කලකට පස්සේ – එක එක දේවල්

by Malinthe Samarakoon on January 24, 2009

හික් ගොඩ කලකින් ලිව්වෙ නෑ මුකුත්. දැන් ඉතින් ආයෙත් ලියන්න යන්නෙ ‘ලියන්න බැරිවුණාට දුකයි etc etc’ – මේක නම් කිසිම තේරුමක් නැති වැඩක්. නිතර නිතර සති ගාණක් නොලියා ඉඳලා එකපාරටම ලියන්න පටන්ගන්නෙ අනේ සමාවෙන්ඩ ලියන්න බැරිවුණානෙ කියලා. මොන කෙහෙල්මලක්ද :D

දැන් නිතර නිතර කොළඹ යැවෙනවා. අදත් ගිහින් ආවෙ පොඩි වැඩ වගයකට. මං සාමාන්‍යයෙන් අකමැති නගරයක් තමයි කොළඹ. ඒත් ඉතින් දැන් ටික ටික පුරුදු වේගෙන එනවා වගේ. තව ටික දවසක් යනකොට කොළඹ නැතිව බැරිවෙයිද මන්දා :O

මොබිටෙල් එකේ තත්ත්වය නම් ගොඩක් හොඳයි දැන්. ඉස්සර වගේ හැම මාසෙම බිල ආවම ඔළුව අවුල් කරගන්න අවශ්‍ය නැති වෙයි (කියලා හිතෙනවා) දැන් මාසෙට ගිගාබයිට් 7ක් තියෙනවනෙ. මේ මාසෙ (24) දිනට පාවිච්චි කරල තියෙන්නෙ ගිගාබයිට් 3.5 ක් විතරයි. සමහරු අනාවැකි කිව්වෙ මාසෙට 7 අනිවාර්යයෙන් පනිනවා කියලා. කියන්න බෑ මොනව වෙයිද කියලා. වේගය ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නෑ. කොළඹට කිරි ගමට කැකිරි වගේ මෙහෙට 1mbps වගේ වේගයක් තමා එන්නෙ. කොළඹදි නම් 2mbps විතර එනවා කියලා ආරංචියි. ඒත් ඉතින් මේ මදෑ.

තවම ADSL නැති එක නම් පුදුම පාඩුවක්. ඒ ගැන කතාකරලා වැඩක් නෑ.

ඕන්න ඉතින් අපේ කාලිංග ක්‍රෝම් වලට මාරුවෙලා ටික දවසකට පස්සෙ මාත් දැන් ක්‍රෝම් වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. මට මෙච්චර දවස් ඇඩ් බ්ලොක් කරගන්න විදියක් නැතිව හිටියෙ ක්‍රෝම් වල. එතකොට තමයි කාලිංග කිව්වෙ HOSTS ගොනුවක් මගින් ඇඩ් බ්ලොක් කරලා දාන එක ගැන. මේ ක්‍රමය හින්දා දැන් අවුලක් නැතිව ක්‍රෝම් පාවිච්චි කරනවා. දැන් දාලා තියෙන්නෙ 2.0.158.0. මං ෆයර්ෆොක්ස් පාවිච්චි කරන කාලේ ඉඳන් දැන්වීම් අවහිර කරන හින්දා මේකෙත් ඒක නොකර බෑනෙ :D

කොහොම වුණත් ඇඩෝන සහය ටිකක් දියුණු වෙන්න ඕන. මං ෆයර්ෆොක්ස් වල පාවිච්චි කරන අත්‍යාවශ්‍යම ඇඩෝන දෙකක් තියෙනවා. Firebug සහ Web Developer Toolbar.

කොහොම වුණත් ක්‍රෝම් වල පොඩි අවුල් දෙක තුනකුත් දැක්කා. දැනට තියෙන එක ප්‍රශ්නයක් තමයි spacebar එකෙන් පිටුව ස්ක්‍රොල් කරන්න බැරි එක. ඔන්න ඒක වැඩ :P මට පිස්සුද කොහෙද! අනික ටැබ් වල මාතෘකා නැතිවෙන එක. තාම ඉතින් සංවර්ධන මට්ටමේ හින්දා වෙන්න ඇති.

ඒ අස්සෙ Windows 7 එකේ 6801 දාලා බැලුවා. (7000 නෙවෙයි) මගෙ මැසිම කසිකබලක් තමයි ඒත් ඉතින් මේක එච්චරටම අවුලක් නෑ. විස්ටා වලට වඩා සුළු වශයෙන් වේගවත් ගතියක් දැනෙනවා ඒත් විස්ටා වලට වඩා ගොඩක් හිතට ඇල්ලුවා. මේක දාන්න අප්ග්‍රේඩ් එකක් දෙන්නත් හිතෙනවා දැන් නම්!

අදට ඇති. හික්.

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

2 comments

mamath windows 7 demma namuth adsl veda ne mata puluvannam udau karanawada

by rahula on 2009 January 26 at pm 10:59. Reply #

7GB නම් ඉතින් හොදටම ඇතිනේ. මමත් ඉතින් මේ දිනවල ඔය එක එක දේවල් අත්හදා බලනවා. Chrome ගැනනම් අළුතෙන් මොකුත් කරගන්න බැරි වුනා, මොකද තාම මට Firefox වල Addon ටික නැතිව වැඩ ටික කරගන්න අමාරුයි.

by රුක්ෂාන් on 2009 January 29 at am 8:04. Reply #

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.