වර්ඩ්ප්‍රෙස් 2.6 ඇවිල්ලා!
by Malinthe Samarakoon on July 15, 2008
වර්ඩ්ප්‍රෙස් 2.6 (Tyner) නිකුත් කරලා. මං දැන් ටිකකට කලින් බ්ලොග් එක අලුත් අනුවාදයට යාවත්කාලීන කළා. අලුත් විශේෂාංග වලට සංස්කරණය කිරීම් විකි ආකාරයෙන් සටහන් කරගැනීම, ‘Press This’ bookmarklet එක මගින් ඕනෑම වෙබ් අඩවියක සිට අලුත් ලිපි ලිවීමේ හැකියාව, ගූගල් ගියර්ස් සහය, Themes පූර්වදර්ශන සහය (ෂා නියමයිනෙ) වගේම තවත් විශේෂාංග රැසක් ඇතුළත්.

වදන් ගණනය කිරීම, පින්තූර වලට මාතෘකා යෙදීම, ප්ලගින් වලට යාවත්කාල කිරීම් අවශ්‍ය නම් ඒ බව දැන්වීම (ප්‍රතිචාර වල ආකාරයට) වගේම ප්ලගින් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. ඉස්සර වගේ නෙමෙයි දැන් ක්‍රියාත්මක වෙන සහ නොවන ප්ලගින් පෙන්වන්නෙ වෙන වෙනම. කොහොමහරි දෝෂ 194ක් පමණ මේ අනුවාදයේ සකස් කර තිබෙන බවයි ආරංචිය.
සම්පූර්ණ විස්තරය කියවන්න මෙතැනින්: http://wordpress.org/development/2008/07/wordpress-26-tyner/
අලුත්ම අනුවාදය ලබාගන්න මෙතැනින්: http://wordpress.org/download/
මේ තියෙන්නෙ අලුත් Theme පූර්වදර්ශනය පහසුකම (පින්තූරය සඳහා මාතෘකාවක් සමග):
හ්ම් මේකෙ හැටියට දැනට මම වචන 157ක් ලියලා තියෙනවා. සිංහල වලට නම් හරියට වැඩද දන්නෙ නෑ. ඒ නිසා හරිද බලන්න. ආ ඊයේ මගේ උපන්දිනේනෙ! මේක නිකං තෑග්ගක් වගේ තමයි.

4 comments
මමත් මගේ බ්ලොග් එක wordpress වලට ගෙනියන්න හිතාගෙන ඉන්නේ. 2.6 එකම දාන්න පුලුවන්
by තිලිණ on 2008 July 15 at pm 5:11. #
@තිලිණ: ආහ් බොහොම ස්තූතියි!
සමාව ඉල්ලන්න දෙයක් නෑ
by Malinthe Samarakoon on 2008 July 15 at pm 5:13. #
ඔන්න ඉතින් මම කම්මැලි වැඩේ, අයේ මගේ WP එක Update කරන එක.
by කාලිංග on 2008 July 16 at pm 5:14. #
@කාලිංග: update කරන්න ප්ලගින් එකක් තියෙනවා. මං නම් පාවිච්චි කරලා නෑ හැබැයි. හර්ෂණ ඒක ගැන ලියලා තිබ්බා. මේක බලන්න: http://blog.harshana.net/?p=96
by Malinthe Samarakoon on 2008 July 16 at pm 5:15. #