ජංගම දුරකථනයට සිංහල දැමීම
by Malinthe Samarakoon on November 24, 2008
ෆෝන් එක ගත්තට සිංහල නැතුව වැඩක් තියෙනවද? මේක තමා ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ. නොකියා එකක් ගන්න තිබුණා මොකද ඒවයෙ සිංහල තියෙනවනෙ. ඒත් ඉතින් ගත්තට පස්සෙ කරන්න දෙයක් නෑ. කොහොම වුණත් සිංහල නැතුව ඉන්න බැරි හින්දා (මොකද එන ඊමේල් හිටන් වැඩිහරියක් සිංහලනෙ) ට්‍රයි කරා ඩයලොග් එකේ සිංහල බ්‍රවුසරය ගන්න. කොහෙද ඒක ගන්න දන්න හැම දේම කළා. හරියන පාටක් නෑ.
මං ගත්තු Sony Ericsson G502 A2 මත දුවන එකක් හින්දා මේ ළඟක් වෙනතුරුම ඒකෙ filesystem එකට යන්න විදියක් තිබුණෙත් නෑ. ඒත් මේ ළඟදි වාසනාවට වගේ a2uploader කියලා මෘදුකාංගයක් නිකුත් කරලා තිබුණා. මේක පාවිච්චි කරලා ෆෝන් එකේ ෆයිල්සිස්ටම් එකට යන්න පුළුවන්. ඉතින් මාත් රිංගුවා ඒක ඇතුළට. ඉතින් වැඩ ගොඩයි. ෆ්ලෑෂ් මෙනු ටිකක් දැම්මා, අලුත් කැමරා ඩ්‍රයිවරයක් දැම්මා… එච්චර තමයි ඉතින්
මේකට වැඩිය mods නිකුත් කරලා නැහැ භාවිතය අඩු නිසා.
එතකොට තමයි ෆොන්ට් දාන අදහස ආවෙ. මුලින්ම සාමාන්‍ය සිංහල ෆොන්ට් එකක් දාලා බැලුවා. වැඩේ ගොඩ. ඒත් ඉංගිරිසි අකුරු පේන්න නෑ
ඊටපස්සෙ දසුන් අයියා කිව්ව නිසා ඉස්කෝල පොත කියන ෆොන්ට් එක දැම්මා. (වින්ඩෝස් වලට එන්නෙ) එතකොට නම් මෙන්න ඉංගිරිසිත් වැඩ. ඒත් ඉතින් ජාවා වැඩසටහන් වල අකුරු මහා විසාල වුණු නිසා වැඩේ අතඇරියා.
ඉතින් ආයෙ ටිකක් වෙලා ඉඳලා බැලුවා ඇයි මේ ජාවා වැඩසටහන් වල විතරක් සයිස් එක ලොකු වෙන්නෙ කියලා. බැලින්නම් ඒකට පාවිච්චි වෙන්නෙ වෙන ෆොන්ට් එකක්. ඉතින් මොකද කරේ ඒ ෆොන්ට් එක පිටපත් කරගෙන ෆොන්ට්ලැබ් මගින් සිංහල අකුරු ටික දැම්මා ඒකට. ඊටපස්සෙ වැඩ. දැන් සිංහල තියෙන්නෙ ජාවා වැඩසටහන් වලට විතරයි. ඒත් මදෑ.
කොහොම වුණත් වැඩේ සීයට සීයක්ම සාර්ථක නෑ. මොකද සිංහල පේන විදිය අන්තිම සවුත්තුයි. ඒ කියන්නෙ සාමාන්‍ය පරිගණකයකට සිංහල පැච් එකක් ස්ථාපනය නොකර ෆොන්ට් එක විතරක් දැම්මම පේන විදියට තමා දැනට පේන්නෙ. Something is better than nothing කියන්නෙ නිකං නෙවෙයිනෙ. කලින් තිබ්බෙ කොටු ගොඩක් විතරයි. දැන් ඉතිං යන්තමට හරි කියවන්න පුළුවන්නෙ
ඒත් ඉතින් සිංහල හරියට පේන්න මොකක්හරි කරන්න පුළුවන් මිත්‍රයෙක් ඉන්නවා නම් පොඩි සපෝට් එකක් දෙන්න.
Related posts - ආශ්‍රිත ලිපි:


15 comments
වැඩේ නම් එළ.. මට නම් mobile OS ගැන තේරුමක් නෑ
by චතුර සංදීප on 2008 November 24 at pm 8:23. #
මටත් තියෙන්නෙ ඔය phone එකමයි. කොහොමද අලුත් කැමරා drive එක නැගලා යනවද? ඒ වගේම මමත් flash menu දාගන්න ට්‍රයි කලා හරි ගියෙ නෑ.
by චම්පික on 2008 November 25 at pm 12:16. #
@චම්පික: අලුත් කැමරා ඩ්‍රයිවරේ අවුලක් නෑ. එතරම්ම විශේෂයක් පේන්නෙ නෑ ඒත් කලින් තිබ්බට වඩා ටිකක් හොඳයි. ෆ්ලෑෂ් මෙනු වලට swf ගොනු දාන්න ඕන tpa/preset/system/desktop/flash ෆෝල්ඩරේට. ඊටපස්සෙ ඒකත් එක්ක එන ඔරිජිනල් thm ගොනුව සාමාන්‍ය විදියට ස්ථාපනය කරන්න.
by Malinthe Samarakoon on 2008 November 25 at pm 1:27. #
මලින්ත, a2uploader මගේ phone එක detect කරන්නේ නැ. කිහිප වතාවක්ම උත්සහ කලා.
by චම්පික on 2008 November 25 at pm 1:57. #
ආ ෆෝන් එක හයිකරනකොට C වෙනුවට අංක 5 ඔබාගෙන ඉන්න.
by Malinthe Samarakoon on 2008 November 25 at pm 2:08. #
වැඩේ හරි. එළම කිරි. බොහොම ස්තූතියි මලින්ත.
by චම්පික on 2008 November 25 at pm 3:49. #
මලින්ත, windows mobile 5 Phone එකකට සිංහල දාන විදිහත් කියනවදගගගග
by ප්‍රභාෂ් රාජරත්න on 2009 February 10 at am 11:32. #
@ප්‍රභාෂ්: මං Windows Mobile පාවිච්චි කරලා නෑ. ඒ හින්ද කියන්න අමාරුයි. කාලිංග ඒ ගැන මේ දවස්වල හොයලා බලනවා. ඒක හරිගියොත් කියන්නම්.
by Malinthe Samarakoon on 2009 February 10 at am 11:46. #
Malintha ayye W200 ekata sihala danne kohomada ?
by Kasun on 2009 August 7 at pm 11:21. #
ජංගම දුරකථනයෙන් සිංහල කියවන්න පුළුවන් මෙන්න මේ විදිහට font නොදා….
http://www.facebook.com/note.php?note_id=131113631735
1) මුලින්ම Opera mini browser එක ඔබේ ජංගම දුරකතනයට download කරගන්න ( http://mini.opera.com)
2) ඊ ලඟට ඒකේ address bar එකේ about:config හෝ opera:config කියලා type කරන්න
3) ඊට පස්සේ එකේ advance settings එනවා….
4) මේ සමඟ අමුණා ඇති එකේ පරිදි use bitmap font for complex script “YES” කරන්න
එච්චරයි……දැන් ඔබට mobile එකෙන් සිංහල කියවන්න පුළුවන්…
by Saman rathnayake on 2009 September 16 at pm 5:06. #
mama font eka demma. mage phone ekei apps walai akru eka ganatama lokui.wisadumak thiyanawada?
by sam on 2010 December 18 at am 9:47. #
ඔය ප්‍රශ්නෙ මටත් වුණා. ඒක වුණේ නම් Chinese Firmware එක නිසා. Firware එක Western එකකට මාරු කළාට පස්සෙ ඔය ගැටලුව ආවෙ නෑ.
by Malinthe Samarakoon on 2010 December 18 at am 9:51. #
kohomada western ekata maru karanne ?
by sam on 2010 December 18 at pm 10:53. #
දැන් නම් මගෙ ළඟ ඒ ෆෝන් එක නෑ මචං. ගූගල් පාරක් දාල බලන්න වෙයි.
by Malinthe Samarakoon on 2010 December 18 at pm 10:57. #
[...] ජංගම දුරකතන තුල සිංහල යුනිකෝඩ් භාවිතය (උපකාරක පුරුක) [...]
by Techකතා දෙවන වැඩසටහන, පැන-විසදුම් සහ ලංකාවේ හැදූ පරිගනක ක්‍රීඩා… - Techකතා on 2011 February 8 at pm 11:42. #