සමනළයා
by Malinthe Samarakoon on September 24, 2008
අදත් ටවුමට යන්න වුණා පොඩි වැඩ වගයකට. මෙහේ උෂ්ණත්වය ගැන නම් ආයෙ කියන්නෙ නෑ මොකද කියලා වැඩක් නැති හින්දා. කොහොම හරි ඉතින් ඇවිදලා ඇවිදලා ඇවිත් බස් එකේ ඉඳගත්තා ආපහු ගෙදර එන්න.
අහම්බෙන් දැක්කා බස් එකේ වීදුරු දෙකක් අතරේ සමනළයෙක් හිරවෙලා හිටි හැටි. මං ඌව එළියට ගන්න ට්‍රයි එකක් දුන්නා. වීදුරුව එහාට මෙහාට කරලා බැලුවා. හයියෙන් අදින්නත් බයයි මොකද උගේ තටු කැඩුණොත් හෙණ ජංජාලයක් වෙන හින්දා. කොහොම හරි සීරුවෙන් වීදුරුවක් එහාට කරාට පස්සෙ ඌ එළියට ආවා. මං ඌට යන්න කිව්වට ගියේ නෑ. එතනටම වෙලා හිටියා. පිස්සු. මං අනිත් පැත්තෙන් වීදුරුවට තට්ටුවක් දැම්මා එතකොටවත් එළියට යයිද කියලා ඒත් ගියේ නෑ. වීදුරුව උඩටම වෙලා තමයි හිටියෙ.
කොහොම හරි ඉතින් බස් එක පිටත් වුණා. මං අයිපොඩ්ඩා කනේ ගහගෙන සිංදු ටිකක් අහ අහ හිටියෙ. ඔහොම ටික දුරක් යද්දි මගේ ඉස්සරහින් වාඩිවෙලා හිටපු නංගි කෙනෙක් අර වීදුරුව ඇරියා. හපොයි අර සමනළයා ආයෙමත් වීදුරු දෙක මැද හිරවෙලා. ඌ වෙර වීරිය දාලා එළියට එන්න හැදුවත් වැඩේ හරියන්නෙ නෑ. ඉඩ මදියි. මං වීදුරුව එහා මෙහා කරන්න හැදුවත් ඒක හෙලවෙන්නෙත් නෑ. තව ටිකක් ඉඳලා වීදුරුව එහාට කරනකොට ඌ මැරෙයි කියලා බයකුත් දැනුණා. කොහොමහරි දඟලලා ආයෙමත් ඌව එළියට ගත්තා. ආයෙත් යන පාටක් නෑ. වීදුරුව උඩට වෙලා බලාගෙන ඉන්නවා. කොහොමහරි ටික වෙලාවක් ගියාට පස්සෙ පියාඹලා යන්න ගියේ නැතෑ. හෙහ්, පිස්සු සමනළයෙක්.
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
15 comments
සමනළයට විතරමද පිස්සු???
by Chathura Sandeepa on 2008 September 24 at pm 8:28. #
@Chathura: නෑ මටත් ටිකක් පිස්සු බව හැමෝම වගේ කියනවා
by Malinthe Samarakoon on 2008 September 24 at pm 8:31. #
සමනලයා නොව සමනළයා විය යුතුය. සමනළයා යනු සමාන වූ නළ දෙකක් ඇත්තා යනුයි.
by Chathura Sandeepa on 2008 September 24 at pm 8:35. #
මොකක් හරි ලොකු උවමනාවකට අමාරුවෙන් වීදුරු දෙක අතරට ආපු සමණලයෙක් ද දන්නෙ නැහැ එලියට දැම්මෙ.
by මගෙ මරණය on 2008 September 24 at pm 8:50. #
@මගේමරණය: හපොයි මං එච්චර දුර හිතුවෙ නෑ නොවැ
by Malinthe Samarakoon on 2008 September 24 at pm 8:52. #
අර ඉස්සරහ හිටපු නංගිට කතා කරලා සමනලයාව මුදා හැරීමට පියවරක් ගත්තා නං ගොඩක් දේවල් වෙනස් විදිහට කල් ඇතුව සිද්ද වෙන්න ඉඩ තිබ්බ
by Anandawardhana on 2008 September 24 at pm 9:14. #
by අරවින්ද on 2008 September 24 at pm 9:53. #
නැ නැ,…
දැන් ගොඩක් දෙවල් සිද්ධවෙලා
ආරංචිවිදියට මලින්ත දැන් දවල් 1සිට 2දක්වා ඔන්ලයින් නැලු
by ඩනිෂ්ක on 2008 September 25 at am 8:35. #
හපොයි අමූලික බොරු
by Malinthe Samarakoon on 2008 September 25 at pm 2:02. #
පව් සමනලයා
by ප්‍රභාෂ්වර on 2008 September 25 at pm 5:56. #
හපොයි….. සමනලයත් එන්න ඇත්තෙ අවශ්‍යතාවයකට….
හි හී… මොනව උනත් මරු එකට ලියලා තියෙනවා…. ලියලා තියෙන විදියට හිනාකාලා මැරෙනවා…..
by Maduhuranga on 2008 September 25 at pm 11:30. #
සමනළයා මල හා ළමයා සේ ?
by තිලිණ on 2008 September 26 at pm 1:16. #
පව් නේද ?
සමනලයා…..
by dilandamith on 2008 September 27 at am 11:28. #
ඇත්ත කියපං මලින්ත. අර නංගිට දුරකතන අංකය දෙන්න නේද උඹ හැදුවෙ ???????????????
by නිදහස් අදහස් on 2008 September 27 at pm 5:26. #
by Malinthe Samarakoon on 2008 September 29 at pm 3:11. #