ඔන්න ඉතින් අද වින්ඩෝස් 7 බීටා එක දැම්මා ආයෙ. කලින් දාලා තිබ්බෙ 6801 නෙ. ඊයෙ කාලිංග එව්ව තැටියෙන් 7000 දැම්මා. ගොඩක් හොඳ පාටයි. ඩ්‍රයිවර ස්ථාපනය වීම එහෙම වින්ඩෝස් අප්ඩේට් හරහා සිද්ධ වෙනවා. දැනට වැඩ නොකරන්නෙ ටීවී කාඩ් එකේ ශබ්ද විතරයි. අනික්වා අවුලක් නැතුව වැඩ (වගෙයි) – පොඩි ගාටන ගතියක් තියෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.

fight-censorමේ අස්සෙ තමයි මේ චිත්‍රපට වැඩේ වුණේ. චිත්‍රපටය The Last Samurai. මං කැමති චිත්‍රපටයක්, ඩීවිඩී එක බලලා තියෙනවා. ටොම් කෲස් තමයි ප්‍රධාන චරිතය. ඉතින් අද මේක සිරසෙ විකාශය වෙනවා. මං ටීවී කාඩ් එක අටවලා බලනකොට තමයි දැක්කෙ ඒක යන වග. ඉතින් ටිකක් වෙලා ඔහොම බලාගෙන ඉඳිද්දි නියම වැඩක් වුණා. Last Samurai කියන්නෙ යුද චිත්‍රපටයක්නෙ. ඒකෙ පළවෙනි සටනෙදි මෙන්න බොලේ එකපාරට එක එක කොටස් කළු සුදු කොටු දාලා වැහෙන්න ගත්තා :O

බැලින්නම් කඩුවකින් පහර දෙන අවස්ථා වලදි වගේ තමයි මෙහෙම කොටු වැටෙන්න ගත්තෙ! මං අන්දමන්ද වෙලා බලාගෙන හිටිය. මල්ලි ඇහුවා ‘යුද්ද කරන ගමන් සිගරට් බොනවවත්ද’ කියලා. මොකද කලින් එහෙම කොටු කොටු දාන්න ගත්තෙ මත්පැන් සිගරට් වගේ ඒවටනෙ.

තවත් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊළඟට සමුරායි ගමට පහරදෙන දර්ශනයක් තියෙනවා. ඒකටත් ඒ සංසිද්ධියම තමා. ගහගන්න ටික පෙනල්ලා කඩුවකින් අනින තැනට, ඊතලය ඇනෙන තැනට කොටු කොටු දාන්න ගත්තා. මටයි මලයටයි පණ යන්න හිනා :D සමහර තැන්වල සද්දෙ ඇහෙද්දි කොටු දිහා බලාගෙන ඉන්න ඕන.

මෙහෙම චිත්‍රපටයක් බලලා ඇති වැඩක් තියෙනවද මං අහන්නෙ?

No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත