වහලයේ සිටි මකුළුවා

by Malinthe Samarakoon on April 19, 2008

ලියන්න දෙයක් නැතිව කල්පනා කර කර ඉන්නකොට තමයි වහලයේ සිටි මකුළුවා මතක් වුණේ. ඌ මොන වර්ගයක මොන මකුළුවෙක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මාර මකුළුවෙක් ;)

ඌ බැඳලා තිබුණා ගොඩක් විසාල දැලක්. මකුළු දැල්. දැකුළු මල්.

මේ කියන්නෙ යන්නෙ මකුළුවාගේ බුද්ධිමත් බව ගැන තමයි. අපි (අපි කිව්වට මල්ලියි, අම්මයි තමයි) පොඩි පොඩි කොළ කෑලි කඩලා දැලට විසි කරනවා. එතකොට මකුළු මහතා පටස් ගාලා ඇවිත් බලනවා මොකක්ද මේ තියෙන්නෙ කියලා. ඌ නම් ඉතින් එන්නෙ මොනවාහරි ආහාරයට ගන්න බලාගෙන වෙන්න ඕන. කොහොම හරි එතුමා කොල කෑල්ල අරගෙන පොඩ්ඩක් එහෙමෙහෙ හරවලා විපරම් කරලා, සතෙක් නෙවෙයි කියලා දැනගත්තු ගමන් විසිකරලා දානවා. ඒක පුදුම ලස්සන වැඩක්! :lol:

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.