උණුසුම් පුවත්: Chrome අලයක්!
by Malinthe Samarakoon on September 4, 2008
ඔන්න ඒකට නම් වැඩි දවසක් ගියේ නෑ. Kaspersky Lab එකේ කෙනෙක් Chrome හි තියෙන දෝෂයක් හොයාගෙන. හේතුව Chrome පාවිච්චි කරන්නෙ Webkit හි පරණ අනුවාදයක් වීමලු. මේ දෝෂය ගැන නිරූපණයක් http://raffon.net/research/google/chrome/carpet.html මගින් බලාගන්න පුළුවන්. (මේක නම් ආරක්ෂිතයි. පොඩි නෝට්පෑඩ් වැඩසටහනක් තියෙන්නෙ.)
මෙතනදි වෙන්නෙ ඩවුන්ලෝඩ් වෙන වැඩසටහන ක්ලික් කරාම කිසිම විමසීමක් නැතිව ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ටිකක් ‘නරක’ වැඩසටහන් මගින් අපට කරදර වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් මේක තාම බීටා හින්දා ඉක්මනට හදාවි කියලා හිතෙනවා. ආරංචියෙ හැටියට ඇපල් සමාගම නම් ඒ ගැටළුව හදලා කියලා තියෙන්නෙ.
මොනවා කරන්නද ඉතින් දෝෂ නැත්තෙ මොනවගෙද?
4 comments
ඔය ලෙඩ පහු වෙනකොට හරියාවි.
by කසුන් on 2008 September 4 at am 7:50. #
ගූගල් අයියට සුපුරුදු BETA ලෙබලය අලවලා කියන නිසා කරන්න දෙයක් නෑ!
by SRIshanu (ශ්‍රීශානු) on 2008 September 4 at am 9:30. #
IE 8 IE 8
guess what every people says… at the end of the day i end up using IE
by kalinga on 2008 September 4 at am 11:17. #
මොනව වුනත් තාම පොඩි එකානේ.beta ඉවර වෙනකම් ඔය ලෙඩ ටිකක් තියෙයි
by ප්‍රභාෂ්වර on 2008 September 4 at pm 5:42. #