අධෝරක්ත කැමරාව

by Malinthe Samarakoon on July 4, 2008

මං කාලෙකට කලින් ගත්තනෙ පොඩි වෙබ් කැමරාවක්. ඇත්තටම ගත්තෙ කාටවත් කතාකරන්න නෙමෙයි. මං ඉතින් කාට කතාකරන්නද? :lol: වෙන අදහසක් හිතේ තියාගෙන. ඒ Infra Red Webcam එකක් හදන අදහසින්. http://www.hoagieshouse.com/IR/ තියෙන විස්තර වල හැටියට මං අද කැමරාවට පොඩි modifications ටිකක් කළා. දැන් නියමෙට වැඩ.

ඇත්තටම මෙතන කරන්නේ වෙබ්කැම් එක ඇතුළේ තියෙන IR ෆිල්ටරය ගලවා ඉවත් කරන එක තමයි. ඊටපස්සෙ කළු පැහැයෙන් තියෙන ෆිල්ම් කෑල්ලක් තියලා පරණ විදියටම හදපු එකයි කළේ. ප්‍රතිඵලය දැක්කම මටත් පුදුම හිතුණා.

මේ ඉන්නෙ මම. ඇත්තටම ඇඳගෙන ඉන්නෙ නිල් පාට ටීෂර්ට් එකක්. ඒත් පේන්නෙ අමුතු විදියට නේද? :D

මේ තියෙන්නෙ රුපියල් සීයේ නෝට්ටුවක ඉදිරිපස සහ පිටුපස. හෙහ් මේක හොර නෝට්ටු අල්ලන්න පාවිච්චි කරන්නත් පුළුවන් වගේ නේද?

තව පින්තූර ටිකක් පස්සෙ දාන්නම්.

මෙන්න තව එකක්. මේ ඉන්නෙ මගේ මලයා. ඔය අතේ තියෙන්නෙ ඇන්ටනාවේ දුරස්ථ පාලකය. ඒකෙන් නිකුත් වෙන්නෙත් අධෝරක්ත කිරණයක්නෙ. චැහ් මාර එළියක්නෙ තියෙන්නෙ :P

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

9 comments

නියමයි!
මලින්ත, පුලුවන්නම් කළුවර වෙලාවට ගොඩක් රත් වෙච්ච දෙයක් (අයන් එකක් වගේ) පේනවාද කියලා බලන්න.

by ප්‍රසාන් on 2008 July 4 at pm 3:46. Reply #

@ප්‍රසාන්: හරි මම බලන්නම්.

by Malinthe Samarakoon on 2008 July 4 at pm 3:47. Reply #

ෂා! මරුනේ! :smile:

by සුපුන් සුදාරක on 2008 July 4 at pm 4:01. Reply #

:smile: :smile: good work machang

by nalaka dasanayake on 2008 July 4 at pm 8:27. Reply #

නියම වැඩක්!

by කසුන් on 2008 July 5 at am 9:21. Reply #

මලින්ත මල්ලි, මම මේ ලියන සටහන මාතෘකාවට අදාල නැහැ; නමුත් මම හිතනවා ඔයාට මේ වෙබ් අඩවිය interesting කියලා. ඔයගොල්ලන්ගේ මධ්‍යම පළාතේ තමයි මේ E-ගම්මානය පිහිටා තිබෙන්නේ.

http://www.rewesternlanka.org/

by අනුරුද්ධ on 2008 July 5 at pm 10:34. Reply #

බොහොම ස්තූතියි!
කරලා බැලුවා, හොඳට වැඩ කරනවා.
ඉටිපන්දම් එලියට නම් හොඳට පෙනෙනවා, ගොඩක් පින්තූර ගත්තා, හරිම හැඩට පේනවානේ.
http://www.flickr.com/photos/vishva/tags/ir/show/
http://www.flickr.com/photos/vishva/tags/ir/

by Vishva Kumara on 2008 July 7 at pm 10:06. Reply #

@Vishva: නියමයි!

by Malinthe Samarakoon on 2008 July 7 at pm 10:09. Reply #

Interesting…!! nice job..!! :grin:

by Nevindaree on 2008 July 14 at pm 4:50. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.