ගූගල් ක්‍රෝම් බොහොම ලස්සන බව දැකලා ඇති නේදැ? කොහොම වුණත් මං දැනට ඒක ප්‍රාථමික බ්‍රවුසරය විදියට පාවිච්චි කරන්නෙ නෑ (තවම) ඒත් අපේ සුපුරුදු ෆයර්ෆොක්ස් සඳහා ඒ පෙනුම (බොහෝ දුරට) ගෙන එන්න පුළුවන් තේමාවක් ගැන දැනගන්න ලැබුණා.

‍ඒ ChromiFox මගින්. මේ තේමාව මගින් ක්‍රෝම් හි තියෙන පෙනුම ෆයර්ෆොක්ස් වෙත ලබාගන්න පුළුවන් (හපොයි ඒක දැන් කිව්වනෙ) නරකම නෑ.

Address Bar එකට ක්‍රෝම් පෙනුම ගන්න Locationbar2 කියන ඇඩෝනය පාවිච්චි කරන්න පුළුවන්. (මං ඒක නම් ඉස්සර ඉඳන් පාවිච්චි කරනවා.)

දැනට නම් මේ තේමාව ලබාගන්න Log in වෙන්න ඕන. ඒකට mozilla.org හි ලියාපදිංචි වෙන්න ඕන. නැතිනම් bugmenot පාවිච්චි කරන්න ;)

[ChromiFox] via Lifehacker

Related posts - ආශ්‍රිත ලිපි:

  1. Opera Mini 5 Beta