ගෙදර ඉඳන්…
by Malinthe Samarakoon on September 12, 2008
ඔන්න ඉතින් කෝචිචයෙන් ගාලු ගිහින් ආයෙ බස් එකේ ගෙදර ආවා. යන ගමන් බ්ලොග් එක ලිව්වට වැඩකට ඇති දෙයක් ලියවිලා නැති බව අද තමයි දැක්කෙ. මක් කොරන්නද ඉතින්
කොහොම වුණත් අලුත් ජංගම දුරකථනෙ නියමයි. ගොඩක් තැන්වල HSPA සම්බන්ධතාවය තිබුණා. අපි හිටපු තැන නම් හරියටම තිබුණෙ නෑ ඒත් එතැන පඩිපෙළ උඩට නැග්ගම 3G සම්බන්ධතාවය ලැබුණා
කෝච්චියෙන් යද්දි ඇඟට හරිම පහසුයි. ඒක හින්දා තමයි බස් එකෙන් යන්න මම වැඩිපුර කැමති නැත්තෙ. එන්න හිටියෙත් කෝච්චියෙන් ඒත් දැනගන්න ලැබුණා ඒත් අතර මැද පීලි පැනීමක් වෙලා කියලා කිව්ව හින්දා බස් එකෙන් එන්න වුණා. ඒක නම් මහ එපා කරපු වැඩක්. ඔළුව කැරකෙනවා, රස්නෙයි, දාඩිය දානවා හරිම අමාරුයි
වෙන වැඩි විස්තරයක් නම් නෑ ඉතින්.
Related posts - ආශ්‍රිත ලිපි:
2 comments
ගාල්ලයි කොළඹයි නම් ඉතින් රස්නෙයි තමයි. ඒ වුණාට ඔයා නුවරට ළඟා වුණාට පස්සේ නම් cool එකේ, දාඩිය දාන්නේ නැතිව ඉන්න ඇති.
අනේ මටත් නුවර ඉන්න ඇත්නම්!
මට මේ බස්නාහිර පළාතේ රස්නය එපාම වෙලා තියෙන්නේ. උදේකටවත් cool එකක් නැහැනේ…
by අනුරුද්ධ on 2008 September 14 at pm 9:39. #
AC බස්වල යද්දිත් දාඩිය දානවද?
by ඩනිෂ්ක on 2008 September 24 at am 11:54. #