මොබිටෙල් නැවත ලියාපදිංචිය
by Malinthe Samarakoon on August 19, 2008
හැමදාම නැවත ලියාපදිංචි කරන්න මොබිටෙල් යද්දි කිලෝමීටරයක් විතර දිගට පෝලිමක් තියෙන නිසා හැමදාම වැඩේ අත ඇරලා ගෙදර එනවා. ඒත් අද ක්ලාස් තිබ්බා හින්දා කලින් ගියා වෙන වැඩකටත් එක්ක. ගියාට පස්සෙ දැනගන්න ලැබුණා පන්තිය අදට අවලංගු කරලා. මං ඉතින් වෙන කරන්න වැඩකුත් නොතිබුණු නිසා ගියා මොබිටෙල් එක පැත්තට. උදේ නවයට විතර හින්දා පෝලිමක් පෙනුණෙ නෑ. උඩ තට්ටුවට නැගලා බැලුවම ඇතුළේ විස්සක් විසිහපහක් හිටියා. මං ඉතින් ඇතුළේ පොඩ්ඩක් කැරකෙනකොට ආරක්ෂක නිලධාරියෙක් ඇවිල්ලා ඇහුවා ‘ආයෙ රෙජිස්ටර් කරන්නද?’ කියලා. මං ඉතින් ඔව් කිව්වම හැඳුනුම්පතේ කොපියක් අරන් එන්න කිව්වා. උඩ තට්ටුවේ පොටෝකොපි මැසිමක් (photocopier) නෑ වගෙයි. පල්ලෙහා තට්ටුවෙ නම් තියෙනවා වගේ මතකයි. ඉතින් මක් කොරන්නද ගිහිල්ලා කොපියක් අරගෙන ආවා.
ආවට පස්සෙ පොඩි පෝලිමක වාඩිවෙන්න වුණා. එතැන නම් වැඩි දෙනෙක් හිටියෙ නෑ. මං ඉතින් වාඩිවෙලා අයිපොඩ්ඩත් කනේ ගහගෙන සින්දු අහ අහ හිටිය. කොහොමහරි ඉතින් මගේ වාරේ ආවම එතැන හිටපු කෙනා ෆෝන් එකෙන්ම පින්තූරයක් ගත්තා. මගේ දුරකථන අංකයත් අහගෙන තව පෝරමයක් දුන්නා තඩි කාඩ්බෝඩ් කෑල්ලකුත් එක්ක.
අනිත් පෝලිමට ගියා. එතැන ඉඳන් කාඩ්බෝඩ් කෑල්ල උඩ පෝරමය තියාගෙන ඒක පිරෙව්වා. නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය etc.
ලියාපදිංචි කරන්න හතරදෙනෙක් විතර හිටියා. කොහොමහරි පුරවලා ඉවර වෙනකොටම ලියාපදිංචි කරගත්තු එක්කෙනෙක් නැගිටලා ගියා. මං එතැනට ගිහින් පෝරමය දුන්නා. ඉතින් කීබෝඩ් එකේ මොනවද කොටලා නොම්මරේ ආයෙමත් අහලා ලිපිනයත් ආයෙමත් අහලා පුංචි කාඩ් එකක නමයි හැඳුනුම්පත් අංකයයි සිම් අංකයයි ලියලා දුන්නා. ඒක තාවකාලික එකක්.
ම් ඉතිං එතරම් කරදරයක් නෑ. පැය බාගයක් විතර යන්න ඇති වැඩේට. හැබැයි වැඩේ ඉවරවෙනකොට පෝලිමක් හැදිලා වගෙයි. ඉතින් එතන දොරෙන් එන්න දුන්නෙ නෑ. අනිත් පැත්තෙ පඩිපෙළෙන් බැහැලා ආවා එළියට.
අද නම් පුදුම රස්නයක් තියෙන්නෙ. දාඩිය පෙරෙනවා. ඩෙවොන් එකෙන් අයිස් කෝපි එකක් දෙන්න කියලා කිව්වම දුන්නෙ උණු නෙස්කැෆේ එකක්. හපොයි
Related posts - ආශ්‍රිත ලිපි:
5 comments
මේ තියෙන්නේ මොබිටෙල් නැවත ලියාපදිංචි කිරීමේUser Manual එක – http://www.mobitel.lk/pdf/final_instruction_manual-sinhala.pdf
ඩයලොග් අයට මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුළුවන්
http://www.dialog.lk/en/mobile/downloads/mcert.pdf
by චරිත on 2008 August 19 at pm 1:10. #
කියන්න අමතක උනා ඩයලොග් තමුන්ගෙ නමින්ම සිම් තියෙනවනම් නැවත ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නෑ.
by චරිත on 2008 August 19 at pm 1:12. #
චරිත,
ඩයලොග් එකට ඒ බව දැනුම් දෙන්න අවෂයද ?
මොනව හරි කරන්න තියෙනවද ?
by හර්ෂණ on 2008 August 20 at pm 2:32. #
Apoi mama dan dawas gaanak mobitel ekata giya,,,anthimata epa wela….mage dialog sim eka daagaththa…mona karadarakda…apita wena wada nathuwata…..hathanma gaanak polima…
by Nagaya on 2008 August 30 at am 8:58. #
නාගයෝ,
දැන් මේකට අභියාචනාධිකරණයේ නඩුවක් වැටිලයි තියෙන්නේ. ඒ නඩුවෙන් තීරණය වෙයි අපි නැවත ලියාපදිංචි විය යුතුද නැද්ද කියලා. එතකං මේක ගැන කලබල නූනු තරමට ඇඟට හොඳයි.
by රට්කෝ ම්ලාඩිච් on 2008 August 30 at am 11:37. #