චිත්‍රපටවල සටන් දර්ශන කැපීම
by Malinthe Samarakoon on January 31, 2009
ඔන්න ඉතින් අද වින්ඩෝස් 7 බීටා එක දැම්මා ආයෙ. කලින් දාලා තිබ්බෙ 6801 නෙ. ඊයෙ කාලිංග එව්ව තැටියෙන් 7000 දැම්මා. ගොඩක් හොඳ පාටයි. ඩ්‍රයිවර ස්ථාපනය වීම එහෙම වින්ඩෝස් අප්ඩේට් හරහා සිද්ධ වෙනවා. දැනට වැඩ නොකරන්නෙ ටීවී කාඩ් එකේ ශබ්ද විතරයි. අනික්වා අවුලක් නැතුව වැඩ (වගෙයි) – පොඩි ගාටන ගතියක් තියෙනවා ඒකට ඉතින් කරන්න දෙයක් නෑ.
මේ අස්සෙ තමයි මේ චිත්‍රපට වැඩේ වුණේ. චිත්‍රපටය The Last Samurai. මං කැමති චිත්‍රපටයක්, ඩීවිඩී එක බලලා තියෙනවා. ටොම් කෲස් තමයි ප්‍රධාන චරිතය. ඉතින් අද මේක සිරසෙ විකාශය වෙනවා. මං ටීවී කාඩ් එක අටවලා බලනකොට තමයි දැක්කෙ ඒක යන වග. ඉතින් ටිකක් වෙලා ඔහොම බලාගෙන ඉඳිද්දි නියම වැඩක් වුණා. Last Samurai කියන්නෙ යුද චිත්‍රපටයක්නෙ. ඒකෙ පළවෙනි සටනෙදි මෙන්න බොලේ එකපාරට එක එක කොටස් කළු සුදු කොටු දාලා වැහෙන්න ගත්තා :O
බැලින්නම් කඩුවකින් පහර දෙන අවස්ථා වලදි වගේ තමයි මෙහෙම කොටු වැටෙන්න ගත්තෙ! මං අන්දමන්ද වෙලා බලාගෙන හිටිය. මල්ලි ඇහුවා ‘යුද්ද කරන ගමන් සිගරට් බොනවවත්ද’ කියලා. මොකද කලින් එහෙම කොටු කොටු දාන්න ගත්තෙ මත්පැන් සිගරට් වගේ ඒවටනෙ.
තවත් ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊළඟට සමුරායි ගමට පහරදෙන දර්ශනයක් තියෙනවා. ඒකටත් ඒ සංසිද්ධියම තමා. ගහගන්න ටික පෙනල්ලා කඩුවකින් අනින තැනට, ඊතලය ඇනෙන තැනට කොටු කොටු දාන්න ගත්තා. මටයි මලයටයි පණ යන්න හිනා
සමහර තැන්වල සද්දෙ ඇහෙද්දි කොටු දිහා බලාගෙන ඉන්න ඕන.
මෙහෙම චිත්‍රපටයක් බලලා ඇති වැඩක් තියෙනවද මං අහන්නෙ?
No Related Posts - ආශ්‍රිත ලිපි නොමැත
19 comments
මේක වෙන්නෙ,
ලංකාවෙ කිසිම තැනක මිනී මරන්නෙ නැති නිසා නෙව. ලේ හලන්නෙ නෑ. සිල්වත් ගුනවත්. යුද්ද නෑ. ඉතින් ඒ වගේ සාන්ත දාන්ත අපේ හිත් හෙල්ලෙනවට රූපවාහිනී දසුන්වල වත් ඒවා පෙන්නන්නෙ නෑ කියල රට කරවන උතුමන් තීරනය කරන්න ඇති. අනික දැන් බලන්න, ලේ බින්දුවක් නොසොල්ලා යුද්දයකුත් කරන රටක් නෙ මේක. ඉතින් ඒකට හරියන්න තියෙන්න එපාය රූපවාහිනිය?
by Anandawardhana on 2009 January 31 at pm 1:09. #
බඩුම තමයි.
by මුහම්මද් හසන් on 2009 January 31 at pm 2:06. #
හපොයි දෙයියනේ ලංකාව වගේ සාමකාමී බෞද්ධ රටකට ගැලපෙනවයැ ඔය වගේ දරුණු දේවල් තියෙන චිත්තරපට?
ඕව දැකල මෙහේ මිනිස්සුත් ඔයි වගේ දරුණු කිරියා කොරන්න පුරුදු උනොත් එහෙම ?
by ප්‍රවීන් ඉන්ද්‍රනාම on 2009 January 31 at pm 2:38. #
හික් ඉස්සෙල්ල TV එකේ බලලා සටන් ටික බලන්න DVD එක ගෙනැල්ල බලන්න ඕන.
by පහන් on 2009 January 31 at pm 3:06. #
මෙලෙස කරන්නේ මහරාජා ආයතනයේ චැනල වල පමණයි. ඔවුන්ට විතරක් බලපාන නීතියක් තිබිය නොහැකි නිසා අප මෙය තේරුම් ගත යුත්තේ “කන්න ඕන වූ විට කබරගොයාත් තලගොයා කරගන්නා” වැඩක් බවයි. එනම් ඔවුන් මෙය යොදා ගන්නේ රජය විසින් පැනවූ නීතියක් මගින් රජය කෙරෙහි ජනතාව තුළ අප්‍රසාදය ඇති කරවීමටයි. මෙවන් අවස්ථා වල දර්ශනය අවහිර කිරීමෙන් ජනතාව රජය කෙරෙහි අප්‍රසාදයට පත් කිරීම ඔවුන්ගේ එකම අරමුණයි.
by pdfexpress on 2009 January 31 at pm 3:35. #
ඇත්තද? මම tv අතෑරලා ගොඩක් කල්. බලන්න කියල හරි බමබුවකුත් නෑනේ . හැබැයි ඉතින් ඒකෙ බලන ඒව ඔක්‌කොම net එකෙන් බලනව
by Dili on 2009 January 31 at pm 6:00. #
රජය පැනවූ අප්‍රසාදජනක හා ජුගුප්සාජනක නීති නිසා තමයි මෙහෙම තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. ඒක තවත් උලුප්පා පෙන්වන්න මහරාජා ආයතනය කටයුතු කරන එක හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ. ඒකෙන් මේ විහිලු නීතියට යන්න පුලුවන් දුර එලි වෙනව. නීතිය පනවාපු අය හාස්‍යයට ලක් වෙනවා. හොඳ වැඩේ! ඉල්ලගෙන කනව කියන්නෙ මේවට තමයි
by Anandawardhana on 2009 January 31 at pm 6:25. #
by kasun on 2009 February 1 at am 10:58. #
ඒක තමා. හොන්දම හරියට එනකොට කොටු… කොටු…. නිකන් සිරසෙ ප්‍රවෘත්ති වගේ. පැයකට 5-6 ප්‍රවෘත්ති යනව සමහර වෙලාවට.
by Malinda on 2009 February 1 at am 11:38. #
කතාව නම් ඇත්ත තමයි..ඒත් ඕක වෙන්නෙ සිරසෙ විතරද?
by ශාලික on 2009 February 1 at pm 12:17. #
@ශාලික: දන්නෙ නෑ, මං දැක්කෙ සිරසෙ විතරයි දැනට. කොහොමත් මං වැඩිය ටීවී බලන්නෙ නෑනෙ
by Malinthe Samarakoon on 2009 February 1 at pm 12:20. #
ඔය විකාරෙ කරන්නේ සිරසෙ විතරයි. සමහර විට ඔළුව වැඩි නිසා වෙන්න ඇති.
by රුක්ෂාන් on 2009 February 1 at pm 7:02. #
හික් හික්..ඒක හරි ශෝක් වැඩේ නේ.. ඉස්සරහට ටීවී වල කොටු විතරක් තියෙයිද මන්දා…!
by malee_msg on 2009 February 2 at am 10:52. #
@රුක්ෂාන්: commment එක ස්පෑම් වලට ගිහින් තිබ්බා, දැන් දැක්කෙ
by Malinthe Samarakoon on 2009 February 2 at pm 12:18. #
දුක් සීන් එකක් තමයි!
by මම මචන් on 2009 February 2 at pm 4:05. #
@ ආනන්දවර්ධන,
රූපවාහිනියෙන් චිත්‍රපටියක් නරඹන අතරතුර යම් දර්ශන වෙනුවට කොටු මෝස්තර පෙන්වීම නිසා පවතින රජය අප්‍රසාදයට පත් වේ යැයි සිතිය හැක්කේ අඥානයෙකුට පමණයි. “සිරස” එසේ කල්පනා කරනවා නම් එය සියතින් තම සිරස සිඳලීමක් වේවි. කොහොමටත් රජය පැනවූ නීතිය -එනම් බිහිසුණු ලෙස මිය ගිය අයගේ සිරුරු රූපවාහිනියෙන් ප්‍රදර්ශනය නොකරවීම- ඉතා ශ්‍රේෂ්ටයි. එය මියගියවුන්ට කරන ගෞරවයක්. අනෙක් අතට රූපවාහිනිය නරඹන ළමුන්ට කරන යහපතක්. 2006/07 කාලයේ මා රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය නැරඹීමෙන් වැලකී සිටියා, මොකද ඒ දවස්වල නිතරම බෝම්බ පිපිරුම්වලින් මියගිය අයගේ සිරුරු ප්‍රදර්ශනය කළ නිසා. එවැනි දර්ශන මාගේ කුඩා පුතු තුළ කැලඹීමක් ඇති කරන්න ඉඩ තිබුණා.
ඇමරිකාවේ 9/11 ඛේදවාචකයෙන් මියගිය එක් අයෙකුගෙවත් සිරුරක් තබා ඉන් කොටසක්වත් නොපෙන්වීමට තරම් ඒ රජය උත්සුක වූ බව අමතක කරන්න නරකයි.
by ප්‍රඥාවර්ධන on 2009 February 3 at am 7:36. #
මම දන්නෙ නෑ වෙන කොහෙවත් මේක වෙනවද කියල. දැන් පිටකොටුවෙ බස් වලට නගින සමහර වෙළඳ මහත්තුරු vcd එකක් විකුණනවා. උතුරේ යුද්ධය බලන ගමන් රණ විරු ගී අහන්න කියලා.
by H on 2009 February 4 at pm 8:14. #
චිත්‍රපට කපා කොටා(කොටු කොටු චිත්‍රපට)පෙන්වන්නේ(ආන්ඩුවෙන් නියම කළ)සදාචාරය..? රැකගැනීමට නම් පළමුව දේශපාළුවන්ගේ , රෑප=(හොර -මිනීමරැ-ස්ත්‍රී සහ සමාඡ දූෂක-අති වියරැ-පාතාල-මුග්ධ-වංචනික) සහ කථා =(බොරැව-අපහාසය-මුළාව-ඡුගුප්සාව-දාමරික හා දෙපැත්ත කැපෙන) සහමුළුන්ම වාරණය කරනු !.
අවර්ණ රසිකයෙක්/සමන්
by සමන් on 2009 February 12 at am 11:53. #
sirsa kohomath karane thakkadi weda oka upangei ledak
by lakmal on 2009 March 23 at pm 4:12. #