මැරතන් අලුත්ම තත්ත්වය

දැන් නම් හති. කිසිම දෙයක් ඔළුවට එන්නෙ නැහැ ලියන්න. අදහස් ඉවර වෙලා වගෙයි. බලමු තව ටිකක් ඉඳලා මොනවද කරන්න පුළුවන් කියලා. තාම ස්පයිඩර්මෑන් බලනවා. මං හිතනවා මේක බලලා ඉවර වුණාම මොනවහරි ලියන්න පුළුවන් වේවි. 😀

බකියාගේ පින්තූරයක්

බකීගේ පින්තූරයක් හම්බවුණා. අන්න ඌ ඒ පාර එළියට ගිහිල්ලා බුරනවා. 😀

ලියන්න දේකුත් ඔළුවට එන්නෙ නෑ ඒ පාර. ආයෙමත් රස්නෙ වැඩිවීගෙන එනවා. හරිම අමාරුයි.

මං දැන් කම්මැලිකම යන්නත් එක්ක බලනවා ස්පයිඩර් මෑන් 3 – ඒ අතරේ ලියන්නම් බකියා ගැන කතන්දරයක්. බකී කියන්නේ අපේ සුනඛ මහතා කියලා කලින් කිව්වා නේද මම? ඔව් මේ සුනඛ මහතා බොහොම බුද්ධිමත් කෙනෙක්. ඌට මාර මොළයක්නෙ තියෙන්නෙ.

දැන් ගොඩක් වෙලාවට අපි ඌව අල්ලගෙන දම්වැල දාලා තියෙනවා. නැතිනම් මාර වදයක් – හැමෝටම බුර බුර යනවා චණ්ඩියා වෙන්න. කොහොම වුණත් අපි බකියාව අල්ලන්න හිතාගෙන ළඟට ගියොත් මූ කොහොම හරි ඒක දැනගෙන අල්ලන්න කලින් පනිනවනේ. දැන් සාමාන්‍ය විදියට වෙන හේතුවකට ළඟට ගියොත් පනින්නෙ නෑ. ඒත් අල්ලන්න හිතාගෙන ගියොතින් නම් අල්ලන්න හම්බවෙන්නෙ නෑ කීයටවත්. මං මේ කල්පනා කළේ මූට මෙච්චර ඉවක් ලැබුණේ කොහොමද කියලා. නැතිනම් කොහොමද ඒක තේරුම් අරගෙන පැනලා යන්නෙ?

අන්තර්ජාලය මගින් හිම මල් හදන්න Make-a-Flake

දැන් කියවලා කියවලා කම්මැලියි නම් මෙතැනට ගිහින් හිම මල් හෙවත් Snowflakes හදන්න පුළුවන්. මේක නියමයි. ෆ්ලෑෂ් වලින් හදලා තියෙන්නෙ. එතන තියෙන කතුර අරන් කැමති කැමති හැඩ කපලා, මලක් හදන්න Preview Flake මත ක්ලික් කරන්න. කැමතිනම් හිම මල් ගැලරියට ගිහින් වෙනත් ඒවා බලන්න 😀

Make-a-Flake

පූසෝ තවම නිදි

කෝඩියි යූලයි තවම නිදි. අනේ මන්දා… පූසන්ට ඉතිං වෙන වැඩක් තියෙනවයැ? කනවා බොනවා නිදාගන්නවා. හිතුණොත් තව පූසෙක් එක්ක වලියක් දාගන්නවා. සමහර පූසොන්ට කන බණේම තමයි. සමහර පූසෝ ඤාව් ගාන්නෙත් නෑ. සමහර පූසෝ උපාසකයො වගෙයි. පූසොත් විවිධයි විසමයි. හැබැයි බල්ලො වගේ නෙමෙයි, පූසො හුරුබුහුටියි – පොඩියි – පයින් පාරක් දෙන්න පුළුවන් විසිවෙලා යන්න! 😉

මම නම් සාමාන්‍යයෙන් පූසොන්ට පයින් ගහන්නෙ නෑ.

ඒ වුණාට පූසො නම් අපට ඉන්න දෙන්නෙ නෑ. මං කලින් කිව්ව ටිටීට තියෙනවා අමුතු පුරුද්දක්. ඌ බොහොම කැමතියි කාගේ හරි කකුලේ වෙලෙමින් පිස්සු කෙලින්න. ඌට නම් මාර පිස්සු තොගයක් තියෙන්නෙ. ෂැක් තවම පින්තූරයක් හොයාගන්න බැරිවුණානේ. අද උදේ කුකුෂ්කින් ඇවිල්ලා අපේ කකුල් හපමින් මාර ජංජාලයක් කළේ. දැන් නම් පේන්නවත් නෑ.

ආ මෙන්න බකී දොර ළඟට වෙලා නිදියගෙන ඉන්නවා. බකී කියන්නේ අපි සුනඛ මහත්තයා. එයාගෙ පින්තූරයක් ගන්න බෑ එළිය වැටෙන හින්දා හරියට පේන්නෙ නෑ.

ඔන්න කෝඩිගෙයි යූලාගෙයි පින්තූරයක් ගත්තා – තාම දොයි දෙන්නම! 😆 ඔය ලොකු පූසා තමයි කෝඩි. අනිත් එක්කෙනා තමයි යූලා.

බකියා ගැන තවත් කතාවක් පසුව.