මලින්තගේ සටහන | Malinthe’s NoteTips, Tricks, Tech News and Random Thoughts by Malinthe

Archive for ‘ජූලි, 2008

තවත් අධෝරක්ත පින්තූර

by Malinthe Samarakoon » click here for full post

විශ්වගේ ඉටිපන්දම් එළියෙන් ගත් පින්තූර ටික බලලා මමත් ඉටිපන්දම් එළියෙන් තවත් පින්තූර ටිකක් ගත්තා. ප්‍රසාන් කිව්ව වැඩේ නම් හරිගියේ නැහැ. ඒ පින්තූර ෆ්ලිකර්හි තියෙනවා. එතැනින් බලාගන්නත් පුළුවන්. මේ මුල් පින්තූරයට ආලෝකය ඉටිපන්දමකින්.

මේකට ආලෝකය IR LED එකකින්.

ප්‍රින්ටරේ යකා නැටීම

by Malinthe Samarakoon » click here for full post

හික් යූටියුබ් එකට වීඩියෝ ටිකක් දාන්න හිතුණා සුදාරක මලයගේ නිදාගැනීමේ වීඩියෝ එක දැක්කට පස්සෙ. හැබැයි බලාගෙන යනකොට දාන්න දෙයක් නෑ. ඉතින් මං මට හිනායන වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන්නෙ මගේ ප්‍රින්ටරේ වැඩිම වේගයෙන් මුද්‍රණය කරනකොට කඩදාසි විසිකරන හැටි

අධෝරක්ත කැමරාව

by Malinthe Samarakoon » click here for full post

මං කාලෙකට කලින් ගත්තනෙ පොඩි වෙබ් කැමරාවක්. ඇත්තටම ගත්තෙ කාටවත් කතාකරන්න නෙමෙයි. මං ඉතින් කාට කතාකරන්නද? වෙන අදහසක් හිතේ තියාගෙන. ඒ Infra Red Webcam එකක් හදන අදහසින්. http://www.hoagieshouse.com/IR/ තියෙන විස්තර වල හැටියට මං අද කැමරාවට පොඩි modifications ටිකක් කළා. දැන් නියමෙට වැඩ.
ඇත්තටම මෙතන කරන්නේ වෙබ්කැම් එක ඇතුළේ තියෙන IR ෆිල්ටරය ගලවා ඉවත් කරන එක [...] Read more »

ඉක්මණින් ලේඛන බෙදාගන්න TinyPaste

by Malinthe Samarakoon » click here for full post

අපි හැමෝම වගේ tinyurl ලිපින දැකලා තියෙනවා. ඒ මගින් කරන්නෙ මතක තියාගන්න අමාරු දිග වෙබ් ලිපිනයක් කෙටි ලිපිනයකට හැරවීම තමයි. මේකට සමාන තවත් සේවා රැසක්ම දැන් තියෙනවා.
කොහොම වුණත් TinyPaste කියන්නෙ ලිපින කෙටි කරන සේවයක් නෙමෙයි. මේ මගින් කරන්නේ ලේඛන, ඡේද, වගන්ති පහසු ක්‍රමයකට හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීම තමයි. සාමාන්‍යයෙන් චැට් මෘදුකාංගයකට මහා දිග වචන තොගයක් [...] Read more »