සම්පත් බැංකුවේ Mobile Cash

by Malinthe Samarakoon on July 21, 2008

ඔන්න ඉරිදා සුදාරක මලයා සල්ලි වගයක් එව්වා සම්පත් බැංකුවේ Mobile Cash සේවාව හරහා. මේක ගැන අහලා තිබුණට තවම පාවිච්චි කරලා තිබුණෙ නෑ. ඉතින් මම අද ෆෝන් එකත් අරගෙන ගියා සම්පත් බැංකුවට එවපු මුදල ගන්න.

පාවිච්චිය හරිම පහසුයි. එවන කෙනාට ටෙලිබෑන්කින් පහසුකම සමග සම්පත් බැංකුවේ ගිණුමක් සහ සීඩීඑම්ඒ හෝ ජංගම දුරකථනයක් තියෙන්න ඕන. ලබාගන්න කෙනාටත් ඉතින් දුරකථනයක් තියෙන්න ඕන. මුදල් යවන්න ලබාගන්න කෙනාගේ දුරකථන අංකයත්, ජාතික හැඳුනුම්පත් අංකයත් අවශ්‍යයි.

මුදල යැව්වට පස්සෙ ලබාගන්න කෙනාට කෙටි පණිවිඩයක් ලැබෙනවා.

මං ඉතින් බැංකුවට ගිහිල්ලා අහලා බැලුවා මේක ගන්නෙ කොහොමද කියලා. එතකොට තමයි දැනගත්තෙ ඒටීඑම් යන්තරෙන් කෙලින්ම ගන්න පුළුවන් බව. ඒටීඑම් යන්තරේ වෙනමම Mobile Cash කියලා විකල්පයක් තියෙනවා. ඒක තෝරලා ජාතික හැදුනුම්පතේ අංකයයි, කෙටි පණිවිඩයේ තියෙන රහස් අංකයයි, එවපු ගණනයි සඳහන් කළාම කෙලින්ම මුදල් ලබාගන්න පුළුවන්. ලබාගත්තට පස්සේ තවත් කෙටි පණිවිඩයක් ලැබෙනවා ලබාගත් බවට.

හික් මහලොකු දෙයක් නෙවෙයි තමයි. ඒත් බොහොම පහසුයි. සරලයි. ආයෙ පෝලිම් වල රස්තියාදු වෙන්න ඕනත් නෑ. හිතට වැදුණු දෙයක් නිසා ලියන්න හිතුණා. :D

Sampath Mobile Cash

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

4 comments

අනේ බං මටත් එවපංකො කීයක් හරි. අතේ සතේ නෑ බං

by නිදහස on 2008 July 22 at pm 1:50. Reply #

සල්ලි යවන්න සම්පත් ගිණුමක් තියෙන්න ඕන. මට එකක් නෑනෙ තාම ;)

by Malinthe Samarakoon on 2008 July 22 at pm 1:52. Reply #

මේ ක්‍රමයට පිටරටටත් සල්ලි අරින්න පුලුවනිද?

by කිංස්ලි on 2008 July 24 at am 10:50. Reply #

@කිංස්ලි: ඒක නම් හරියටම දන්නෙ නැහැ. මං හිතන්නෙ පිටරටට යවන්න බැහැ.

by Malinthe Samarakoon on 2008 July 24 at am 10:54. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.