මැරතන් මගින් බ්ලොග් ලොව හෙල්ලීම
by Malinthe Samarakoon on April 19, 2008
මැරතන් එක ඊයේ රෑ පටන් අරන් දැන් ඉතින් කෙරීගෙන යනවා. මෙච්චර වෙලා ඇහැරගෙන ඉන්න එක අමාරුයි තමයි. මොනවා කරන්නද ඉතින්. මාත් පොඩ්ඩක් නිදාගෙන ඇවිල්ලයි මේ ලියන්නෙ.
ගියා කොත්තු පැත්තෙ. kottu.org ලංකාවේ ප්‍රමුඛ බ්ලොග් සින්ඩිකේටරයක්. දැනට කොත්තු එකේ පෙනෙන පෝස්ට් 45න් 34ක්ම සිංහල! කොහොමද ඒකෙන් ලැබෙන ආවරණය? දැන් සිංහල ස්ථාපනය නොකරන කෙනෙක් මේක දැක්කොත් අනිවාර්යයෙන්ම බලාවි නේද මොකද මේ ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙන්නෙ කියලා? මේකෙන් සිංහල පරිගණකයට ස්ථාපනය කරගන්න එක තවත් පැතිරෙනවා නේද? මේ තියෙන්නෙ බ්ලොග් මැරතන් එකෙන් වෙන තවත් සේවයක්. මේ කරන වැඩේ තේරුමක් තියෙනවද කියලා අහපු අයටයි මේක
Related posts - ආශ්‍රිත ලිපි:
One comment
මලින්ත මචෝ,
සිංහලෙන් බ්‍ලොග් ලියන එක නම් ගොඩක් හොද වැඩක්. ඒක දිගටම කරගෙන යන්න කියලා මම පතනවා. පුළුවන් උදව්වක් තියෙනවානම් අපිත් කරන්නම්.
එලකිරි වගේ වැඩේ කරගෙන යමන් මචෝ.
සුශ අනාගතයක්!
by චාමර ගොඩගමගේ on 2008 July 11 at pm 12:20. #