මලින්තගේ සටහන | Malinthe’s NoteTips, Tricks, Tech News and Random Thoughts by Malinthe

ඉතින් කොහොමද?

by Malinthe Samarakoon » click here for full post

ගොඩ දවසකින් ලියන්න බැරිවුණා. හේතුවක් කියන්න අමාරුයි. ලියන්න ගොඩක් දේවල් තිබුණත් ලියාගන්න බැරුවයි හිටියෙ. දැන්වත් මොකක්හරි ලියන්න ඕන කියලා හිතුවට මොනවා ලියන්නද කියලා හිතාගන්න බෑ

ම්… දැන් බස් ගාස්තු වැඩියි. අපේ පාරේ කලින් රුපියල් 14 දැන් 17ක් වෙලා. ටවුමට ගිහින් එන්න ගියාම රුපියල් 34ක් වියදම් වෙනවා දැන්. අන්තර්ජාල භාවිතයත් ප්‍රශ්නයක් වෙලා. මේ මොබිටෙල් එකට යන වියදම දරන්න අමාරුයි. වෙන කරන්න දේකුත් නෑ. adsl ගන්න විදියකුත් නෑ, ‍ඩයලොග් එකේ වයිමැක්ස් ගන්න විදියකුත් නෑ. ඩයල්අප් නම් දැන් අප්පිරියයි.

ඊයේ පෙරේදා යාහූ මැසෙන්ජර් එකේ තිබුණු ගේම්ස් ටිකක් සෙල්ලම් කළා යාලුවොත් එක්ක. Pool තමයි මගේ ප්‍රියතම එක. තවත් තියෙනවා Toki Toki Boom කියලා එකක්. ඒකත් නියමයි :lol:

ගොඩ දවසකින් ලියන්න බැරිවුණු නිසා මේක බලන්න එන අයත් අඩුවෙලා වගේ. මොනවා කරන්නද? කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. වර්ඩ්ප්‍රෙස් සිංහල වැඩකටයුතුත් බලන්න බැරිවුණා ගොඩ දවසකින්.

ගැජට් සහ මෘදුකාංග ලෝකයේ මේ දවස්වල ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඒත් ඒවා ලියලා වැඩක් නෑ කියලා හිතුණා. හපොයි මොනවා ලියන්නද?

ම්… ෆයර්ෆොක්ස් වෙනුවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවන්නට කට්ටිය ලෑස්ති වෙනවා. පැය 24ක් ඇතුළත වැඩියෙන්ම ලබාගන්නා මෘදුකාංගය විදියට (ඩවුන්ලෝඩ් කරන) ඔබත් එකතුවෙන්න: http://www.spreadfirefox.com/en-US/worldrecord/

චැහ්, දැන් ඉතින් මදෑ මේ… මොනවා හරි ලියන්න අවශ්‍ය දෙයක් තියෙනවානම් කියන්න අමතක කරන්න එපා. ප්‍රතිචාර අඩු වුණාමත් මුකුත් ලියන්න හිතෙන්නෙ නෑනෙ. ඉතින් හොඳ හෝ නරක ඕනෑම අදහසක් මේ පහළ තියෙන පෝරමයෙන් ලියන්න.

දැනට එපමණයි. හෙට අනිද්දා ඉඳලාවත් නැවතත් පරණ විදියට මේක ලියන්න ඕන. මේකත් බොහොම අමාරුවෙන් ලිව්වෙ සූ අක්කා කියපු නිසා :D

ආ තවත් එකක්, මැගී ආච්චි නැවතත් ලියන්නයි සූදානම. අම්මා අලුත් ලිපි දෙකක් ලියලා දුන්නා. අද හවස වගේ දාන්නයි බලාපොරොත්තුව.

4 comments Click to reply »

සු
මැයි 30th, 2008

:twisted:
ඔයා නම් අන්තිමයි. ඇයි ලිව්වේ නැත්තේ පූල් ගහලා වැඩිපුරම දින්නේ මං කියලා..?? :grin:
ආයෙ නම් එන්නේ නෑ කොයිතරම් නහයෙන් ඇඬුවත්.. :mad:

සුපුන් සුදාරක
මැයි 30th, 2008

මලින්තටත් ආනන්දවර්ධනගේ බ්ලොග් අඩස්සිය බෝ වෙලා වගේ :lol: ඒ කොහොම වෙතත් යාහූ පූල් නම් එළ, මලින්ත දින්නත් කියන්නේ සුදාරකයි දි‍න්නේ කියලා :twisted:

kasun
මැයි 31st, 2008

ආ.. ‍කොහොම වුනත් ආපහු ලියන්න ගත්ත එක ‍‍‍කොච්චර දෙයක්ද? :smile:

නිදහස
මැයි 31st, 2008

ආ. දැන් පයින් යන්න ඕනේ කාලේ. දෙන්නා එක්ක යනකොට දු දැනෙන්නෙ නෑ නේ

Add your reply