පුළුල් පරාස (Broadband) ගැන දනගන්න – ලර්න් ඒශිආ / සර්වෝදය වැඩමුළුව
by Malinthe Samarakoon on November 15, 2008
ඔබේ ඉන්ටර්නෙට් සබඳතාවය කෙතරම් වේගවත්ද? ඔබ අපේක්ෂිත වේගය අත් විඳින්නේද?
වසර කිහිපයක සිට කලාපීය පුළුල් පරාස ඉන්ටර්නෙට් සේවාවන් ගැන පර්යේෂණයන්හි නිරතව සිටින ලර්න් ඒශිආ (LIRNEasia) ආයතනය පුළුල් පරාස ඉන්ටර්නෙට් වේගයන් (Broadband speed) නීර්ණය කළ හැකි AT-Tester යෙදුම හඳුන්වා දෙයි.
මෙය නිදහස් මුදුකාංග (Open Source software) උපයෝගී කර ගෙන සකස් කොට ඇත. Spedtest.net හා Speedtest.com බඳු යෙදුම් නොසපයන ආකාරයේ තොරතුරු සපයන්නකි.
ලර්න් ඒශිආ / සර්වෝදය එක්දින වැඩ මුළුව (නොවැම්බර් 25, 2008)
(සහභාගිත්වය අය කිරීමකින් තොරව )
උදෑසන 8.30 සිට 11.30 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේදී
කොළඹින් බැහැර සිට පැමිනෙන්නන් උදෙසා පෙර දින රැය සර්වෝදය මූලස්ථානයේදී නවාතැන් පහසුකම් සැපයිය හැක.
මීට සහභාගි වීමට නම් ඔබ:
මාස තුනක් වත් පවත්වාගෙන ගිය බ්ලොග් සටහනක හිමිකරුවකු හෝ වසරක වත් පළපුරුද්ද ඇති නැණසල/ටෙලිසෙන්ටර් ක්‍රියාකරුවකු විය යුතුයි.
වැඩි විස්තර සඳහා දුරකථන අංකයක් සමඟ විමසන්න:
චානුක වත්තේගම chanuka(ඇට්)hotmail.com
2 comments
බලපු ගමන් පේන්නේ වෙළද දැන්වීමක් වගේ..
by චතුර සංදීප on 2008 November 15 at pm 5:02. #
ම්හි අන්තර්ගතය, agenda එක හා මෙයට සේවා දායකයින් සහබාගි වෙනවාද ?
යන්න ගැන පැහැදිලිව කියන්න පුලුවන්නම් හොදයි.
by කාලිංග on 2008 November 16 at pm 8:45. #