ජීමේල් වෙතින් අලුත් ආරක්ෂක විශේෂාංග

by Malinthe Samarakoon on July 9, 2008

ජීමේල් මගින් අලුත් ආරක්ෂක විශේෂාංග ටිකක් එකතු කරලා. ඔබේ ගිණුමටත් එකතු වෙලාද බලන්න ජීමේල් හි පහළම බලන්න. එතැන තියෙනවා නම් Last Account Activity කියලා එකක් ඔබටත් ඒ විශේෂාංග ලැබිලයි තියෙන්නෙ. මේ මගින් කෙරෙන්නෙ ඔබේ ජීමේල් ගිණුම විවෘත වෙලා තියෙන අනික් තැන් පෙන්වීම සහ ජීමේල් ගිණුමේ භාවිතය පිළිබඳව සටහන් තබාගැනීම තමයි.

දැන් හිතන්න කැෆේ එකකින් ජීමේල් ගිණුමට ප්‍රවේශ වෙලා ඒකෙන් signout වෙන්නෙ නැතුව ගෙදර ගියා කියලා. එතැන පැහැදිළිවම ආරක්ෂක ගැටලුවක් තියෙනවා නේද? ඇයි එතැනින් කවුරුහරි අපේ පණිවිඩ බැලුවොත් එහෙම? :lol: මේ වගේ වෙලාවකදී ගෙදරින් ජීමේල් වලට පිවිසිලා ජීමේල් විවෘත වෙලා තියෙන අනෙක් තැනේ සැසියෙන් signout වෙන්න මේ විශේෂාංගය මගින් පුළුවන්.

ඔබේ ජීමේල් ගිණුමට තවත් කවුරුහරි හොට දානවද කියලා බලාගන්නත් මේක හොඳ ක්‍රමයක්. මොකද ජීමේල් වෙත ප්‍රවේශ වුණු සියලුම වෙලාවල් මේ මගින් සටහන් කර තියෙන නිසා. ප්‍රවේශ වුණු ආකාරයත් (POP3, SMTP, ජංගම දුරකථනය සහ බ්‍රවුසරය මගින්), දිනය සහ වේලාවත් පිළිවෙලට සටහන් කෙරෙනවා.

මේ විශේෂාංගය තවමත් ලැබිලා නැතිනම් තව ටික දවසකින් ලැබේවි.

චැහ් මාර තිබහක් තියෙන්නෙ. වතුර බිව්වට තිබහ යන්නෙ නෑ වගේ. තේකකුත් තියෙනවා බොන්න කම්මැලියි :D

[Remote sign out and info to help you protect your Gmail account]

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

2 comments

මරු හොද වැඩක්. කවදත් අපේ ප්‍රියතම ගූගල් වෙතින්

by නිදහස on 2008 July 10 at pm 4:47. Reply #

ගූග්ල් හැමදාම අළුත් දෙයක් කරනවනේ.

by කසුන් on 2008 July 12 at am 8:09. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.