මෙහෙයුම් පද්ධති අතර දෝලනය වීම
by Malinthe Samarakoon on June 22, 2008
මං දැනට දාලා තියෙන්නෙ වින්ඩෝස් එක්ස්පී සහ කුබුන්ටුනෙ. කුබුන්ටු ගොඩක් දුරට හොඳයි. සමහර විශේෂාංග කිහිපයක් හැරුණම ගොඩක් ඒවා හොඳට වැඩ.
මට තවම සමහර වැඩ වලට ගැළපෙන මෘදුකාංග හොයාගන්න බැරිවුණා. එකක් තමයි රූපවාහිනී වැඩසටහන් පටිගතකරණ එකක්. බලන්න නම් tvtime දාලා තියෙන්නෙ. ඒක නම් නියමයි. ඒත් පටිගත කරන වැඩේට හොඳ gui එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. කවුරුහරි දන්න හොඳ එකක් තියෙනවා නම් කියන්න.
අනිත් ප්‍රශ්නය තමයි nvidia ග්‍රැෆික් කාඩ් වලින් එන fullscreen video කියන විශේෂාංගය නැති එක. මං චිත්‍රපට එහෙම බලන්නෙ ග්‍රැෆික් කාඩ් එකෙන් රූපවාහිනියට සම්බන්ධ කරලා. මොනිටරය සහ රූපවාහිනිය clone කරලා nvidia පාලක පැනලයේ තියෙන විකල්පයක් මගින් මොනිටරයේ පෙනෙන වීඩියෝ රූපවාහිනියේ මුළු තිරය පුරාම පෙන්වන විශේෂාංගයක් තියෙනවා. ඒ වගේ එකක් කුබුන්ටු වලට හොයාගන්න බැරිවුණා. clone එකක් නම් දාගත්තා. ඒත් රූපවාහිනියෙයි මොනිටරයෙයි තියෙන විභේදන වෙනස නිසා ප්‍රශ්නයක් ඇතිවෙනවා. අනිත් එක මොනිටරයේ වෙනත් වැඩක් කරන්නත් බැහැ ඒ වෙලාවට මොකද දෙකේම මුළු තිරය පුරා දාන්න වෙන නිසා. වෙනම X Screen එකක් රූපවාහිනියට ඇටෙව්වත් ඒකට මං වැඩිය කැමති නැහැ. කරදර වැඩියි.
මං වින්ඩෝස් වල වෙලාවකට Pagemaker එහෙම පාවිච්චි කරන නිසා ඒකට සමාන Scribus පාවිච්චි කරලා බැලුවා. ඒක ගොඩක් හොඳයි. ඒත් text boxes එක්ක වැඩ කරන්න ගියාම එපාවෙනවා. පුදුම විදියට වේගය අඩුයි. විසඳුමක් තියේවිද?
මං විනැම්ප් වලට ගොඩක් ආසා නිසා Audacious දැම්මා. ඒක නියමයි. Plugins ගොඩක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. Gimp වරදක් නැහැ ඒත් Photoshop වලට තදටම පුරුදු වෙලා නිසා පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. Gimpshop දාලා බලන්න ඕන. තව XAMPP දාගන්නත් ඕන. Inkscape දාලා බලන්න ඕන. තව තොගයක්ම දාන්න තියෙනවා. මේ ටික දාන්න ගියොත් මාසෙ අන්තිමට හෙණ බිලක් ගෙවන්න වෙන නිසා තාම දැම්මෙ නෑ
කෝකටත් කියලා Wine දැම්මා. සමහර වෙලාවට ඕන වෙනවනෙ වින්ඩෝස් ඒවා ධාවනය කරන්න.
ම්… වෙන ප්‍රශ්න මොනවද? Themes එක ප්‍රශ්නයක්. KDE වලට ගැළපෙන ලස්සන ඒවා හොයාගන්න ටිකක් අමාරුයි මට. කවුරුහරි දන්න ලස්සන එකක් තියෙනවා නම් කියන්න. මට පේන හැටියට මේවට එන themes අඩුයි වගේ.
අහ් Firefox උබුන්ටු repo වලට දාලා තියෙන නිසා කෙලින්ම දාගත්තා. මොසිලා වෙබ් අඩවියෙන් ගන්න එක KDE වලින් පේන්නෙ කුණුගොඩක් වගෙයි
සමහර වෙලාවට වින්ඩෝස් පහසුයි කියලා හිතෙනවා. සමහර වෙලාවට මේක පහසුයි කියලා හිතෙනවා. ඒ නිසා තමයි ඒ දෙක අතර දෝලනය වෙනවා කියලා කිව්වෙ. අද හවස වින්ඩෝස් වලට ගිහින් BSOD එකකුත් ඇවිල්ලා තමයි නතර වුණේ. (කාලෙකට පස්සෙ) NOD32 ටිකක් පිස්සු නටන්න ගත්තා. වේගය අම්බානකට අඩුවුණා. ඊට පස්සෙ පොඩි වඩු වැඩ ටිකක් කරන්න ගිහින් තමයි ඕක ආවෙ.

හපොයි මේ මදෑ. කම්මැලිකමට ලියන්න හිතුණෙ. නෑ ඇත්තටම මේ BSOD එක හින්දා ලියන්න හිතුණෙ. මේ දවස් ටිකේ අලුතින් ලියන්න විශේෂ දෙයක් තිබුණෙ නැහැ.
13 comments
BSOD නම් මතක් කරන්න එපා.
Windows එපා වෙන්නෙ මේ වෙලාවට තමයි.
by shabith ishan on 2008 June 22 at pm 7:57. #
For TV recording on linux try MythTV (I haven’t used it, but heard it’s good)
I’m using GBPVR on Windows and it’s also good.
by Dhanu on 2008 June 22 at pm 9:27. #
MythTV හොදයි config කරගන්න පුලුවන්නම්…. මම මාර කටුවක් කෑවා ඕක දාන්න ගිහින්
by kalinga on 2008 June 23 at am 9:32. #
MythTV දාන්න බැලුවා. ඒකටත් 60MB විතර යනවනෙ. පස්සෙ වෙලාවක තමයි දාලා බලන්න වෙන්නෙ. මේක පරිස්සම් කරගන්නත් එපෑ
by Malinthe Samarakoon on 2008 June 23 at am 9:37. #
මොකද්ද බන්, උබ දැන් මැරෙන්න ගිය නේද M3 එක අයින් කරනවා, වැඩක්නෑ, කියලා ?? මොකද උනේ ?
by kalinga on 2008 June 23 at am 10:07. #
ඒකනේන්නම් – අයින් කරලා වැඩ කොරන්නෙ කොහොමද? මං නිකං ඩයල් අප් එහෙම පරික්ෂා කරලා බැලුවා ඒත් දැන් ඒක වැඩ කරන්න බැරි තරමටම වේගය අඩුයි. ඒ හින්දා ඉතින් කරන්න දෙයක් නෑ
by Malinthe Samarakoon on 2008 June 23 at am 10:10. #
Oscillate කියන එකටනෙ “දෝලනය වෙනවා” කීවෙ. “ඔසැලෙනවා” කීවොත් නරකද?
සැලෙනවා කියන එකට ඔ උපසර්ගය දැම්මම තමයි ඔසැලෙනවා කියල එන්න. වදන, ඔවදන වෙනවා වගේ.
අනික ඉංග්‍රීසි වදනට කිට්ටු නිසා, ඒක දන්න අයට තේරුම් ගන්නත් පහසුයි. එක වදනයි නෙ, වදන් දෙකක් ඕනෙ නෑ.
by Anuradha Ratnaweera on 2008 June 23 at pm 12:01. #
CDMA Internet කියන එකනම් තෙරුමක් නෑ, කවරුත් මේක ගැන කියන්නේ නැති එක තවත් වරදක්, මොකද ඒ අය හිතාගෙන ඉන්නේ මේවා හරියට වැඩ කියලා. මොකද මම ඔය ලංකා බෙල් අයට ඉස්සර බනිනකොට කිව්වේ “සර් විතරයි මෙහම ස්ලො කියන්නේ කියලා”
දෙයක් මුදල් දීලා ගත්තහම ඒක ගැන කතාකරන්න අපිට අයිතියක තියනවා, මේ ඉන්ටර් නෙට් මෙහම වෙන්න හේතුවක තමයි TRC Quality Standard සෙට් කරල නැති එක, අපි මොනව හරි ගෙනාවොත් තමයි ඔය TRC එය ලෝකෙ නැති කතා කියන්නේ.
by kalinga on 2008 June 23 at pm 1:26. #
@kalinga: ඒක තමයි. මං දෙතුන් පාරක් සන්ටෙල් එකට කතාකරලා මේ ගැන කියලා තියෙනවා. එතකොට කියනවා ඔය සාමාන්‍ය වේගය තමයි කියලා. ඊටපස්සෙ කියනවා අපි මෙහෙන් රීසෙට් කරන්නම් තව ටිකකින් බලන්න කියලා. කොච්චර කරත් ඉතින් ඔච්චර තමයි.
@anuradha: ඔව් ඒක වරදක් නැහැ නේද?
by Malinthe Samarakoon on 2008 June 23 at pm 1:30. #
by මාලින්ද on 2008 June 23 at pm 7:26. #
ලංකාබෙල් එකෙන් දැනට අවුරැද්දක විතර ඉදන් කියන්නෙ තාම හදනව කියල…
by මාලින්ද on 2008 June 23 at pm 7:27. #
Yeah, last month I was on vacation in SL and was using LankaBell CDMA Dial-Up inter net and it was damn slow. Even though it’s connecting at 256kpbs it was slower than old LankaBell 56kbps Dial-Up (before CDMA)
by Dhanu on 2008 June 23 at pm 8:16. #
by Marx on 2008 June 25 at pm 9:54. #