දුරකථන යුද්දේ

by Malinthe Samarakoon on September 20, 2008

මේ දවස් වල පුදුම රස්නයක් තියෙන්නෙ. දාඩිය පෙරෙනවා, තිබහයි, රෑට නින්ද යන්නෙත් නෑ. ඒ මදිවට දැන් හිස‍රදේකුත් ඇවිල්ලා. ඒත් ගාල්ල එක්ක බලනකොට මෙහේ මොන රස්නයක්ද කියලත් හිතෙනවා. අද ඉතින් ගියා මොබිටෙල් එකට බිල් ගෙවන්න :( :) හපොයි ඇතුළේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ. මේ දවස් ටිකේම එහෙම තමයි. ඇයි රජයේ සේවකයන්ට දෙන අලුත් උපහාර පැකේජය හින්දා. මං බිල ගෙවන වෙලාවෙත් එක්කෙනෙක් ඇවිත් ඒ පැකේජයට අවශ්‍ය මොනවද කියලා විස්තර අහනවා. හැම කවුන්ටරේකම පෝලිම්. වෙලාවකට පුදුමත් හිතෙනවා :D

ඩයලොග් එකේ අලුතෙන් ආපු සීමාරහිත පැකේජයක් ගන්නත් හිතේ තිබ්බා. කොහොම හරි අම්මා ඩයලොග් ප්‍රීපේඩ් එකක් ගත්තු නිසා මං ඒ සිම් එක මොඩම් එකට දාලා බැලුවා. කොහෙද, HSDPA සංඥා නැති තරම්. ඒ හින්දා ඒ වැඩෙත් හරියන පාටක් නෑ. අපරාදෙ කියන්න බෑ මොනවා වුණත් මොබිටෙල් එකේ නම් සංඥා හොඳට තියෙනවා. ආ එතකොටයි මතක් වුණේ ඩයලොග් එකෙන් මේ ගැන අහන්න ගිය දවස. එහෙත් අම්බානක පෝලිම් තිබුණා. මං කවුන්ටරේක හිටපු කෙනෙක්ගෙන් ඇහුවා මේක ගැන. එතකොටම මූණට දමලා ගැහුවා වගේ කියපි customer service එකෙන් අහන්න කියලා. අනේ ඇත්තට මූණෙ හිනා පොදක්වත් නෑ. ඒත් එතැන පෝලිම් තිබුණු නිසා මං ඇතුළෙ පොඩ්ඩක් කැරකි කැරකි හිටියා. එතකොට තව කවුන්ටරේක හිටපු අක්කා කෙනෙක් කතාකරලා අවශ්‍යතාවය අහලා විස්තර කිව්වා. ඇගේ මුහුණෙ නිතරම සිනහවක් තිබුණා. හරිම මිත්‍රශීලීයි. ඒකට කලින් කතාකරපු එක්කෙනා. හපෝයි හැසිරිණු විදිය. පුදුම හිතුණා මේ එකම තැනක වැඩ කරන දෙන්නෙක්ද කියලා.

ආ එදා අම්මට උපහාර පැකේජයක් ගන්න ගිය නිසා උදෙන්ම යන්න වුණා. යනකොට චම්පා එක ඉස්සරහ පාරේ පොලිසියෙන් හිටියා අශ්වයෝ පිට. ‍ඒ වෙලාවෙ වැඩිය මිනිස්සුත් වාහනත් තිබුණෙ නෑ. හරිම ‘කූල්’ වටපිටාවක්. මං ඉතින් ඒ කෙනෙක්ගෙන් අහලා ඡායාරූපයක් ගත්තා. ටිකක් ඈතට ගිහින් ගන්න කිව්වා. මට පිස්සු කියලා හිතෙන්න ඇති :D

මේ දවස් වල කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. අනේ මන්දා හේතුව මොකක්ද කියලා. ලබන මාසෙ විභාගයකුත් තියෙනවා හරි නම් මං දැන් පැල් බැඳගෙන පාඩම් කරන්න ඕන. ඒත් ඉතින් පිස්සෙක් වගේ එහාට මෙහාට වෙවී ඉන්නවා මිසක් කිසි වැඩක් කරන්නෙත් නෑ. දේශගුණයය හින්දාවත්ද?

ම් ඒ අස්සෙම චම්පා එකෙන් ෆෝන් එකට හෙඩ්සෙට් එකක් බලන්න ගියා. මට ඕන වෙලා තිබ්බෙ In-ear එකක් ගන්න. බලද්දි එතැන තිබුණා Sony Ericsson HPM-70 එකක්. හැබැයි ගාන අදහන්න බැරි තරම් ලාබයි. රුපියල් 450. මං ඇහුවා මේක ඔරිජිනල්ද කියලා. කිව්වෙත් ඔව් කියලා තමා. කොහොම හරි ගන්න කලින් බලපු නිසා හොඳට ගියා. ඒක මහ කසිකබලක්! බේස් එකක් ඇත්තෙම නෑ. අන්ත කසිකබලක්. මං ඉතින් එපා කියලා ආවා.

ඒ ගැන කියනකොට තමා ෆෝන් එක ගැන මතක් වුණේ. පහුගිය දවස් වල ගාලු යද්දි බ්ලොග් එක ලිව්වෙත් මේකෙන්. Sony Ericsoon G502 කියලා එකක්. මේ ගානට බොහොම ලාබයි කියලා මට හිතෙන්නෙ. මං ඕක ගන්න කලින් ගිය වතාවෙ අබාන්ස් එකේ හිටපු කෙනෙක් කිව්වා මේකෙ 3G නැහැ කියලා. ඒත් මේකෙ HSDPA (3.6Mbps දක්වා) තියෙනවා. කලින් තිබුණු LG KG195 එකට වඩා නම් සියදහස් ගුණයක් හොඳයි. ඇමතුම් වල quality එක පවා බොහොම හොඳ තත්ත්වයක තියෙනවා. කලින් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. කැමරාව මෙගාපික්සල් දෙකක එකක් ඒත් එච්චරම හරි නෑ. අඳුරු වෙලාවල් වලදි තදට noise එක එනවා. compression එකත් වැඩියි වගේ. ඒක අඩු වුණානම් එතරම්ම අවුලක් වෙන එකක් නෑ.

අදට මේ ඇති. වර්ඩ්ප්‍රෙස් යාවත්කාලීන කිරීම ගැන ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. මේ දවස් වල හුඟක් වැඩ ඇනහිටලා තියෙන්නෙ. :)

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

5 comments

මල්ලී කියුවා හරි, අපේ රටේ බොහෝ ආයතනවල සේවකයන්ගේ මම ඔය අඩුපාඩුව දකිනවා, බොහෝ අය කතාකරන්නේ හරියට වචන වලටත් සල්ලි ගෙවනවා වගේ. මේ ෆොටෝ එක හරි ජාති මල්ලි, මම හිතුවේ ප්‍රොෆෙෂනල් ෆොටො එකක් කියලා, අර පරණ ෆොටෝ එකක ගතියක් ගෑවිලා තියෙන්නේ, මරු ! ඔයා හොඳට ඒක අරගෙන තියෙනවා. දැන් ඉතින් අනම් මනම් අමතක කරලා පාඩම් කරන්න.

by Bo on 2008 September 21 at am 11:02. Reply #

ඇත්ත, ඇත්ත ෆොටෝ එක නම් එළ :)

by කසුන් on 2008 September 21 at pm 1:08. Reply #

ගොඩක් තැන්වල වැඩකරන අය හිතාගෙන ඉන්නෙ අපි එයාලගෙ සල්ලි වලට විදින්න ආපු අය කියල මිසක් අපි එයාලට කීයක් හරි හම්බ කරල දෙන්න ආපු අය හැටියට නෙමෙයි :mrgreen:

by මගෙ මරණය on 2008 September 21 at pm 7:14. Reply #

HMM fake products are every where

by TimesEye on 2008 September 22 at pm 5:14. Reply #

Your photo in kandy doesnt apper now please fix it.

by isura on 2009 June 4 at pm 10:05. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.