ෆයර්ෆොක්ස් 3 RC2
by Malinthe Samarakoon on June 5, 2008
ඔන්න දැන් ෆයර්ෆොක්ස් 3 RC2 නිකුත් වෙලා තියෙන්නෙ. ලොකුම විශේෂත්වය සිංහල භාෂාවත් තියෙන එක තමයි. ඊයේ අලුත් දෘඪ තැටියක් ගත්තු නිසා අද උබුන්ටු ස්ථාපනය කළා. වෙන ඒවා ගන්න විදියක් නෑ
ෆෙඩෝරා තැටියක් නම් ළඟදි ලැබෙන්න තියෙනවා. සිංහල ෆයර්ෆොක්ස් දාලා බැලුවා. ලස්සනයි. නියමයි. ආසාවෙ බෑ.
මෙන්න ස්ක්‍රීන්ෂොට් එකක්:
ස්ථාපනය කරගෙන බලන්න. මේක අන්තිම අනුවාදය නොවුණත් පාවිච්චි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් සඳහා අනුවාද තියෙනවා.
මෙතැනින් ගන්න: http://www.mozilla.com/en-US/firefox/all-rc.html
Update: Link Fixed
Update: මදෑ පාවිච්චි කරලා බලන්නත් කලින් ෂෝක් කිව්වා. බලාගෙන යනකොට ලෙඩ කිහිපයක්. SCIM මේකත් එක්ක වැඩ කළේ නෑ. ඊටපස්සෙ gnome එපාවුණු හින්දා KDE වලට මාරු වුණා. ඒකෙදි මේක පේන්න වස කැත විදියට. හරිම ප්‍රශ්නයක්.
Related posts - ආශ්‍රිත ලිපි:

3 comments
මමත් දා ගත්තා. මරු. මේකට දායක වුනු හැමෝටම තුති.
by නිදහස on 2008 June 7 at pm 10:06. #
මලින්ත,
තාම FF3 හොදයිද ?
by කාලිංග on 2008 June 8 at pm 9:05. #
මලින්තගේ firefox ආලය කෙලවෙලා වගේ
by කාලිංග on 2008 June 8 at pm 9:36. #