අවුරුදු දෙකක බ්ලොග් ලිවිල්ල
by Malinthe Samarakoon on September 23, 2008
මං දන්නෙත් නෑ හැබැයි මං බ්ලොග් ලිවිල්ල පටන් අරන් දැන් අවුරුදු දෙකකුත් පහුවෙලා
ඊයේ මම බ්ලොග් එකේ පරණම පිටුවට ගිහින් බැලුවා. (මේක කලින් තිබ්බෙ Blogger එකේ, පස්සෙ තමයි මෙතැනට ගෙනාවෙ) අගෝස්තු 11 තමයි මුලින්ම ලියලා තියෙන්නෙ. දැන් නම් ඒවා දකිනකොටත් හිනා යනවා. මං ඒවට කොච්චර අකමැතිද කියනවා නම් මකන්නයි ලෑස්ති වුණේ. ඉස්සර නම් මෘදුකාංග, ඉඟි උපක්‍රම ආදිය ගැන ලිව්වට දැන් ඒවා ලිවීම සම්පූර්ණයෙන්ම වගේ නැවතිලයි තියෙන්නෙ. දැන් ඉතින් එදිනෙදා තොරතුරු තමයි ගොඩක් වෙලාවට ලියවෙන්නෙ.
කොහොම වුණත් මං ඒ දවස් වල බ්ලොග් ලියන්න ගන්නකොට තවත් සිංහල බ්ලොග් තිබුණෙ බොහොම ස්වල්පයයි. දැන් දකින්නත් සතුටුයි සින්ඩිකේටරයේ විතරක් බ්ලොග් 150 කට ආසන්න ගණනක් තියෙනවා. අවුරුදු දෙකක් ඇතුළත සිංහල බ්ලොග්කරණය කොච්චර ඉදිරියට ඇවිල්ලද?
මේ බ්ලොග් එක නිසා ජීවිතේට කොච්චර අත්දැකීම් ලැබුණද කියලා දන්නෙ ඉතින් මමම තමයි. අලුතින් යාලුවො හම්බවුණා, හිටපු යාලුවො නැතිවුණා, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩකටයුතු කළා, බැනගත්තා, ගහ මරාගත්තා (භෞතිකව නෙවෙයි
), සමාජය පිළිබඳ පොඩි අවබෝධයක් ලබාගත්තා….. අත්දැකීම් සමුදායක්.
ඉතින් මේ සටහන ලියන්නෙ හිතේ තියෙන සන්තෝසෙට. අද බ්ලොග් කියවනයට අලුත් පෙනුමක් ගේන්න අලුත් තේමාවක් හැදුවා. ඒ සෆාරි ෆීඩ් කියවනය අනුසාරයෙන්. ඒකට සහය දුන්නු තිළිණටත්, හර්ෂණටත් ස්තූතිවන්ත වෙන්න ඕන. අදට මෙපමණයි.
Related posts - ආශ්‍රිත ලිපි:
14 comments
එල එල
මෙන්න මේ ටික ඔක්කොම දැම්මම ඕක නිරූපනය කරන්න පුලුවනි
by Anandawardhana on 2008 September 23 at pm 5:16. #
උණූසුම් සුභ පැතුම්. තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න ඕනි!
by සුපුන් සුදාරක on 2008 September 23 at pm 6:16. #
බ්ලොග් සින්ඩිගේටරේ තේමාව නම් ලස්සනයි.පෙන්වන ලිපි ගණනත් වැඩි කරල වගේ.ඒ වගේම මේ ආව බ්ලොග් ජීවිතේ මේ සැතපුම් කණුවටත් සුභාසිරි
by ප්‍රභාෂ්වර on 2008 September 23 at pm 6:36. #
අවුරුදු 2කට අවුරුදු 200ක්‌ම blog කරන්න ලැබේවා
by Dili on 2008 September 23 at pm 6:38. #
සුබ පැතුම් මලින්ත මලයට තව තව බ්ලොග් ලියන්න ලැබේවා……
by කාලිංග on 2008 September 23 at pm 7:28. #
ආපු දුර වගේම තව ගොඩ දුරක් යන්න උණුසුම් සුභ පැතුම්……
by Maduhuranga on 2008 September 24 at am 7:13. #
සුභ පැතුම් !
by තිලිණ on 2008 September 24 at am 7:18. #
ඔබට බ්ලොග් ලිවිල්ල මෙන්ම ළඟදීම ADSL සම්බන්ධතාව ද ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි!
by අනුරුද්ධ on 2008 September 24 at am 11:24. #
ඔයාගේ බ්ලොග් කටයුතු වගේම අධ්‍යාපන කටයුතු සාර්තක වේවා.
ඉක්මනින් හොඳ රස්සාවක් ලැබේවා (අන්තර්ජාලයට එන්න බිල් ගෙවන්න එපැයි)
by ඩනිෂ්ක on 2008 September 24 at am 11:51. #
ඕං එහෙනම් මාත් සුභ පතනවා. මේ අවුරුදු 2ට තව අවුරුදු 200 ක් විතර බ්ලොග් ලියන්න කියල
by කසුන් on 2008 September 24 at pm 12:19. #
සුභ පැතුම්,
දිගින් දිගටම හැමදාම Blog Post එකක් කරන්න හැකිවේවා !
by හර්ෂණ on 2008 September 24 at pm 2:08. #
චිරාත් කාලයක් බ්ලොග් කරුවන් අතර වැජබෙන්නට මෙන්න මගෙනුත් සුභාසිරි.
ජය ශ්‍රී !!!!!!
by මහේෂ් කූරගම on 2008 September 24 at pm 4:58. #
හැමදාම කියනව වගේ මම බ්කලොග් ලියන්න ගත්තෙ උඹේ බ්ලොග් එක දැකල. සුබ පැතුම් පරක්කු වුනාට සමා වෙන්න ඕන. ජය වේවා. දිගටම ලියමු
by නිදහස් අදහස් on 2008 September 27 at pm 5:28. #
උණුසුම් සුභ පැතුම්!
http://www.makandura.wordpress.com
by Prabath on 2008 September 28 at pm 2:43. #