අදත් ටවුමට යන්න වුණා පොඩි වැඩ වගයකට. මෙහේ උෂ්ණත්වය ගැන නම් ආයෙ කියන්නෙ නෑ මොකද කියලා වැඩක් නැති හින්දා. කොහොම හරි ඉතින් ඇවිදලා ඇවිදලා ඇවිත් බස් එකේ ඉඳගත්තා ආපහු ගෙදර එන්න.

අහම්බෙන් දැක්කා බස් එකේ වීදුරු දෙකක් අතරේ සමනළයෙක් හිරවෙලා හිටි හැටි. මං ඌව එළියට ගන්න ට්‍රයි එකක් දුන්නා. වීදුරුව එහාට මෙහාට කරලා බැලුවා. හයියෙන් අදින්නත් බයයි මොකද උගේ තටු කැඩුණොත් හෙණ ජංජාලයක් වෙන හින්දා. කොහොම හරි සීරුවෙන් වීදුරුවක් එහාට කරාට පස්සෙ ඌ එළියට ආවා. මං ඌට යන්න කිව්වට ගියේ නෑ. එතනටම වෙලා හිටියා. පිස්සු. මං අනිත් පැත්තෙන් වීදුරුවට තට්ටුවක් දැම්මා එතකොටවත් එළියට යයිද කියලා ඒත් ගියේ නෑ. වීදුරුව උඩටම වෙලා තමයි හිටියෙ.

කොහොම හරි ඉතින් බස් එක පිටත් වුණා. මං අයිපොඩ්ඩා කනේ ගහගෙන සිංදු ටිකක් අහ අහ හිටියෙ. ඔහොම ටික දුරක් යද්දි මගේ ඉස්සරහින් වාඩිවෙලා හිටපු නංගි කෙනෙක් අර වීදුරුව ඇරියා. හපොයි අර සමනළයා ආයෙමත් වීදුරු දෙක මැද හිරවෙලා. ඌ වෙර වීරිය දාලා එළියට එන්න හැදුවත් වැඩේ හරියන්නෙ නෑ. ඉඩ මදියි. මං වීදුරුව එහා මෙහා කරන්න හැදුවත් ඒක හෙලවෙන්නෙත් නෑ. තව ටිකක් ඉඳලා වීදුරුව එහාට කරනකොට ඌ මැරෙයි කියලා බයකුත් දැනුණා. කොහොමහරි දඟලලා ආයෙමත් ඌව එළියට ගත්තා. ආයෙත් යන පාටක් නෑ. වීදුරුව උඩට වෙලා බලාගෙන ඉන්නවා. කොහොමහරි ටික වෙලාවක් ගියාට පස්සෙ පියාඹලා යන්න ගියේ නැතෑ. හෙහ්, පිස්සු සමනළයෙක්.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. මොබිටෙල් ටිකට්, දේශපාලන රැලි සහ ප්‍රවාහන අල
  2. මේ දවස් වල ජීවිතේ
  3. දුම්රියේ සිට බ්ලොග් සහ ගූගල් Wave!
  4. දුම්රිය, ගමනාගමන අල සහ අන්තර්ජංජාල