නැවතත් මැරතන්

මදෑ පොඩ්ඩක් නිදාගන්නම් කියලා ගිහින් අන්තිමට ඇහැරුණේ පහට විතර. ඒකට කමක් නෑ. දැන් නම් ඉතින් නිදිමත (almosot) නැති හින්දා ලියන්නයි යන්නේ. දැන් නම් පොඩි සීතල ගතියක් දැනෙනවා. මූණ හෝදගන්න ඕන පොඩ්ඩක්.

නිදිමත!

හපොයි කලින් දැනිලා තියෙන්නෙ නිදිමතද කියලා හිතෙනවා දැන් නම්. හරිම අමාරුයි දැන් නම් වෙන මොනවත් ඕන නෑ පොඩ්ඩක් නිදාගන්න තිබුණා නම් ඇති. ෂැහ් පාන්දර වුණාට සීතලවත් දැනෙන්නෙ නෑ. ඔළුව රිදෙන එකත් තව ප්‍රශ්නයක්. ටිකක් නිදාගෙන ආවනම් වැඩේ හරි කියලා හිතෙනවා. ඉවසන්නම බැරි වුණොත් ගිහින් චුට්ටක් නිදාගන්නවා. ආයේ නැගිටලා ලියන්න බැරියැ 🙂

මැරතන් එකේ තත්ත්වය

මොකට කියනවද මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයිනෙ බලාගෙන යනකොට. කෝ බලමු, අපි දැන් පැය පහමාරක් විතර අවදියෙන්. කලින් නම් මමත් ‍ලොකුවට කිව්වා ලියමු ලියමු සිම්පල්නෙ කියලා. දැන් තමයි තේරෙන්නෙ 😀 හරිම අමාරු වැඩක්. ලොකුම ප්‍රශ්නෙ නිදිමතත් නෙමෙයි. අදහස් එන්නෙ නැති එක. ඇයි දෙයියනේ වෙනදට නම් දවසට එක පෝස්ට් එකයිනෙ. අද ඉතින් ලියන්න එපෑ දවස පුරා – ඒ මදිවට රේඩියෝ එකත් නැවතිලා. හරිම අමාරුයි ඒක නැතුව. නැවත අරඹාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ඇයි කතාවක් තියෙන්නෙ වැරදීම දේව ගතියක් සමාව දීම…. ආ නෑ – වැරදීම මිනිස් ගතියක් සමාව දීම දේව ගතියක් කියලා 😉

දැන් නම් කෙටි විවේකයක්වත් (විනාඩි පහක වගේ) ගන්න ඕන – හරිම අමාරුයි. කවුරුහරි මේක කියවනවානම් comment එකක්වත් දාන්න – පුදුම නිදිමතක් තියෙන්නෙ. 😀

යුද්දෙට යන්න

මේක කාලෙකට කලින් සිදුවෙච්ච දෙයක්. අපි දවසක් කොළඹ ගිහින් එන ගමන තමයි මේ සිදුවීම දැක්කේ. කොයි හරියෙද වුණේ කියලා මතක නෑ. අපි ආපු බස් එක overtake කරගෙන හමුදා ලොරියක් ගියා. එතකොට බස් එක නවත්තලයි තිබුණේ. ඒ නවත්තලා තිබුණු තැන තිබුණු පුංචි කඳු ගැටයක් උඩ හිටගෙන හිටපු පොඩි මල්ලි කෙනෙක් මෙහෙම කෑගැහුවා: “අයියා යුද්දෙට යන්න අපිත් එනවා” ඒ මල්ලිගෙ මූණ සතුටෙන් පිරිලා, සිනහව ඉතිරෙනවා ඇස් වලින්. මට එවෙලේ දැනුණ හැඟීම පුදුමාකාරයි.

මම පවර්ඩීවීඩී අත්හැර දැමූ හැටි

මං ඒ කාලෙ බොහොම ආසාවෙන් පාවිච්චි කරපු මෘදුකාංගයක් තමයි පවර්ඩීවීඩී. කොටින්ම කියනවා නම් මම ඒකට සිංහල භාෂා පැකේජයකුත් හැදුවා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඒත් මේ ළඟකදි මං ඒක සම්පූර්ණයෙන්ම අතහැරියා.

දැන් මම පාවිච්චි කරන්නෙ VLC සහ මීඩියා ප්ලේයර් ක්ලැසික් තමයි. මේ මෘදුකාංග දෙක නියමෙට ඩීවීඩී ධාවනය කිරීම කරන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. දෙකම පාවිච්චි කරන්නෙ අවස්ථාවෙ හැටියට තමයි. මීඩියා ප්ලේයර් ක්ලැසික් එකට AC3Filter මගින් ලැබෙන සහය නිසා ඩීවීඩී වල ශබ්ද ගොඩක් හොඳින් ලබාගන්න පුළුවන්. මං ගාව තියෙන්නෙ ස්ටීරියෝ ස්පීකර් නිසා (සබ්වූෆරයක් තිබුණත්)

මීඩියා ප්ලේයර් ක්ලැසික්: http://sourceforge.net/projects/guliverkli
AC3Filter මෙතැනින් ලබාගන්න පුළුවන්: http://ac3filter.net/projects/ac3filter