මතකයි. කොහොම වුණත් ශ්‍රව්‍ය විශේෂාංග වැඩ කරන්නෙත් නැහැ. සිංහල කෙලින්ම ටයිප් කරන්නත් බැහැ. වැඩක් නෑ කියලා හිතෙන්නෙ එතකොට තමයි. අපි අලුත් විශේෂාංග බලාපොරොත්තුවෙන් ඉන්නකොට මෙන්න මේගොල්ලෝ අලුත් විශේෂාංග දාලා පරණ ඒවා අයින් කරලා! ;)

කැමැති නම් ස්ථාපනය කරගෙන බලන්න. මං ආසාවට දාගෙන බැලුවට ටික වෙලාවකින්ම එපාවුණා. :lol:

Google Talk Labs Edition

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.