Frets on Fire!

by Malinthe Samarakoon on July 29, 2008

Guitar Hero ගැන අහලා තියනවද? ඒ හුඟක් ප්‍රසිද්ධ ගිටාර් වාදන ක්‍රීඩාවක්. Guitar Hero II ප්ලේස්ටේෂන් 2 සඳහා නිකුත් වීමත් සමග හුඟක් ජනප්‍රිය වුණා. සාමාන්‍ය ගිටාරයක් වැනි උපකරණයකින් ගීත වාදනය කරන්නට හැකියාව ලබාදෙන මේ ක්‍රීඩාව හුඟක් විනෝදජනකයි (ලු)

Gizmodo වගේ තැන් වල මේ ගැන නිතර කතාවෙන හින්දා මං හිතුවා පොඩ්ඩක් මේ ගැන හොයා බලන්න. එතකොට තමයි මේ Frets on Fire කියන ක්‍රීඩාව හොයාගන්න ලැබුණේ. මේ ක්‍රීඩාවත් Guitar Hero ක්‍රීඩාවට සමානයි, ඒත් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් (පරීක්ෂණ) මත ධාවනය වෙනවා. වාදනය කරන්නේ යතුරුපුවරුවෙන්. (ඒකත් නියම වැඩක්, කීබෝඩ් එක උඩුයටිකුරු විදියට අල්ලගෙන වාදනය කරන්න ඕන) අවශ්‍ය නම් සාමාන්‍ය Guitar Hero පාලක පාවිච්චි කරන්නත් පුළුවන්. (ඒවා ලංකාවෙ තියෙනවද දන්නෙ නෑ)

වින්ඩෝස් සඳහා ගොනුව නම් මෙගාබයිට් 32ක් විතර. ඒකත් සමග ගීත තුනක් ලැබෙනවා. තවත් ගීත අවශ්‍ය නම් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. ලොකු ප්‍රජාවක් ඉන්න නිසා ගීත සහ mods සිය ගණනක් ලබාගන්න පුළුවන්. මේකත් සමගම එන tutorial එකත් නියමයි. හිනාවෙලා හොඳ පණ ගියා :D

වැඩිය ලියන්නෙ නෑ බරපතල හිසරදයක් තියෙන නිසා. ස්ථාපනය කරගෙන බලන්න. වරක් සෙල්ලම් කරොත් අත අරින්න හිතෙන එකක් නෑ ;)

Frets on Fire
Frets on Fire wiki (for mods, songs etc.)

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

2 comments

:smile: ස්තූතියි දැන්වූවාට මමත් ඉන්ස්ටෝල් කරා. ඒවගේම තව දෙයක් හිස රදේ හැදුනේ හිනා වෙළාම ද කියලා සැකයි අයියේ ? :oops:

by ප්‍රභාෂ්වර on 2008 July 30 at am 11:43. Reply #

අයියෝ ඔය හිසරදේට නම් බෙහෙතක් ගන්න එක හොඳා! :smile:

by සුපුන් සුදාරක on 2008 August 7 at pm 9:49. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.