DivX/Xvid වීඩියෝ සඳහා උපසිරැසි
by Malinthe Samarakoon on April 19, 2008
දැන් ලංකාවට චිත්‍රපටි වල ඩීවීඩී එන එක අම්බානක අඩුයි කියලා ආරංචි තියෙන නිසාත්/ඇස් දෙකෙන්ම දකින්න ලැබෙන නිසාත් ගොඩක් අය අන්තර්ජාලයෙන් චිත්‍රපට ඩවුන්ලෝඩ් කරන්න පෙළඹෙනවා. මට නම් ඩවුන්ලෝඩ් කරන්න වාසනාවක් නෑ – ඒත් ඉතින් වාසනාව තියෙන අයටයි මේක.
සාමාන්‍යයෙන් DivX/Xvid චිත්‍රපටයක් ලබාගත්තාට පස්සේ ඒකට උපසිරැසි දාගන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ උපසිරැසි අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. .srt ගොනුව වශයෙන් තමයි තියෙන්නෙ. opensubtitles.org මේවා හොයාගන්න නියම තැනක්.
මේ උපසිරැසි චිත්‍රපටයට එක්කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි VLC මීඩියා ප්ලේයර් එක පාවිච්චි කරන එක. (http://www.videolan.org/vlc) VLC දැනට ලොව පුරා ජනප්‍රිය බොහෝ මෙහෙයුම් පද්ධති වල ක්‍රියාත්මක නියම මීඩියා ප්ලේයර් එකක්.
අනිත් ක්‍රමය තමයි DirectVobSub – මේක උපසිරැසි පෙන්වන්නට හැකියාව තිබෙන DirectShow Filter එකක්. මේක ගොඩක් හොඳින්ම වින්ඩෝස් මීඩියා ප්ලේයර්, මීඩියා ප්ලේයර් ක්ලැසික් සහ තවත් ප්ලේයර් සමග පාවිච්චි කරන්නට පුළුවන්. ඩීවීඩී වලට වඩා මේ ක්‍රමයේ තියෙන වාසිය අපට කැමති විදියට අකුරු රටා, සෙවණැලි, ෆොන්ට්, අවුට්ලයින්, පෙන්වන තැන ආදිය වෙනස් කරමින් අපට අවශ්‍ය විදියට උපසිරැසි සකසගන්න පුළුවන්.
කෝපි එක බීලා ඉවරයි. නිදිමතයි දැන් හෙණට.
Related posts - ආශ්‍රිත ලිපි:
3 comments
After clicking opensubtitles.org it says “Try reload page, some packed lost, sorry.” r v sorry…….
by Kawshala on 2008 November 15 at am 10:58. #
See this: http://www.opensubtitles.org/en
by Malinthe Samarakoon on 2008 November 15 at pm 3:09. #
Thanks….! It’s Working…..
by Kawshala on 2008 November 15 at pm 3:59. #