නැවතත් නිවසට

by Malinthe Samarakoon on January 10, 2009

හනේ ඉතින් ඇති යාන්තම් දැන් ගෙදර. man it feels good to be home :D ආපු ගමන් නාගත්තා. පිස්සෙක් වගේ හිටියෙ, හික්. මේ බස්වල යන එක නම් හරියන වැඩක් නෙවෙයි. මාතර ඉඳන් ආපු බස් එකේ නම් වැඩිහරියක් නිදාගෙන ආවෙ. පිටකොටුවෙන් නුවර බස් එකට අද ටිකක් සෙනග වැඩියි. කෝච්චි නැති හින්දා වෙන්න ඇති මං හිත්නනෙ.

අනේ ඉතින් අදත් උදේ පාන්දර නැගිටගෙන වැනි වැනී ලෑස්ති වෙලා ස්ටේසමට යනකොට එතන අල. ඊටපස්සෙ එවෙලෙම ආපු බස් එකකින් මාතර බස් ස්ටෑන්ඩ් එකට ආවෙ. බස් එකෙන් බහින්න ගිහින් තව පොඩ්ඩෙන් හොම්බකට සමතලා කරගන්න වෙනවා. හේතුව බස් එකට නගින්න විස්සක් තිහක් පොරකාපු හින්දා. බහින්න විදියකුත් නෑ නගින්න විදියකුත් නෑ. ඉස්සරහා දොරේ හිටපු අංකල් කෙනෙකුට තදවෙලා කුණුහරුප වැලකින් සංග්‍රහ කළා ඒත් ඉතින් වැඩේ හරිගියේ නෑ. කොන්දොස්තර අයියා බස් එක යන්නෙ නෑ කියලා සද්දයක් දැම්මත් වැඩේ හරිගියේ නෑ. කොහොමහරි ඉතින් අමාරුවෙන් බැහැගත්තා. තඩි බෑග් එකකුත් උස්සගෙන හින්දා වැඩේ කරදරයි. කොළඹට එනකල්ම නිදාගත්තු එකයි වැඩේ.

පිටුකොටුවෙත් අම්බානක සෙනග, ඒ මදිවට රස්නෙ. සෙනග වැඩි නිසා සහ වෙලාව ගතවෙන නිසා දෙවෙනි බස් එකට කොහොමහරි නැගගත්තා. මං අහුවුණු මුල්ම සීට් එකේ වාඩිවුණා. එහාපැත්තෙ හාමුදුරුනමක්, අනිත් පැත්තෙ මහත අංකල් කෙනෙක්. ඉඩ මදියි. මං ඉතින් හරි අමාරුවෙන් ආවෙ. :D අයිපොඩ් එක ගන්නවත් හෙලවෙන්න විදියක් නෑ. ඉතින් පොඩි විවේකයක් ගන්න බස් එක නවත්තපු වෙලාවෙ තමයි ඒකත් එළියට ගත්තෙ. ඊටපස්සෙ ටිකක් හරිබරි ගැහිලා වාඩිවුණා. හයියෝ එපාවෙනවා ඒත් ඉතින් මක් කරන්නද…

ම් ඉතින් ඔච්චර තමයි. ගෙදර ආපු ගමන් නාගෙන විදුලිය අවශ්‍ය උපකරණ වලට චාජ් වෙන්න විදුලියත් දීලා වාඩිවුණේ මේක ලියන්න. ඒ ගමන හොඳවැයින් තේ කෝප්පයකුත් බිව්වා. රට වටෙන්ම තේ බිව්වා, ඒත් ගොඩක් ඒවා හරිගියේ නෑ :D යථා කාලයේදී පින්තූර ටිකක් දාන්න බලඤ්ඤං. එන ගමන් නම් කිසිම දෙයක පින්තූර ගත්තෙ නෑ ;)

Related posts - ආශ්‍රිත ලිපි:

  1. ඉන්සයිට් එක

Leave your comment

Required.

Required. Not published.

If you have one.

Notify me of followup comments via e-mail. You can also subscribe without commenting.