මං දන්නෙත් නෑ හැබැයි මං බ්ලොග් ලිවිල්ල පටන් අරන් දැන් අවුරුදු දෙකකුත් පහුවෙලා :D ඊයේ මම බ්ලොග් එකේ පරණම පිටුවට ගිහින් බැලුවා. (මේක කලින් තිබ්බෙ Blogger එකේ, පස්සෙ තමයි මෙතැනට ගෙනාවෙ) අගෝස්තු 11 තමයි මුලින්ම ලියලා තියෙන්නෙ. දැන් නම් ඒවා දකිනකොටත් හිනා යනවා. මං ඒවට කොච්චර අකමැතිද කියනවා නම් මකන්නයි ලෑස්ති වුණේ. ඉස්සර නම් මෘදුකාංග, ඉඟි උපක්‍රම ආදිය ගැන ලිව්වට දැන් ඒවා ලිවීම සම්පූර්ණයෙන්ම වගේ නැවතිලයි තියෙන්නෙ. දැන් ඉතින් එදිනෙදා තොරතුරු තමයි ගොඩක් වෙලාවට ලියවෙන්නෙ.

කොහොම වුණත් මං ඒ දවස් වල බ්ලොග් ලියන්න ගන්නකොට තවත් සිංහල බ්ලොග් තිබුණෙ බොහොම ස්වල්පයයි. දැන් දකින්නත් සතුටුයි සින්ඩිකේටරයේ විතරක් බ්ලොග් 150 කට ආසන්න ගණනක් තියෙනවා. අවුරුදු දෙකක් ඇතුළත සිංහල බ්ලොග්කරණය කොච්චර ඉදිරියට ඇවිල්ලද?

මේ බ්ලොග් එක නිසා ජීවිතේට කොච්චර අත්දැකීම් ලැබුණද කියලා දන්නෙ ඉතින් මමම තමයි. අලුතින් යාලුවො හම්බවුණා, හිටපු යාලුවො නැතිවුණා, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කළා, බැනගත්තා, ගහ මරාගත්තා (භෞතිකව නෙවෙයි :D ), සමාජය පිළිබඳ පොඩි අවබෝධයක් ලබාගත්තා….. අත්දැකීම් සමුදායක්.

ඉතින් මේ සටහන ලියන්නෙ හිතේ තියෙන සන්තෝසෙට. අද බ්ලොග් කියවනයට අලුත් පෙනුමක් ගේන්න අලුත් තේමාවක් හැදුවා. ඒ සෆාරි ෆීඩ් කියවනය අනුසාරයෙන්. ඒකට සහය දුන්නු තිළිණටත්, හර්ෂණටත් ස්තූතිවන්ත වෙන්න ඕන. අදට මෙපමණයි.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. දුම්රියේ සිට බ්ලොග් සහ ගූගල් Wave!
  2. Opera Mini 5 Beta