UPS
by Malinthe Samarakoon on December 27, 2008
මගේ UPS එක මේ දවස් වල අල වෙලා තියෙන්නෙ. හේතුව නම් මං දන්නෙ නෑ. වෙනදා විදුලිය නැතිවුණාම විනාඩි විස්සක් විතර දුවන එක දැන් විනාඩියක් යන්න කලින් කඩාගෙන වැටෙනවා. මාර වදයක්. වෙලාවකට නම් විනාඩි දෙකක් විතර තියෙනවා. ඒත් බොහෝ විට වෙන්නෙ දඩිබිඩිං ගාලා ඕෆ් වෙලා යන එක තමා. ඉතින් කරන්ට් ගියාම හනි හනිකට විවෘත කරලා තියෙන ඒවා වහගන්න ඕන. ඒ ටික කරනකොට ඉතින් වෙලාව හරි.
මගේ ඉස්සරහා තියෙන ටීවී එකේ අපි නොදන්න ලයිව් යනවා. මේක ඉස්සර නම් ෂෝක්. දැන් ටිකක් අල වෙලා තියෙන්නෙ
මේ රේඩියෝව නම් නියමයි. වීඩියෝ බලන්නෙ නෑ ඉතින් බෑන්ඩ්විත් ප්‍රශ්න හින්දා. ඔව් ඉතින් 7GB තියෙනවා තමා ඒත් ඉතින් ඒක රැකගන්න එපැයි
2 comments
බැටරියේ කලේ හරි වගේ යලුවා…එකයි එහෙම වෙන්නේ…අලුතින් ඒ ජතියෙම බැටරියක් දාගන්න…
by namaldanushka on 2009 August 3 at am 11:01. #
@namaldanushka: ඔව් ඒක තමයි. දාගන්න ඕන වෙලාවක
by Malinthe Samarakoon on 2009 August 5 at pm 10:47. #