මෙහෙයුම් පද්ධති යුද්දේ සහ Zoundry

by Malinthe Samarakoon on September 29, 2008

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙ මෙහෙයුම් පද්ධති එක්ක හෙණ යුද්දයක් කරන්න වුණා නොවැ. මේකයි වුණේ. පෙරේදා (ද ඊට කලින් දවසෙද? හරියටම මතක නෑ) වින්ඩෝස් ක්‍රියාත්මක කරලා අන්තර්ජාලෙට සම්බන්ධ වෙන්න හැදුවා. කොහෙද හරිගියේ නෑනෙ. මොකක්ද අල ලෙඩක් ආවා. ගොඩදාන්න දන්න සෙල්ලං ඔක්කොම දැම්මා ඒත් හරිගියේම නෑ. අන්තිමට දාපු සෙල්ලමත් එක්ක තිබුණු ‍ජනේලේ එහෙමපිටින්ම අල පාත්තියක් වුණා. හපොයි ඉතින් මක් කොරන්නද. එදා ඉතින් තිබ්බ වැඩ ටික එතැනින් කරගෙන ආයෙ මින්ට් එකට ඇවිත් ජාලෙට සම්බන්ධ වෙලා අවශ්‍ය කටයුතු කරගත්තා. (මින්ට් එකට නම් පින්සිද්ද වෙන්න ඕන මේ දුන්නු සහයෝගෙට :P )

ඉතින් දවසේ වැඩ ඉවර වෙලා ලෑස්ති වුණා වින්ඩෝස් ගොඩ දාන්න. රෙපෙයාර් එකක් දැම්මා. හපෝයි මෙන්න 34 දෝසය ආවා. (මිනිත්තු 34 දී හිරවීම) ඒකටත් ඉතිං දන්න කියන ඔක්කොම කරලා බැලුවා ඒත් හරිගියේ නෑ. :(

අන්තිමේදී ඉතින් කරන්නම දෙයක් නැති හින්දා අකමැත්තෙන් වුණත් නැවත මුල ඉඳන් ස්ථාපනය කරන්න තීරණය කළා. Documents and Settings ඔක්කොම ටික වෙන තැනකටත් පිටපත් කරගත්තා මින්ට් පාවිච්චි කරලා. ඊටපස්සෙ වෙනසකටත් එක්ක කියලා දැම්මා විස්ටා. :D එතරම්ම අවුලක් වුණේ නෑ ඒත් කොච්චර වුණත් එක්ස්පී නැතුව බැරි නිසා (සහ විස්ටා මගේ මැසිමෙ ඉබි ගමනින් යන හින්දා) නැවතත් එක්ස්පී දාන්න ගියා. ඒ පාර ස්ථාපනය වෙන්නෙ නෑ තැටියෙ ලෙඩක් වගෙයි. දෙතුන් පාරක් ට්‍රයි කරලා පරණ තැටියකිනුත් දාන්න බැලුවා. ඒත් පරණ එකෙන් දාන්න බෑ මොකද මගේ දෘඪ තැටිය ඒකෙන් අඳුනගන්නෙ නැති හින්දා. අලුත් තැටියට nlite භාවිතයෙන් ඩ්‍රයිවරය දාලා තිබ්බෙ. ඉතින් ඒකත් හරිගියේ නැති තැන නිකමට වගේ මින්ට් එකට ගිහින් තැටිය සුද්ද කරලා ආපහු දාන්න ගත්තා.‍ මෙන්න බොලේ වැඩ! :D

ඉතිං ආපහු ඔක්කොම ස්ථාපනය කරලා යාවත්කාලීන කරලා ඔන්න දැන් අවුලක් නැතුව වැඩ. හැබැයි මේ අල ජංජාලය හින්දා පොඩි දේවල් ටිකක් ඉගෙනගන්නත් ලැබුණා. එකක් තමා dualboot තියෙද්දි ආපහු වින්ඩෝස් දාලා මින්ට් වලට යන්න බැරිවුණු නිසා live තැටියකින් grub පරණ තත්ත්වයට ගන්න හැටි. (http://ubuntuforums.org/showthread.php?t=224351)

මේක ලියන්නෙ Zoundry වල ඉඳන්. පේන හැටියට නම් හොඳයි වගේ. අපේ මිත්‍ර මධුරංගගෙ නිර්දේසයක් නොවැ ;)

ම් මං දැන් මේ පළතුරක් කමින් හිටියෙ. මේකට කියන්නෙ කාබරංකා (ද කොහෙද) මං අහලා තියෙනවා විදි දෙක තුනකටම කියනවා. අත්තම්මා එහෙම කියන්නෙ මෙහෙම තමා. මේක නම් පැණි රසයි. නියමයි :D (පින්තූරේ සුළු වශයෙන් අප්සට්. ෆෝන් එකෙන්නෙ ගත්තෙ. අඳුරු තැන් වල ගන්නකොට මේක අන්තිමයි. හැබැයි හොඳට ආලෝකය තියෙනකොට නම් එතරම් අවුලක් නෑ.)

kabaranka.jpg

මේ දවස් ටිකේම පන්ති යනවා විබාගෙ අත ළඟටම ඇවිල්ලා නිසා. ඒත් ඉතින් පාඩම් කිරීම තමයි අම්බානක අතපසු වෙලා තියෙන්නෙ. හිහි. මං හිතන්නෙ මට පාඩම් කිරීම එතරම් හරියන දෙයක් නෙවෙයි. ඉස්සර වුණත් පාඩම් කරලා නෑනෙ.

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත

9 comments

මේවාට අපේ පැත්තෙ කියන්නෙ කාමරංගා. හරි ම රසයි නෙව :smile:

ජනේලේ ගැන නං ඉතින් අනේ මන්ද. දන්නෝ දනිත්. :mrgreen:

by Anandawardhana on 2008 September 29 at pm 8:29. Reply #

වින්ඩොස් නම් ඉතිං ඇතුවත් බෑ, නැතුවත් බෑ, අමුතුම ජාතියෙ OS එකක් නේ, මෙච්ච‍ර ලෙඩ දැම්මත් ලෝකෙ වැඩිම market share එකක් තියෙන්නෙත් වින්ඩොස් වලට,
:arrow: (http://en.wikipedia.org/wiki/Comparison_of_operating_systems)

ඒ ඉතින් original ඒවනේ, හොර copy තව කොච්ච‍්ර ඇත්ද? :P

ඔය දලා තියෙන කෑම ජතියේ පින්තූරේ නම් මට ඇල්ලුවේ නෑ. :twisted:

by Chathura Sandeepa on 2008 September 29 at pm 11:34. Reply #

ආ…. නුවර පැත්තෙ සරුවට අල බහිනවා වගේ :wink:

මම නම් (අල) ජනෙල් වලටම හුරු වෙලා වෙන මුකුත් හිතට අල්ලන්නෙ නෑ… මාසෙකට සැරයක් ෆෝමැට් එකක් නම් ෂුවර්…

අපි කියන්නෙත් “කාමරංගා/කෑමරංගා” කියලා. කෑවා වගේ නෙමෙයි, දත් ටික නම් අපරාදෙ කියන්න බෑ කහම කහ වෙනවා..

by Madhuranga on 2008 September 30 at am 8:07. Reply #

මොකද්ද මේ මින්ට් කියන්නේ?

by මරණය on 2008 September 30 at pm 12:40. Reply #

installing operating system is a *moderated* headache

by TimesEye on 2008 September 30 at pm 2:28. Reply #

@මරණය: ලිනක්ස් මින්ට් http://www.linuxmint.com (උබුන්ටු මත පදනම් වුණු එකක්)

by Malinthe Samarakoon on 2008 September 30 at pm 2:50. Reply #

ස්තුතියි!!!!

by මරණය on 2008 September 30 at pm 4:16. Reply #

අල කෙසේ වෙතත් දැම්ම අල පාත්තිවල හැටියට කාමරංගත් ෆොටෝ එකත් අල වෙලා. :eek: ඕක තමයි කියන්නේ xp අවුල්ද, එහෙනම් මින්ට් කියල

by ප්‍රභාෂ්වර on 2008 September 30 at pm 4:26. Reply #

කාබරංකා ටික දැක්කම නම් කටට කෙල උනනවා. මමත් හරිම කැමති කෑමක් තමයි ඕක. හරිම රස වගේම ගුණවත් පළතුරක් :mrgreen:

by සංජීව ගුණතිලක on 2008 September 30 at pm 9:41. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.