වර්ඩ්ප්‍රෙස් 2.6.5
by Malinthe Samarakoon on November 26, 2008
වර්ඩ්ප්‍රෙස් 2.6.5 නිකුත් කළා. මෙමගින් එක් ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් සහ තවත් ගැටළු කිහිපයක් විසඳා තිබෙනවා. සියලු පරිශීලකයන් 2.6.5 වෙත යාවත්කාල කරන ලෙසයි නිර්දේශ කර තිබෙන්නෙ. ඔබ සිංහල අනුවාදය පාවිච්චි කරනවා නම් එහි නව අනුවාදයත් http://si.wordpress.org මගින් ලබාගන්නට පුළුවන්.
තවත් විශේෂ කාරණයක්. වර්ඩ්ප්‍රෙස් 2.6.4 නමින් සාවද්‍ය අනුවාදයක් පැතිර ගියා නිසා 2.6.4 නිකුත් කෙරෙන්නේ නැහැ. 2.6.4 වශයෙන් නිළ අනුවාදයක් නැහැ. කෙටියෙන් කියනවා නම් 2.6.4 වෙත යාවත්කාල කරන්න එපා. එහෙම එකක් නැහැ
One comment
අපොයි මාර ඇනයක් මේ හැම තිස්සෙම අප්ඩේට් එන එක, මගේ කම්මැලිම වැඩේ මේක අප්ඩේට් කරන එක
by කාලිංග on 2008 November 29 at am 10:12. #