Firefox 3!
by Malinthe Samarakoon on June 18, 2008

ඔන්න අද උදෙන්ම ෆයර්ෆොක්ස් 3 ලබාගත්තා. ඊයෙ රෑ සූදානමින් හිටියට මෙලෝ දෙයක් ලෝඩ් වුණේ නෑ.
කොහොමහරි ඉතින් අද උදේ නැගිටලා කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් වුණා.
ආයෙ ඉතින් කියන්න විශේෂ දෙයක් නෑ. මේක ගන්න තමයි අපි කාලයක් බලාගෙන හිටියෙ
අද දවස පුරාම මේක ලබාගෙන ලෝක වාර්තාවට සම්මාදම් වෙන්න පුළුවන්.
සිංහල අනුවාදය අවශ්‍ය නම්: http://www.mozilla.com/en-US/firefox/all.html
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
8 comments
ඔව් ඉතින් බබාලා දෙන්නම දොයියගන්න ගන්න ගියානේ.
සුදාරක මල්ලි සිල් ගන්නවද නිදිද දන්නැ
by ඩනිෂ්ක on 2008 June 18 at am 8:28. #
කෝ ඊයේ රෑ වෙනකම් බැලුවත් ඩවුන්ලෝඩ් කරන්න වුනේ නෑනේ. හොහොමහරි උදෙන්ම ඇහැරෙන්න බැරිවෙච්ච නිසා උදේ T.V එකෙන්ම සිල් ගත්තා.
තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන!
by සුපුන් සුදාරක on 2008 June 18 at pm 9:36. #
හි හී මමද මන්ද මෙහෙන් ඉස්සෙල්ලාම අරන් තියෙන්ෙන් 6/18/2008 3.50 AM

බස්සෙක් කියල වරදවල වටහගන්ඩ එපා…….
by තරිඳු on 2008 June 19 at pm 4:06. #
මම ඉන්නේ මහරගම. මට නම් ජූනි 17 දා රෑ මේක ඩවුන්ලෝඩ් කරගන්න ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒ වෙලවේ මුළු ලෝකෙම ඩවුන්ලෝඩ් කර තිබුණේ 285,000 දෙනෙක් විතරයි.
by අනුරුද්ධ on 2008 June 19 at pm 7:44. #
ආයුබෝවන්!
සිංහල ගිනි නරියා පිළිබඳ දැනුවත් කිරීමට, දනිෂ්ක හා අසංක මාධ්‍යවේදීන් හට සිංහල Firefox ගැන කළ කථා යූට්‍යූබ් (Youtube) නාලිකා හරහා සන්නිවේදනය කළ හැකි නම් කදිමයි.
සිංහල ගිනි නරියා මහජනයා අතර ප්‍රචලිත කිරීමට, අප සැම දෙනට යූට්‍යූබ් විඩීයෝ (Youtube video reviews on Sinhala Firefox 3) කළ හැක
මේ වෙබ් අඩවිය හා යූට්‍යූබ් සිංහල විඩීයෝ දර්ෂණ බලන්න:-
http://www.kuppiya.com/about.htm
http://www.kuppiya.com/make.htm
උදා:
Kuppiya.com – A beginners introduction to PHP 1 (සිංහල/Sinhala)
http://www.youtube.com/watch?v=ga5MhK4oLzQ
Kuppiya.com – JavaScript In 15 Minutes Part 1 (සිංහල/Sinhala)
http://www.youtube.com/watch?v=EMgFYqaA6J0
සිංහල ගිනි නරියා ගැන, අප එකිනෙකාට මෙවැනි සිංහල පිළිබඳ විඩියෝ (Video Review ) කළ හැක.
Firefox 3 Review (ඉංග්‍රීසි/English) http://www.youtube.com/watch?v=3a3SrpEc9p4
Firefox 3 Review (ඉංග්‍රීසි/English) http://www.youtube.com/watch?v=JQG2-pjiGDM
Firefox 3 – Review (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=AmHzLpmBsQo
Why Firefox 3 is Awesome and howto make it better (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=1g30Xyh6Wqc
Updated Google Translate Firefox Ext. 25 languages alt fixed (ඉංග්‍රීසි/English)
http://www.youtube.com/watch?v=DIH03t2FEfs
මෙයට රුවන්෴
by රුවන් on 2008 July 21 at am 9:35. #
මම Firefox 3 සිංහල සංස්කරණය බාගත්තා. ඒ වුණාට තවමත් rendering ප්‍රශ්න තියෙනවා. මට දිස්වෙන සියළුම සිංහල වදන් garbled. මලින්ත මල්ලි, ඔයගේ blog එක මට පැහැදිලිව කියවන්න පුළුවන් Internet Explorer එකේ පමණයි. ඒ නිසා මම දැන් නැවත Firefox ඉංග්‍රීසි සංස්කරණයට හැරුණා. මට Firefox ගවේශකයේ කියවිය හැකි සිංහල වෙබ් අඩවි වන්නේ LankaeNews සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අඩවියයි. මා භාවිතා කරන්නේ XP – SP2. මම සිංහල යුනිකේතය මගේ පරිගණකයේ ස්ථාපිත කළේ Sala Enterprise එකෙන් මිළ දී ගත් සිංහල යතුරු පුවරුව සමග ලැබුණු CD-ROM එකෙන්. මට හිතෙන්නේ සිංහල Firefox හරියන්නේ Vista වල විතරයි. දැනට රුපියල් 25,000 ක් දීලා Vista වලට upgrade වෙන්න මට දැනට උවමනාවක් නැහැ. මගේ අදහස යම් භාණ්ඩයක මිළ ඒ ඒ රටේ දළ ජාතික ආදායම සමග අනුරූපී විය යුතුයි. මා වැරදි නම්, නිවැරදි කරන්න. ඔබට ජය!
by අනුරුද්ධ on 2008 July 21 at pm 9:13. #
@අනුරුද්ධ: මං හිතන්නෙ සිංහල ස්ථාපනයේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මාත් වින්ඩෝස් එක්ස්පී පාවිච්චි කරන නිසා. කිසිම දෝසයක් නැතුව සිංහල පේනවා. සාලා ආයතනයේ සීඩී තැටිය ගැන නම් මම හරියටම දන්නෙ නැහැ.
හැකි නම් මෙතැන තියෙන ආකාරයට සිංහල ස්ථාපනය කරලා බලන්න: http://www.sinhalabloggers.com/sinhala-help/win-xp-sinhala
ජය!
by Malinthe Samarakoon on 2008 July 21 at pm 9:19. #
අනේ මලින්ත මල්ලියේ, ඔයාට ගොඩා…ක් පින්, මට මේ උපදෙස් දුන්නාට.
සාලා ආයතනයේ CD-ROM එකෙන් මම ස්ථාපනය කරගෙන තිබුණු සිංහල යුනිකේතය uninstall කරලා ඔයාගේ උපදෙස් අනුව සිංහල ස්ථාපනය කළා. මෙන්න බොලේ Firefox එකෙත් යසට පේනවානේ සිංහල අකුරු!!!
දැන් මගේ ඊළඟ පියවර Firefox සිංහල සංස්කරණය බාගැනීමයි. නැවත වරක් මම ඔයාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා දීපු උපදේශයට.
ජයවේවා!
අනුරුද්ධ (මහරගම)
by අනුරුද්ධ on 2008 July 28 at pm 3:40. #