විකිපීඩියා සමග තරගයට ගූගල් Knol නිකුත් කරන ලදී!

by Malinthe Samarakoon on July 24, 2008

කාලෙකට කලින් විකිපීඩියා සමග තරග කරන්න ගූගල් මගින් නොල් (Knol) නම් නව අඩවියක් හඳුන්වා දෙන බවට ආරංචි පැතිර ගියා. දැන් ගූගල් මගින් ‘නොල්’ නම් නව සේවාව අරඹා තිබෙනවා.

මේ නව සේවාව මගින් ඕනෑම කෙනෙකුට තමන් හොඳින් දන්නා ක්ෂේත්‍ර පිළිබඳව ලිපි ලියන්නටත්, ඒ ලිපි ලියන කතුවරුන්ට තමන්ගේ ලිපි සඳහා තමන්ගේ නම් ආදිය යෙදීමටත්, වෙනත් අයට අවසර ලබාදීමටත්, ප්‍රතිචාර සහ විචාර සඳහා අවස්ථාව ලබාදීමටත් හැකියාව ලැබෙනවා. පරිශීලකයන්ට ආශ්‍රිත තොරතුරු, විචාර සහ ප්‍රතිචාර ලබාදිය හැකියි.

මෙහි තිබෙන ලිපි වලට පාවිච්චි කරන්නේ ‘නොල්’ කියන නම. මේ නමත් ඉදිරියේදී ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. (විකි වගේ)

පෙනෙන හැටියට නම් ගූගල් නොල් විකිපීඩියාවට හොඳ තරගයක් දෙන හැඩයි.

Google Knol

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

3 comments

http://knol.google.com/k/knol/knol/Help#

by Charitha on 2008 July 24 at am 10:43. Reply #

ඇතැම් විකිපීඩියා මාතෘකාවල දැක්වෙන කරුණු 100% ක් නිවැරදි කියා පිළිගන්න අමාරුයි. විශේෂයෙන්ම දේශපාලන, ඉතිහාස වැනි විෂයන් යටතේ එන මාතෘකා. උදාහරණයක් වශයෙන් අපේ රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල නගරවල ඉතිහාසය, ඒ පළාත්වල ඇති වූ සිදුවීම්, ඒ පළාත්වල ඉතිහාසය යනාදි කරුණු විකෘති කොට තිබෙනවා ඊළාම්වාදීන් විසින්. කොච්චර අපක්ෂපාතීව නිවැරදි කළත් පැය දෙක තුනක් ඇතුළත ඒක කපලා නැවත අර පරණ බොරු කතන්දරය ඇතුල් කරනවා. මම හිතන්නේ නොල් අඩවියේ ලිපිවලට දෘෂ්‍යමාන කර්‍තෘ කෙනෙක් ඉන්න නිසා මේ තත්ත්වය තරමක් පාලනය වෙයි.

by කිංස්ලි on 2008 July 24 at am 10:45. Reply #

නියමයි! knol අනෙකුත් භාෂාවන්ට සහය දැක්වුවොත් තවත් හොඳයි

by කසුන් on 2008 July 24 at pm 12:11. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.